Cichlid Fish vs Catfish - පැවැත්ම සඳහා සටන!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Cichlid Fish vs Catfish - පැවැත්ම සඳහා සටන!

    මේ Cichlid Fish කියන මාළු අම්මා බිත්තර දාලා ඒවා ආරක්ෂා කරනවා. :yes: ඒ කියන්නේ තව කවුරුහරි මාළුවෙක් ඒවාකන්න එනවනම් මෙයා කරන්නේ ටක්ගාලා කට ඇතුලට ගන්න එක. :love: මේගොල්ලන්ව ඉලක්ක කරගෙන Catfish මාළුවා ඉන්නනේ කොයිවෙලාවේ හරි රංචු පිටින් ඇවිල්ලා මේ ගොල්ලන්ගේ බිත්තර කන්න. :growl: රංචුවක් එක පාරට එද්දී මේ මාළු අම්මාට එයාගේ බිත්තර ටික ආරක්ෂාකර ගන්න බැරිවෙනවා! :( මෙතෙන්දි Catfish ඒගොල්ලන්ගේ බිත්තර දානවා. :eek: එතකොට අර අම්මා හිතන්නේ ඒවත් එයාගේ බිත්තර කියලා! :sorry:


    :eek: :eek: :eek:

    කෙටියෙන් කිව්වොත් මේ Cichlid Fish කියන මාළු අම්මා මෙයාගේ බිත්තර කියලා හිතාගෙන Catfish කියන මාළුවගේ බිත්තරත් කටේ තියාගෙන රකිනවා. :baffled: ඒත් මුලින්ම Catfish ගේ බිත්තර පුපුරලා පැටව් එලියට එනවා. :dull: පස්සේ තමයි Cichlid ගේ බිත්තර පුපුරන්නේ. ජරා වැඩේ කියන්නේ මේ මාළු අම්මාගේ පැටැව්ටික අර Catfish ටික කට ඇතුලෙදිම කන එක! :angry: නිසි කාලේ ආවාම අම්මා කට ඇරලා පැටැව්ටික එළියට දාද්දි එන්නේ ඔක්කොම Catfish ටික! :oo: හරියට නිකන් Horror Movie එකක වගේ! :shocked: අර අම්මා පිළිගන්න ලෑස්ති නෑ මේ එයාගේ පැටැව් නෙවේ කියලා! :( එයාගේ පැටැව්කියලා හිතාගෙන කදරයකදී ඒගොලන්ව ආරක්ෂා කරන්න ආයේ එයාගේ කට ඇතුලටත් ගන්නවා! :sorry: