Condoms available in Sri Lanka

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අතට අතදිම/පොදු වැසිකිලි භාවිතය/පිහිනුම් තටාක/හැදි ගෑරුප්පු හවුලේ භාවිත කිරිම/සිපගැනිම/කිවිසිම හා කැස්ස වැනි එදිනෙදා ජිවිතයේ කටයුතුවලදී HIV බෝවිමේ ඉඩක් තිබේද?

    නැත. HIV යනු වාතය, ජලය හෝ ආහාර මගින් පැතිරෙන රෝගයක් නොවේ. මිනිස් සිරුරෙන් පිටත වැඩි වේලාවක් සජිවීව සිටිමට ද එම වයිරසයට නොහැක. එම නිසා ඉහත දැක්වු එදිනෙදා කටයුතු මගින් වයිරසය ඒක් කෙනෙකුගෙන් තවත් කෙනෙකුට සම්ප්‍රේෂණය නොවේ.

    පචිච කෙටිම, සිරුර සිදුරු කිරිම, බාබර් සාප්පු ආදිය මගින් HIV පැතිරෙනවාද ?

    මේ අවස්ථාවල භාවිතා කරන උපකරණ රුධිරයෙන් අපවිත්‍ර වී, එක් පාරිභෝගියෙකුගෙන් තවත් කෙනෙක් භාවිතා කිරිමට පෙර නිසි ලෙස විෂබීජහරණය නොකලේ නම් රෝගය බෝවිමේ අවදානමක් පවති.
    බාබර් සාප්පු වලදී සම කැපිමකට ලක් ව ආසාදිත රුධිරය තම රුධිරය හා මිශ්‍ර වුයේ නම් හැරෙන්නට රෝගය බෝ විමේ හැකියාවක් නැත. වර්තමානයේ භාවිත වන කැපුම් තල (බ්ලේඩ්) එක් පුද්ගලයෙකුට පමණක් භාවිතා කිරිමට නිර්දේශිත බැවින් ඒ හරහා රුධිරය ඔස්සේ සම්ප්‍රේෂණය වන HIV හා හෙපටයිටිස් වැනි රෝග බෝවිමේ අවදානමක් නැත.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මදුරුවන් මගින් HIV පැතිරේ ද?

    නැත. මදුරුවන් ලේ උරාබිමේ දී, ඊට පෙර පුද්ගලයන්ගෙන් උරන ලද රුධිරය වෙනත් පුද්ගලයකුගෙ ශරිරය‍ට ඇතුලුකිරිමක් සිදුනොවේ. මදුරුවා මෙහිදි ඛේටය අදාළ පුද්ගලයාගේ ශරිරගත කරන නමුත් ඉන් HIV පැතිරිමේ ඉඩක් නැත.

    මත්ද්‍රව්‍ය ශරිරගත කරගන්නා ඉදිකටු, විෂබීජහරණය නොකර තවත් අයෙකු හා හවුලේ භාවිතා කිරිමෙන් HIV වැළදෙනවාද?

    මෙලෙස රෝගය බෝවිමේ අවදානමක් පවතී. HIV ආසාදිත රුධිරය ඉදිකටුව තුළ හෝ සිරින්ජය තුළ පවතින අතර තවත් අයෙකු එම උපකරණම මත්ද්‍රව්‍යය ශරීරගත කිරිමට භාවිත කළහොත් වයිරස අඩංගු රුධිරය තම රුධිර ධාරාවට එකතුවිමට ඉඩ ඇත.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ගර්භනී කාලයේද හෝ මව්කිරි දිමේ දී රෝගය දරුවාට පැතිරේද?

    HIV ආසාදිත ගර්භනී මවක් දරු ප්‍රසුතියට පෙර ‍හෝ ප්‍රසුතිය අවස්ථාවේ දී, නැ‍තහොත් මවුකිරි දිමේ දෘ තම නුපන් දරුවාට රෝගය සමිප්‍රේෂණයකරයි. මව තමා ආසාදිත බව දන්නේ නමි දරුවාට ආසාදනය පැතිරයාම අඩු කිරිමට ඖෂධ භාවිතා කළ හැක. දරු ප්‍රසුතිය සදහා සිසේරියන් සැත්කමක් යොදාගැනිම හා දරුවාට මවිකිරි දීමෙන් වැලකීම, රෝගය පැතිරිම වැලැක්විමේ තවත් මාර්ග දෙකකි.

    ලේ දන්දිමෙන් හෝ රුධිර පාරවිලයනයකින් පසු HIV ආසාදනය විමේ අවදානමක් තිබේ ද?

    රුධිර පාරවිලයනය සදහා භාවිත වන සැම රුධිර සාම්පලයක් ම වර්තමානයේ දී HIV සදහා පරික්ෂා කෙරේ. මේ නිසා මේ මගින් රෝගය වැළදිමේ ඉඩකඩ ඉතාමත් අවමය.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුරුෂ කොන්ඩමය

    කොන්ඩමයක් යනු කුමක් ද?

    මෙය ප්‍රාණවත් වූ ශිෂ්ණයට සවිවන අයුරින්, රබර් හෝ ලේටෙක්ස් වලින් නිපදවන ලද කොපුවකි.

    එය ක්‍රියා කරන්නේ කෙසේ ද?

    මෙය, ශුක්‍රාණු කාන්තාවගේ යෝනි මාර්ගයට ඇතුල්වීම වලක්වන බාධකයක් සේ ක්‍රියා කරයි.
    නිසි අයුරින් භාවිත කළහොත් 97% කට වැඩි සාර්ථකත්වයක් පෙන්නුම් කරයි.
    මෙය ගබඩා කල යුත්තේ හිරු එලියට නිවාරණය නොවන පරිදි සිසිල්, වියලි ස්ථානයකයි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මින් ලැබෙන වාසි මොනවා ද?

    1. ඉතා ආරක්ෂිත ක්‍රමයකි
    2. HIV/ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාවක් සලසයි.
    3. දීර්ඝකාලීනව ඔබගේ සරුබවට බලපෑමක් ඇති නොකරයි.
    4. එය ඉතා පහසුවෙන් ඕනෑම බෙහෙත් ශාලාවකින් (ෆාමසියකින්) ලබාගත හැක.

    ඔබට ඇතිවිය හැකි ගැටළු මොනවා ද?

    1. ලිංගික සංසර්ගයේ යෙදෙන සෑම වතාවක් පාසාම අලුත් කොන්ඩමයක් භාවිත කිරීමට සිදුවේ.
    2. සෑමවිටම ලග තබාගත යුතු වීම
    3. කලාතුරකින් රබර්වලට හෝ ලේටෙක්ස්වලට ආසාත්මිකතාවන් ඇතිවිය හැක.
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    භාවිත කරන අන්දම

    1. පළමුවෙන් කාලය ඉකුත්වීමේ දිනය පරික්ෂා කරන්න.
    2. පැකැට්ටුව විවෘත කල යුත්තේ දැති සහිත කෙලවරෙන් විය යුතුය. නැතහොත් කොන්ඩමය තුවාල විය හැක.
    3. කොන්ඩමය දිගහැරිය යුත්තේ ලිංගික සංසර්ගය සිදුවන අවස්ථාවේදී පමනි. එහි තත්ත්වය පරික්ෂා කිරීමට ඊට පෙර දිග හැරීමෙන් වලකින්න.
    4. කොන්ඩමය පැලදිය යුත්තේ ප්‍රාණවත් වු ශිෂ්ණයකට පමණි.
    5. කොන්ඩමය පැලදිය යුත්තේ ශිෂ්ණය යෝනි මාර්ගය හා ස්පර්ශවීමට පෙර විය යුතුය. මන්දයත් ශුක්‍රාණු විසර්ජනය වීමට ප්‍රථම නිකුත්වන ශ්‍රාවයේ දී ශුක්‍රාණු පැවතිය හැකි බැවිනි.
    6. පැලදීමේ දී කොන්ඩමය කෙලවර ඇති බුබුල මිරිකා වාතය ඉන් සම්පුර්ණයෙන් ඉවත් කල යුතුය.
    7. කෙලවර බුබුල මිරිකා ගනිමින් ප්‍රාණවත් වු ශිෂ්ණය මත කොන්ඩමය සම්පුර්ණයෙන් දිගහරින්න.
    8. කොන්ඩමය පැළදීමේ දී තෙල්වර්ග, ක්‍රීම් වර්ග, ආලේප නොකරන්න. එමගින් කොන්ඩමයට හානිවිය හැකි බැවිනි. නමුත් ජලයේ දියවන ලිහිසි ද්‍රව්‍ය භාවිත කල හැක.
    9. කොන්ඩමයක් භාවිත කල හැක්කේ එක් වරක් පමණි. එය නැවත නැවතත් භාවිත කල නොහැක.
    10. ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් අනතුරුව ශිෂ්ණය සම්පුර්ණයෙන් යෝනි මාර්ගයෙන් ඉවතට ගෙන ශිෂ්ණය ප්‍රාණවත්ව තිබියදීම කොන්ඩමය ඉවත්කල යුතුය.
    11. කොන්ඩමය භාවිතායෙන් පසු වලලා හෝ පුලුස්සා දැමිය යුතු වන අතර වැසිකිලියට දමා සෝදා හැරිමෙන් වලකින්න.
    12. ලිංගික තෘප්තිය වැඩිකිරීම සදහා විවිධාකාරයෙන් කොන්ඩම වර්ග විවිධාකාර මිල ගණන්වලින් ලබාගත හැක. (විවිධ රසයන්ගෙන් රස ගැන් වු සහ විවිධ සුවදින් යුත් කොන්ඩම හා‍ දැති සහ බුබුලු සහිත කොන්ඩම)

    kingdewi

    Well-known member
  • coollifestyle4u යාලුවේ..

    ගොඩක්ම වැදගත් කරුනු මේව සියලුම දෙනාට..!
    පුංචි අදහසක් කියන්නද? මේ ලිංගික රෝග පිළිබඳ කරුනු අලුත් Thread එකක් පටන් ඇරන් දැම්මොත් මේක නොබලන අනිත් යාලුවොත් බලයි..GT Bro ට කිවුවොත් Sticky Thread එකක් කරාවි..මේක මම දකින විදියට නම් ඒතරම්ම වැදගත්..!

    බොහොම ස්තුතියි යාලුවේ!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පුරුෂ කොන්ඩමයක් භාවිතා කරන අන්දම

    image007%285%29.jpg

    කොන්ඩමයට හානි නොවන ලෙස ප්‍රවේසමේන් පැකැට්ටුවෙන් ‍එළියට ගන්න.

    image005%284%29.jpg

    කොන්ඩමයේ අග ඇති පුඩුවේ රැදී ඇති වාතය ඉවත් කරන්න.

    image003%2814%29.jpg

    හොදින් ප්‍රාණවත් වු ශිෂ්ණය මත කොන්ඩමය පළදින්න.

    image001%2816%29.jpg

    ශුක්‍ර තරලය විසර්ජනය විමෙන් පසුව ප්‍රාණවත්ව තිබියදීම කොන්ඩමය ශිෂ්ණ‍යෙන් ඉවත් කරන්න.

    image009%287%29.jpg

    ශුක්‍රාණු ඉහිරීම වැළැක්වීමට ගැටයක් ගසා, කොන්ඩමය ප්‍රවේසමෙන් කඩදාසියක ඔතා විසි කරන්න.
     
    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    භාවිත කරන අන්දම

    1. පළමුවෙන් කාලය ඉකුත්වීමේ දිනය පරික්ෂා කරන්න.
    2. පැකැට්ටුව විවෘත කල යුත්තේ දැති සහිත කෙලවරෙන් විය යුතුය. නැතහොත් කොන්ඩමය තුවාල විය හැක.
    3. කොන්ඩමය දිගහැරිය යුත්තේ ලිංගික සංසර්ගය සිදුවන අවස්ථාවේදී පමනි. එහි තත්ත්වය පරික්ෂා කිරීමට ඊට පෙර දිග හැරීමෙන් වලකින්න.
    4. කොන්ඩමය පැලදිය යුත්තේ ප්‍රාණවත් වු ශිෂ්ණයකට පමණි.
    5. කොන්ඩමය පැලදිය යුත්තේ ශිෂ්ණය යෝනි මාර්ගය හා ස්පර්ශවීමට පෙර විය යුතුය. මන්දයත් ශුක්‍රාණු විසර්ජනය වීමට ප්‍රථම නිකුත්වන ශ්‍රාවයේ දී ශුක්‍රාණු පැවතිය හැකි බැවිනි.
    6. පැලදීමේ දී කොන්ඩමය කෙලවර ඇති බුබුල මිරිකා වාතය ඉන් සම්පුර්ණයෙන් ඉවත් කල යුතුය.
    7. කෙලවර බුබුල මිරිකා ගනිමින් ප්‍රාණවත් වු ශිෂ්ණය මත කොන්ඩමය සම්පුර්ණයෙන් දිගහරින්න.
    8. කොන්ඩමය පැළදීමේ දී තෙල්වර්ග, ක්‍රීම් වර්ග, ආලේප නොකරන්න. එමගින් කොන්ඩමයට හානිවිය හැකි බැවිනි. නමුත් ජලයේ දියවන ලිහිසි ද්‍රව්‍ය භාවිත කල හැක.
    9. කොන්ඩමයක් භාවිත කල හැක්කේ එක් වරක් පමණි. එය නැවත නැවතත් භාවිත කල නොහැක.
    10. ශුක්‍ර තරලය විසර්ජනය වීමෙන් අනතුරුව ශිෂ්ණය සම්පුර්ණයෙන් යෝනි මාර්ගයෙන් ඉවතට ගෙන ශිෂ්ණය ප්‍රාණවත්ව තිබියදීම කොන්ඩමය ඉවත්කල යුතුය.
    11. කොන්ඩමය භාවිතායෙන් පසු වලලා හෝ පුලුස්සා දැමිය යුතු වන අතර වැසිකිලියට දමා සෝදා හැරිමෙන් වලකින්න.
    12. ලිංගික තෘප්තිය වැඩිකිරීම සදහා විවිධාකාරයෙන් කොන්ඩම වර්ග විවිධාකාර මිල ගණන්වලින් ලබාගත හැක. (විවිධ රසයන්ගෙන් රස ගැන් වු සහ විවිධ සුවදින් යුත් කොන්ඩම හා‍ දැති සහ බුබුලු සහිත කොන්ඩම)

    ethakota ශුක්‍රාණු විසර්ජනය වීමට ප්‍රථම නිකුත්වන ශ්‍රාවයේ දී ශුක්‍රාණු පැවතිය හැකි බැවිනි kiyanne samanyayen ශුක්‍රාණු විසර්ජනය ta kalin eewage ශුක්‍රාණු thiyanawa kiyana ekane. ethakota eekenuth gebganeemak wenna puluwan tharam thiyanwada?
    Gabganeemak wenna kochchara vithara ooneda>? (godak oone nedda?)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    coollifestyle4u යාලුවේ..

    ගොඩක්ම වැදගත් කරුනු මේව සියලුම දෙනාට..!
    පුංචි අදහසක් කියන්නද? මේ ලිංගික රෝග පිළිබඳ කරුනු අලුත් Thread එකක් පටන් ඇරන් දැම්මොත් මේක නොබලන අනිත් යාලුවොත් බලයි..GT Bro ට කිවුවොත් Sticky Thread එකක් කරාවි..මේක මම දකින විදියට නම් ඒතරම්ම වැදගත්..!

    බොහොම ස්තුතියි යාලුවේ!

    :) මම එ ොගන බලන් නම
    ස්තුතියි යාලුවේ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ethakota ශුක්‍රාණු විසර්ජනය වීමට ප්‍රථම නිකුත්වන ශ්‍රාවයේ දී ශුක්‍රාණු පැවතිය හැකි බැවිනි kiyanne samanyayen ශුක්‍රාණු විසර්ජනය ta kalin eewage ශුක්‍රාණු thiyanawa kiyana ekane. ethakota eekenuth gebganeemak wenna puluwan tharam thiyanwada?
    Gabganeemak wenna kochchara vithara ooneda>? (godak oone nedda?)

    Yahaluwatha Me gena wedi Dura wistara dena ganda One nam..
    EK ekay Online chat ekatha enda..

    Man wedi dura karunu pahadala dennam.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොන්ඩමයක් අසාර්ථක විය හැක්කේ කෙසේ ද?

    1. වැරදි හා අක්‍රමවත් භාවිතය
    2. කොන්ඩමය කැඩිම හෝ ලිස්සා ගැලවී යාම

    කොන්ඩමය කැඩීමට හෝ ලිස්සා ගැලවී යාමට හේතු

    1. නියපොතු වලට හසුවීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් ඉරී යෑම
    2. වැඩි කාලයක් පවතින හෝ දැඩි ලිංගික සංසර්ගයන්
    3. බාල තත්ත්වයේ කොන්ඩම භාවිතය
    4. වැරදි ආකාරයෙන් කොන්ඩම පැලදීම හෝ ශිෂ්ණය පිටතට ගැනීමට ප්‍රථම අප්‍රාණික වීම
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොන්ඩමය කැඩුනහොත් හෝ ගැලවී ගියහොත් ......

    1. සංසර්ග ක්‍රියාව නවත්වන්න
    2. භාවිත කරන ලද කොන්ඩමය ඉවතලන්න
    3. සංසර්ගය දිගටම පවත්වාගෙන යාමට අවශ්‍යනම් අලුත් කොන්ඩමයක් භාවිත කරන්න.
    4. ගර්භනීවීමක් පිළිබද සැකයක් පවතී නම් පැය 72ක් ඇතුළත හදිසි උපත්පාලන ක්‍රමයක් භාවිත කරන්න.
    5. ඔබට ලිංගිකව සම්ප්‍රේෂණය වන ‍රෝගයක් පිළිබද සැකයක් ඇත්නම් වෛද්‍යවරයා හමුවන්න.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හදිසි උපත් පාලනය

    හදිසි උපත් පාලනය / ලිංගික සංසර්ගයෙන් පසු ගර්භනී වීම වලක්වා ගැනීමේ ක්‍රම

    හදිසි උපත් පාලනය යනු කුමක් ද ?

    මෙය අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසු ඔබට අනවශ්‍ය ගර්භනී වීමක් වලක්වා ගැනීම සදහා කාන්තාව විසින් භාවිත කල යුතු ක්‍රමයක්වේ.

    හදිසි උපත් පාලනය සදහා භාවිත කරන ක්‍රම මොනවා ද ?

    • හදිසි උපත් පාලන පෙති
    • ලූපය (ගර්භාෂය තුලට ඇතුල් කරන කුඩා උපකරණයක්)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හදිසි උපත් පාලන පෙති

    081125091424-391-526.jpg

    හදිසි උපත් පාලන පෙති යනු ඔබ සාමාන්‍යයෙන් උපත් පාලනයට භාවිත කරන ආකාරයේ ම හෝර්මෝන පෙති වර්ගයකී. නමුත් මෙම අවස්ථාවේ දී භාවිත කරනු ලබන්නේ සාමාන්‍යයෙන් භාවිත කරන මාත්‍රාවට වඩා වැඩි මාත්‍රාවකි.මෙම පෙති වර්ගය ඔබගේ ලිංගික සංසර්ගයෙන් පැය 72ක් (දින 3ක්)ඇතුළත භාවිත කල යුතුය.මෙම පෙති ප්‍රොජෙස්ටරෝන් හෝර්මෝනය පමණක් අඩංගු පෙති ‍හෝ ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරොන් යන හෝර්මෝන වර්ග දෙකම අඩංගු වන පෙති ලෙස දෙවර්ගයකි.

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔබ හදිසි උපත් පාලන පෙති භාවිත කල යුතු වන්නේ කුමන අවස්ථාවලදීද ?

    • වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරන්නේ නම්.
    • ඔබ භාවිතා කරන උපත් පාලන ක්‍රමයක් අසාර්ථක වී යැයි ඔබට සැකයක් පවතී නම්,
      උදාහරණයක් ලෙස
      • ඔබ භාවිත කරන කොන්ඩමය සිදුරු වී හෝ ගැලවී ගියේ නම්,
      • ඔබගේ උපත් පාලන එන්නත ලබාගැනීමට ඔබ නියමිත දිනට වඩා පමා වී සිටින්නේ නම්,
      • ඔබ භාවිත කරන සාමාන්‍ය (දිනපතා)උපත් පාලන පෙති දෙකක් හෝ වැඩිගණනක් මෙම මාසයේ දී ඔබට අතපසු වුයේ නම්,
    • ලිංගික අතවරයකට හෝ දුෂණයකට ලක් වු අයෙක් නම්,