ඒක තමා මටත් තියෙන අවුල. වුනේ මේකයි. එතනට ගියාම පොරක් මම කිව්වා මෙහෙම පාර්සලයක් ගන්න අවේ කියලා. පස්සෙ මොකක්ද කියල අහලා කියක් වුනාද කියලා අහුව්වා.
මම සපත්තු 2ක් 17ක් විතර වුනා කියලා. පස්සෙ ඌ කිව්වා ඔකට 5000ක් විතර වදි කියලා.
මම පස්සෙ පොඩ්ඩක් බර බරේ දැම්මා එච්චර වැඩිනේ අනන් මනන් කියලා. පස්සෙ ඌ කිව්වා එක්දාස් ගාණකට බිල දාලා දෙන්නම මහත්තයට කියලා ගාණ අහුවොත් දන්නෙ නැ කියන්න කියලා.
කොහොම හරි මගේ පර්සලෙත් හැන්ඩ්ල් කරේ පොරම තමා. පස්සෙ මට කිව්වා බිල් 1 දැම්මෙ 800 ගාණකට කියලා.
value due to sender + money order commission + customs duty + B.T.T කියන එවාට තමා ගණන් දාලා තිබ්බෙ අන්තිම එකතුව 806යි. එන්න කලින් ඉතින් පොරගෙ අතට මම 500ක් දිලා අවා කරපු උදව්වට. උත් ඒක බලාපොරොත්තු වුනා

මට දැනගන්න ඔනේ කොහොමද ටැක්ස් වදින්නේ කියලා. හාණ්ඩේ ගාණටද බරටද කොහොමද කියලා.