අනෙක් අය ගැන කතා නොකර මම ගැන කියන්නම්. විශ්වාස කරන එකක් නෑ. මම මේ වනතුරු ෂැම්පේන් එකක් වත් බීලා නෑ. බීම කියන එක මගේ හිතකවත් නෑ. බීමට විරුද්ධත් නෑ. බොන එක බොන අයගේ අයිතියක්.
ක්‍රීඩකයෝ දේශපාලනයට එනවා. මාලිංගත් එයිද පසුකාලීනව?
කවදාවත් නෑ. මම දේශපාලනය වගේ උතුම් දෙයක් කරන්න සුදුසු නෑ. දේශය පාලනය කරන්න මම කවුද? කවදාවත් එන්නේ නෑ.
ඔබ පන්දුවට වැඳලා බෝල දාන්නේ ඇයි?
පන්සල් නොගියාට මම හොඳ බෞද්ධයෙක්. පන්දුවට වඳින්නේ, ඒක තමයි මට මේ තත්ත්වයට එන්න උදව් කළේ. කන්නේ, බොන්නේ, මේ විදියට හොඳ ජිවිතයක් ගෙවන්නේ, ඒ පන්දුව හින්දා. මම මට වඩා ක්‍රිකට්වලට ආදරෙයි. ඒක මාව ජීවත් කරනවා. මොකද ජීවත් වෙන්න අවශ්‍ය හැම සම්පතක්ම මට ලැබුණේ මේ පන්දුවෙන්. ඉතින් ඒකට වැඳීම පවක්ද?
ක්ෂේත්රයේ කතාවක් තියෙනවා, ඔබ මාපියන්වත් විදෙස් සංචාරවලට රැගෙන යනවා කියලා.
ඔව්! අපි වගේම ඒ අයත් රටක් තොටක් දකින්න ආසයි. මේ මට යමක් කළ හැකි කාලය. ඉතින් මම සෑහෙන රටවල්වලට ඒ අයත් රැගෙන යනවා. මගේ වියදමින් ඒ දේවල් කරන්නේ. ඒ අය සතුටු කිරීම මම කරන්නම ඕනෑ. ලසිත් මාලිංග කෙනෙක් ඇති කළේ ඒ අය.
මොනවා හරි කියන්න කිව්වොත් ඔබ දෙන උපදෙස මොකක්ද කාට හරි.
අනෙක් අයගේ දියුණුව සතුට බලලා සතුටු වෙන්න කිව්වාට එක කරන්න අමාරු දෙයක්. මම කියන්නේ ඒක කරන්න බැරි වෙන්න පුළුවන්. අන් අයට ඉරිසියා නොකර අනුන්ගේ දේවල් හොයන්නේ නැතිව පාඩුවේ ඉන්න කියලායි. එකම ලොකු සේවයක්.■
(උපුටා ගැනීම රාවය ටිරන් කුමාර බංගගමආරච්චි)