තමීම් ඉක්බාල් සහ ඉම්රුල් කයෙස් යන බංගලාදේශ පිතිකරුවන්ට තරග මුදලින් 15% බැගින් වන දඩ නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය තීරණය කොට ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දී සිදු කළ ජාත්‍යන්තර ක්‍රිකට් නීති උල්ලංඝනය කිරීමක් මීට හේතු වී තිබේ
“කඩුල්ල මුවා කිරීමේ ඉල්ලීමක දී තමීම්, තමන්ගේ පිත්තේ පන්දුව වැදුණු බව පෙන්වමින් තම පිත්ත විනිසුරු වෙත දිගු කරනු ලැබුවේය”. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය මාධ්‍ය නිවේදනයෙන් එසේ නිවේදනය කළේය.
“පන්දු රකින අන්තයේ දී උඩ පන්දුවක් රැක ගත් බවට කළ ඉල්ලීමක දී ඉම්රුල් සිය කලවා ප්‍රදේශය පෙන්වමින් පන්දුව පිත්තේ නොවැදුණු බව පෙන්වූයේය”. ඉම්රුල් කයෙස්ගේ වරද එයයි.
“තරගයෙන් අනතුරුව ක්‍රීඩකයන් දෙදෙනාම කළ වරද පිළිගනිමින් තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් ලබා දුන් දඬුවම අනුමත කළ බැවින් ඒ පිළිබඳව වැඩිදුර පර්යේෂණය කිරීම අනවශ්‍ය විය.”
දඩය නියම කරන ලද්දේ පිටියේ විනිසුරුවන් වූ අලීම් ඩාර්, එස්. රවී සහ තෙවන විනිසුරු මරායේ එරාස්මස්, සිව්ව්න විනිසුරු රුචිර පල්ලියගුරුගේ යන අය විසිනි.