මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු බවයි සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
Source:
http://nethnews.lk/article/81106
පී.සී.ආර්.පරීක්ෂණයක් සදහා කල්පිටිය දිසා රෝහලට පැමිණ සිටි පුද්ගලයෙකු අද (24) දහවල් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්. මිය ගොස් ඇති මෙම පුද්ගලයා ලොරියක සේවය කරමින් සිට ඇති අතර එම ලොරිය කල්පිටියේ සිට කොළඹ, පෑලියගොඩ පිහිටි මත්ස්‍ය වෙළද සංකීර්ණය දක්වා මාළු ප්‍රවාහනය කර ඇති බවට සෞඛ්‍ය අංශ විසින් අනාවරණය කරගෙන ඇත.
කල්පිටිය සහ කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි ධීවරයින් බහුතරයක් පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණය සමග හා සෘජු සම්බන්ධතා පවත්වන බැවින් එම ප්‍රදේශවල පදිංචිකරුවන්ව අද දවස පුරා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත. එසේ පී.සී.ආර්.පරීක්ෂණයක් සදහා ගෙනවිත් සිටියදී එක්වරම බිම ඇද වැටී මෙම පුද්ගලයා මිය ගොස් තිබෙන අතර මිය යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
Source:
http://nethnews.lk/article/81113