Cous-Cous හදමු !!

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    කුස් කුස් හැදුවට මෙහෙම හදල නෑ කවදාවත්.. එළකිරි, තැන්ක්ස් අ ලොට් මචං
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොම ස්තූතියි මේ වගේ අපේ එළකිරි එකේ කට්ටියව දැනුවත් කරනවට. රස කෑමක් වගේ.
     

    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    elazz
    TFS
    rep dunna wedi lu

    nvidialogoi.jpg
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අතීතයට යා නොදී ඔබ වෙනුවෙන් ...........!!!
     

    Rohan.123

    Member
    Feb 16, 2015
    37
    0
    0
    මම මේ වගේ ජාත්‍යන්තර ආහාර සමහරකුත් හදන විදිය ඉදහිට දාන්නෙ විදේශගතව අපේ එළකිරි යාලුවෝ ගොඩක් සිටින නිසාත්, ඒ අය බොහොමයක් තමන්ම කෑම උයාගන්න අය නිසාත්. අපේ ලංකාවෙ අයටත් මේ වගේ ඒවා හදාගන්න විදිය දැනගත්තට වරදක් නෑ මම හිතන්නෙ!!

    අද හදන්නෙ කුස්-කුස් (Cous-Cous). කසු-කුසු කිව්වත් කමක් නෑ!!:lol::lol:
    cc2.jpg

    Cous-Cous කියන්නෙ Pasta, Macaroni හදන Semolina වලින්ම හදන ලද දෙයක්!!

    අවශ්‍ය දේවල්-
    cc1.jpg


    කුස්-කුස් කෝප්ප 1ක් (දෙන්නෙකුට සෑහේ)
    කැරට් , අර්තාපල්, ගෝවා, ලීක්ස්, හතු වැනි එළවලු කීපයක් ග්‍රෑම් 50 බැගින්
    බී ලූනු හා තක්කාලි ගෙඩිය බැගින්
    කුඩාවට කපාගත් ඉගුරු සුදුලූනු තේ හැන්ද බැගින්
    පාස්ලි, කොත්තමල්ලි කොළ, තයිම් වැනි ‍හර්බ්ස් කීපයක් මිට බැගින්
    මස් වර්ගයක් හෝ මාලු ග්‍රෑම් 200 ක් පමණ
    මාජරින් මේස හැදි 2ක්
    ලුණු හා ගම්මිරිස් කුඩු තේ හැන්ද බැගින්

    cc3.jpg

    එළවලු ඔක්කොම කුඩාවට කපා ගන්න.

    cc4.jpg

    ගම්මිරිස් සහ ලුණු කුඩු ටිකක් දමා මස් හෝ මාලු පෑන් ෆ්‍රයි කරගන්න. (අඩු ගින්දරේ)

    cc5.jpg

    කුස්-කුස් ,ලුණු තේහැදි 1/2ක් හා මාජරින් මේස හැන්දක් දමා උතුරන වතුර කෝප්ප 1 1/2ක් දමා අඩු ගින්දරේ ලිප තබා පියනකින් වසා විනාඩියක් තබන්න.
    cc6.jpg

    නැවත මිශ්‍රකර විනාඩියක් තෙත අඩුවී කුස්-කුස් සොෆ්ට් වනතුරු පිසින්න. බෙරිවෙන්න දෙන්න එපා!!

    cc7.jpg

    ඇට වෙන් වනසේ කූරු ගාන්න.

    cc8.jpg

    පිසගත් කුස්-කුස් පසෙකින් තබන්න.

    cc9.jpg

    මාජරින් මේස හැන්දක් ලිප තබා බී ලූනු, ඉගුරු, සුදුලූනු හා අල විනාඩි 5ක් පමණ බැදගන්න.

    cc10.jpg

    අල තැම්බුන පසු කැරට් හා ගොවා වැනි එළවලු එක්කර විනාඩි 2ක් පිසින්න.

    cc11.jpg

    පෑන් ෆ්‍රයි කල මස් හෝ මාලු කුඩාවට කපා හෝ අඹරා ගෙන එක්කරන්න. තක්කාලි, ලීක්ස් හා හර්බ්ස් එක්කරන්න. ලුණු හා ගම්මිරිස් කුඩු තේ හැදි 1/2 බැගින් එක්කරන්න.

    cc12.jpg

    දැන් කුස් කුස් එක්කර හොදින් මිශ්‍ර කරන්න.

    cc13.jpg


    තමන් කැමති සෝස් හෝ චට්නි වර්ගයක් සහ සැලඩ් වර්ගයක් සමග උණුවෙන්ම ආහාරයට ගන්න.
    අපට පුරුදු මස් හොද්දක් එක්ක වුනත් මරු!!

    Mal Hathai aaa... niyama kamak ne :D:D:yes: