CRIB එක කෙලවිලා ලෝන් එකට යන්න බැරිද?

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්, මට ගෙයක් හදා ගන්න ලෝන් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. ඉඩම මගේ නමට තියෙන්නේ. ඒත් ප්‍රශ්නේ මගේ CRIB එක. මම ගත්තු ලෝන්ස් ක්‍රෙඩිට් කාර්ඩ් එහෙම මම ගානට ගෙවලා සෙට්ල් කරලා තියෙනවා. ඒත් මම ගැරැන්ටර් සයින් කරපු එවුන් දෙන්නෙක් උන් ගත්තු ලෝන් ගෙවලා නැහැ බන්. මම ලගදි CRIB රිපෝර්ට් එක චෙක් කලාම D1-High Risk කැටගරි එකට වැටිලා. මෙහෙම තියෙනකොට මට ලෝන් එකකට යන්න බැරි වෙයිද? දන්න කෙනෙක්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා.

    ehenam ba bn lankwenam denne na CRIB awl nam specially me kale bn
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ක්‍රිබ් රිපෝට් එක බලලා බැංකුවෙන් නේ ඩිසයිඩ් කරන්නෙ ලෝන් දෙනවද නැද්ද කියලා, ගෙදර මනුස්සය බැංකුවෙ වැඩ කරන්නෙ ලෝන් ඩිපාට්මන්ට් එකේමයි, උදේට ඕක හරියටම අහල කියන්නං, හැබැයි මම දන්න විදියට බැංකුව ඩිසයිඩ් කරනවා දෙනවද නැද්ද කියලා, තව උඹ ලෝන් එක ගන්නෙ උඹ සයින් කරපු අරුන් ලෝන් එක ගනිපු බැංකුවෙන්ම නම් උඹට නොදෙන්න චාන්ස් එකක් තියනවා මොකද අරුන්ගෙ ලෝන් එක ගෙවන්න කියලා අරුන්ව පුශ් කරගන්න උන්ට තියන චාන්ස් එක නිසා, වෙන බැංකුවක් නං ලෝන් එක දෙන්න වැඩි චාන්ස් එකක් තියනවා.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මචන්, මට ගෙයක් හදා ගන්න ලෝන් එකක් ගන්න ඕනේ වෙලා තියෙනවා. ඉඩම මගේ නමට තියෙන්නේ. ඒත් ප්‍රශ්නේ මගේ CRIB එක. මම ගත්තු ලෝන්ස් ක්‍රෙඩිට් කාර්ඩ් එහෙම මම ගානට ගෙවලා සෙට්ල් කරලා තියෙනවා. ඒත් මම ගැරැන්ටර් සයින් කරපු එවුන් දෙන්නෙක් උන් ගත්තු ලෝන් ගෙවලා නැහැ බන්. මම ලගදි CRIB රිපෝර්ට් එක චෙක් කලාම D1-High Risk කැටගරි එකට වැටිලා. මෙහෙම තියෙනකොට මට ලෝන් එකකට යන්න බැරි වෙයිද? දන්න කෙනෙක්ගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනවා.

    මේකේ එවුන් කියන්න ඕනේ ඔක්කොම වගේ කියල. D1 කියන්නේ නම් සෑහෙන්න කේස් බං, උඹට loan එක දුන්නත් කොන්දේසි පොලි වගේ දේවල් වැඩි වෙයි. අනිවා තමන්ගේ crib score එක ගැන සෑහෙන්න හිතපන් ඒ තමයි උඹේ මුල්‍ය විනය ගැන කියන report එක. අදත් බැංකුවකින් කතා කරලා ඇහුව pre approved personal loan එකක් දෙන්නද document එපා එන්නත් ඕනේ නෑ කියල. එහෙම වෙන්න ලොකුම හේතුව A+ credit score එක.

    අර එකෙක් කිව්වා වගේ ළමයින්ට හරි උගන්නපන් ඇප අත්සන් කරද්දී එක පාරක් දෙපාරක් නෙවෙයි දහ පාරක් හිතන්න.

    මුලින් උඹ ගනුදෙනු කරන බැංකුව ට්‍රයි කරපන්.
    ණය ගත්ත යාලුවෝ ගෙවන එක සම්පූර්ණයෙන්ම නවත්තලාද තියෙන්නේ
    මුලින් ගෑනිට ඇත්ත කියලා ඉඳපන්.නැත්තම් ක්‍රිබ් එකට වැඩිය ඒක හිසරදයක් වෙනවා
    මේ වගේ දේවල් උනාම කලින්නම් දෙන්නෙම නැති තරම්
    ඒත් මේ කොරෝනා එක්ක රජයම කලින් කියලා තිබ්බා ක්‍රිබ් එක නිසා ණය නොදී ඉන්න එපා කියලා


    ක්‍රිබ් එකේ නම තිබුණට ණය ගන්න පුළුවන්


    නෑ බං ඔය කියන්නේ crib එකෙන් ණය දෙන්න එපා කියන්නේ නෑ කියල. ඒක හරිනේ. ණය තොරතුරු කාර්යාංශයෙන් කරන්නේ නමේ තියනවා වගේම ණය තොරතුරු දෙන එක විතරමයි. ණයක් දෙනවද නැද්ද කියන එක තනිකරම මූල්‍ය ආයතනය සතු තීරණයක්.