තව මෙකේ උන් ඉන්නවද මැච් බලන්න අකමැති උන්? මට හිතෙන්නේ මම විතරද කොහෙද බලන්න අකමැති?
පොඩිම කාලේ ගෙදර tv එකක් තිබ්බෙ නැති නිසා බැලුවෙ නෑ...( 5 වසර වෙනකන් ).. ඊටපස්සේ 7 වසරේදී සීයාගේ ගෙදර tv ඒක ගෙනාවා.. දවසක් රෑ නිදාගන්න කලින් channel මාරු කරද්දී eye එකේ match එකක් දැක්ක shahid afridi පොල් අඩි කෙලින highlight එකක්.. ඒක දැක්ක ගමන් cricket වලට addict වුණා මයි මල්ලියි දෙන්නම..
එ ලගම වගේ උනේ 2011 world cup ඒක.. සැරම ආතල් එකක් ඒක නම්.. මට තාම මතකයි first match ඒක india australia ගහල 338 ට draw වුන ඒක..final ඒකත් බැලුව එකේදී කෙළ වුණා නේ ඉතින්
ඊට පස්සෙ csn එකේ match යන්න ගත්තම තමා මල්ලි වද කරලා තාත්තට කියල ඇන්ටනාවක් ගෙන්න ගත්තෙ.. එ වෙනකන් මන් බලලා තිබ්බේ රුපවහිනියයි eye එකයි විතරයි.. කොහොමහරි ඒකෙත් match ටිකක් බැලුව cb series, asia cup එහෙම..
ඊට පස්සෙ තමයි ගොඩක් හොද උන් retire වෙලා හෙන ගොන් ආතල් පටන් ගත්තෙ.. එ කාලෙත් match දෙක තුනක් බැලුවා ඒවුණාට තේරුමක් නැති නිසා බලන ඒක නවත්තල දැම්ම.. Test match ඒකත් දවස් පහම බලපු මල්ලිත් match බලන ඒක නැවැත්තුව..
දැන් ආයේ ටිකක් පණ ගහල එන නිසා මල්ලි නම් සේරම match බලනවා.. But මට නම් ආසාව ගිහින් තියෙන්නෙ.. ඉදලා හිටලා ඕවර් 5න් පහට වගේ ලකුණු බලනවා විතරයි.. මට දැන් ඇත්තටම ලංකාව දින්නත් එකයි පැරදුනත් එකයි..ඉස්සර වගේ පැරදුනාම අපරාදෙ කියල හිතෙන්නෙම නෑ දැන් නම්.. අනික ඉස්සර වගේ players ලට brand එකකුත් නෑ බන් දැන්.. සංගා මයියා කිව්වම කොච්චර respect එකක් තිබ්බද ලෝකේ.. දැන් ඉන්න එකෙක්ටවත් එහෙම දැනුමක් තියෙනවද.. හදාගන්න උනන්දුවක්වත් තියෙනවද.. බහිනවා වනනවා එනවා හිටිගමන් දිනුම් හිටිගමන් පරාදයි.. ඔච්චරයි.. උන්ටත් දැන් ඒක රස්සව විතරයි..
නිකන් ඉන්නවට ඔහේ type කරන් ගියා.. දිග වැඩි වුණා නම් සොරි
