M
Mchn DCA karaddi 5% drop weddi trade karanawa kiyana eka therune naa. Podi udaharanekin kiyapnkoඅද අදහසක් දාන්න ආවේ DCA කිරිල්ල ගැන. ගොඩක් අය DCA කිරිල්ල ගැන වැරදියට වටහාගෙන ඉන්නවා කියලයි මම හිතන්නේ. කට්ටිය ක්‍රම කීපයකට කරනවා.
1. කාලාන්තරයක් අනුව මිලදී ගන්නවා. උදා හැම සතියකම ඉරිදට කීය උනත් ගන්නවා.
2. බහින හැම ප්‍රතිශත අන්තරයක් තුලම මිලදී ගන්නවා. උදා බහින හැම 5% කදිම කොයින් එක ගන්නවා.
මේ දෙකම අවුලක් නෑ ඒත් මම මෙතන ලොකු වරදක් දකිනවා. ඒ තමයි නිකම්ම මිලදී ගන්න එක. මම DCA කරන්නෙ මේ විදියටයි.
මම හැම 5% ක්ම බහිද්දි DCA කරනවා. නමුත් මගේ වෙනස මේකයි. 5% ක් බැස්සම මම ට්රේඩ් කරන්නයි පටන් ගන්නේ. ඇග්‍රෙසිව් විදියට මෙතනදි මම ට්රේඩ් කරනවා. සාමාන්‍යයෙන් 10% ක් 20% ක් අතර ලාභයක් ගන්නකොට කොහේ හරි ඒ මුදල හිර වෙනවා. හිරඋනා කියල කිසිම අවුලක් නෑ. මොකද මම DCA කරන්න ගෙනා සල්ලි නෙ. මම DCA කරන්න පටන් ගනිද්දිම 10% 20% ක ලාබයක් අරන් ඉවරයි.
එතකොට කාට හරි ගැටළුවක් එන්න පුළුවන් අපි DCA කරන්න ගියේ බිට්කොයින් 50000 තියෙද්දි. නමුත් අපි ට්රේඩ් කරල සල්ලි හිරවෙද්දි බිට්කොයින් 53000 ට ගිහින් නෙ. එතකොට පාඩු නෙ කියල. නෑ කිසිම පාඩුවක් නෑ. 50 ඉදන් 53 එකපාර ගියේ නෑනෙ. 50 ඉදන් 53 ට 6% ක් විතර උනාට අපි ඔය අතරෙ උඩපාත ගිය ටිකට 20% ක විතර ප්රොෆිට් කරලා.
මම කෙටියෙන් කියන්න හදපු දේ තේරුනා කියල හිතනවා.