Daddy - Jeewithe Windinna Lyrics

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83


    වරෙන් යන්න අපිත් එක්ක - කන්න බොන්න හිනා වෙන්න
    බයිලා නැත්නම් Hip-Hop කියන්නම් ඔලුවෙන් හිටගෙනම

    සතයක්වත් නැතුව නොමිලේ හොදට හිනාවෙන්න
    සල්ලි කියාගෙන මල්ලි මරාගෙන රණ්ඩු කරාගෙන ජීවත්වෙන අය ගැන ඇහුව දැනගත්තා කලකිරුණා.
    බඩට ගැහුවේ කව්ද - ඔරවන්නේ මොකද
    චන්ඩි කියාගෙන ගැන්සි හදාගෙන සද්ද දමාගෙන දත් නැතුව බත් කාපු අය දැකල දුක හිතුනා
    පරක්කු නෑ තවම හිත හදාගන්න බැරිද ? වරක් කිව්වා හොද සැපක් ඕනෙනම් බකන්නිලන් මොකද

    වරෙන් යන්න අපිත් එක්ක - කන්න බොන්න හිනා වෙන්න
    බයිලා නැත්නම් Hip-Hop කියන්නම් ඔලුවෙන් හිටගෙනම
    ඩෙනිම් ඇදන් ජෙල් ගාගන්න සාක්කුවල මොනරු ගෙන්න
    Yes 5 යි No 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න

    ජීවත් වෙන්න ජීවය මෙන්න
    ජීවත් වෙන්න ජීවය දෙන්න

    කදුළු පුරවාගෙන - දවසම අඩන්නේ මොකටද
    බොක්කෙන්ම ලව් කරලා බැදල බෙරගහල ලොවට පෙන්නාපු කෙල්ලෝ හලපු පොරවල් දැක්ක තැන් තැන් වල පච වෙනවා
    වැරැද්ද කාගේද - නීතිය අපි කාටත් එකද
    ජාති ජන්ම කුල බේද පටලවපු අපේම සමහරු සුදු ඇදුම ඇදගෙන අසරණයට දඩුවම් කෙරුවා.
    පරක්කු නෑ තවම අපිට වෙනස්වෙන්න බැරිද
    වරක් කිව්වා හොද සැපක් ඕනෙනම් බකන්නිලන් මොකද

    වරෙන් යන්න අපිත් එක්ක - කන්න බොන්න හිනා වෙන්න
    බයිලා නැත්නම් Hip-Hop කියන්නම් ඔලුවෙන් හිටගෙනම
    ඩෙනිම් ඇදන් ජෙල් ගාගන්න සාක්කුවල මොනරු ගෙන්න
    Yes 5 යි No 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න

    ජීවත් වෙන්න එන්න මෙන්න එන්න මගේ අත ගන්න
    විදින්න ආදරේ ලබන්න ආදරේ කරන්න
    ඉතින් වරක් කිව්වා හොද සැපක් අරන් හෙට මැරිලා ගියත් මොකද

    වරෙන් යන්න අපිත් එක්ක බැරිනම් ගෙදරට වෙලා ඉන්න.
    බැනුම් අහල මදි වගේනම් ගෑනුන්ගෙන් ගුටි කන්න
    (කව්ද කිව්වේ) ඩෙනිම් ඇදන් ජෙල් ගාගන්න සාක්කුවල මොනරු ගෙන්න
    Yes 5 යි No 3කුයි ඇති කෙල්ලෙක් දාගන්න

    ජීවත් වෙන්න ජීවය මෙන්න මෙන්න.....
    ජීවත් වෙන්න ජීවය දෙන්න.....
    කන්න බොන්න කන්න දෙන්න...
    වරක් කිව්වා මෙන්න වැන්දා අපි
    මේකත් අහල $#$# #$#% නිදාගන්න
    වරෙන් යන්න අපිත් එක්ක වරෙන් යන්න අපිත් එක්ක
    බෙදා ගන්න ගන්න කන්න බොන්න එන්න හිනාවෙන්න
    ජීවත් වෙන්න.............