Datsun Redi-Go ලක්ෂ 12 කට ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට

නවතම ඉන්දියානු නිෂ්පාදිත හැච්බැක් මාදිලියේ මෝටර් රථයක් වන Datsun Redi-Go සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටී. මේ අනුව ශ්‍රී ලංකාවේ ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගම (AMW) හරහා Datsun Redi-Go ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මෙම Redi-Go මෝටර් රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 2.38 ක් වන බවත් ආනයනික තීරුබදු සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන මිල ඉන්දියානු මිල මෙන් 2.5 ක් ගුණයක් වනු ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටී. මේ අනුව වත්මන් ඉන්දියානු රුපියලක් සඳහා වන ශ්‍රී ලංකා රුපියල් අගය වන රු. 2.18 ට අනුව මෙම මෝටර් රථයේ ශ්‍රී ලංකා මිල රුපියල් ලක්ෂ 12 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩට්සන් ගෝලීය ප්‍රධානී වින්සන්ට් කොබේ මහතා මෙසේ පැවසීය. “ඩට්සන් ශ්‍රී ලංකාවට යළි පැමිණීම අපගේ ගෝලීය ව්‍යාපාරික පුළුල්කරණයේ තවත් වැදගත් පියවරක්. Datsun Redi-Go නිමාවට ශ්‍රී ලංකා මෝටර් රථලෝලීන් ඉහළ කැමැත්තක් දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.“
ඩට්සන් සමාගම පළමුවරට ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳපොළ ට අවතීර්ණ වී තිබෙන්නේ 1957 වසරේ දීය.
source