Datsun Redi-Go ලක්ෂ 12 කට ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    Datsun Redi-Go ලක්ෂ 12 කට ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට

    Datsun Redi-Go ලක්ෂ 12 කට ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට

    ojfe3c.jpg


    නවතම ඉන්දියානු නිෂ්පාදිත හැච්බැක් මාදිලියේ මෝටර් රථයක් වන Datsun Redi-Go සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට නියමිත බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කර සිටී. මේ අනුව ශ්‍රී ලංකාවේ ඇසෝසියේටඩ් මෝටර්වේස් සමාගම (AMW) හරහා Datsun Redi-Go ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

    මෙම Redi-Go මෝටර් රථයේ මිල ඉන්දියානු රුපියල් ලක්ෂ 2.38 ක් වන බවත් ආනයනික තීරුබදු සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන මිල ඉන්දියානු මිල මෙන් 2.5 ක් ගුණයක් වනු ඇති බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටී. මේ අනුව වත්මන් ඉන්දියානු රුපියලක් සඳහා වන ශ්‍රී ලංකා රුපියල් අගය වන රු. 2.18 ට අනුව මෙම මෝටර් රථයේ ශ්‍රී ලංකා මිල රුපියල් ලක්ෂ 12 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඩට්සන් ගෝලීය ප්‍රධානී වින්සන්ට් කොබේ මහතා මෙසේ පැවසීය. “ඩට්සන් ශ්‍රී ලංකාවට යළි පැමිණීම අපගේ ගෝලීය ව්‍යාපාරික පුළුල්කරණයේ තවත් වැදගත් පියවරක්. Datsun Redi-Go නිමාවට ශ්‍රී ලංකා මෝටර් රථලෝලීන් ඉහළ කැමැත්තක් දක්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා.“

    ඩට්සන් සමාගම පළමුවරට ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳපොළ ට අවතීර්ණ වී තිබෙන්නේ 1957 වසරේ දීය.


    source
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ අනුව වත්මන් ඉන්දියානු රුපියලක් සඳහා වන ශ්‍රී ලංකා රුපියල් අගය වන රු. 2.18 ට අනුව මෙම මෝටර් රථයේ ශ්‍රී ලංකා මිල රුපියල් ලක්ෂ 12 ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.


    ita wadanam aniwa wadi wewi.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,041
    21,254
    113
    oya introduction eka nisa ban after 6 months apahu wadi wena scene ekak yanne
    budget eken passe

    oka wadak naha kohomath paduw abs wath naha

    lankwe wahanayak gannawa kiyanne epa wena wadak ban
    nikan platinum wage ban
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    oya introduction eka nisa ban after 6 months apahu wadi wena scene ekak yanne
    budget eken passe

    oka wadak naha kohomath paduw abs wath naha

    lankwe wahanayak gannawa kiyanne epa wena wadak ban
    nikan platinum wage ban

    sirawata ban :sorry::sorry:
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    oita wada thama Panda eka hodai ban......ei ban me lankawe road ekata nogalapena wahanama genne. Government must do something.