සමාජයට පෙන්වා දිය යුතු..ඇස් ඇරවිය යුතු..දැනුවත් කල යුතු හා පසක් කල යුතු දෑ ලියන්නට පෙලඹිම ගැන ඔබට මගේ සහෝදරාත්මක ආචාරය ප්රථමයෙන් පුද කර සිටිනවා....
මේ වගේ ජීවිත, චරිත කෙතරම් නම් සමාජයේ එදිනෙදා අපට දකින්න.. හමුවෙන්න හා ඇස් ගැටෙන්න ලැබෙනවද??
ඒත් අවංකවම අපි අපේ හදවත්වලට තට්ටු කරලා හදවතට එකඟව අහල බලමු අපි මොනවද ඒ අය සඳහා කරල තියෙන්නේ???
ගොඩාක් දුරට අපි කරල තියෙන්නේ අපි දිනපතා හැල්මේ දුවන රේස් එකත් එක්ක අපි ඒ ගොල්ලන්වත් යට කරගෙන නොදැක්කා වගේ දුවපු එක විතරයි...
අපි එහෙම දුවද්දි මේ අසරණයන්ට දැනෙන සිත් වේදනාව කොච්චර නම් වෙන්න පුළුවන්ද..
ඔවුන් සිතින් විඳින වේදනාවට සීමාවක් මායිමක් අපිට ලකුනු කරන්න පුළුවන්ද??
අති මානුෂීය නිර්මානයක්..ඔබේ ගමන් මග පැහැදිලියි සොයුර..ඉදිරියටම යන්න..
ඔබට ජය!!