Derana Dream Star, MG Dhanushaට ගීත තහනමක්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Derana Dream Star, MG Dhanushaට ගීත තහනමක්

Source: http://www.lankagossipnews.com/2014/07/ms-fernandos-songs-bans-for-mg-danushka.html

පසුගියදා පැවති ඩ්‍රීම් ස්ටාර් පස්වන වටයේ අවසන් තරඟයෙන් ජයග්‍රහණය කල ඇඹිලිපිටියේ MG ධනුෂ්ක හට එම්.එස් ප්‍රනාන්දුගේ ගීත ගායනා කිරීම තහනම්කොට ඇත. මෙම තහනම පනවා ඇත්තේ එම්.එස්. ගේ පුතෙකු විසිනි.

ඒ අනුව පසුගියදා පැවති සංගීත සංදර්ශනයකදී තමා තවදුරටත් එම්.එස් ගේ ගීත ගායනා නොකරන බවට ධනුෂ්ක විසින් පොරොන්දු වී තිබුණි.

මෙම ගැටුමට මුලික හේතුව වී තිබුනේ ඩ්‍රීම් ස්ටාර් අවසන් තරඟයේදී එම්ජී ධනුෂ්ක බයිලා චක්‍රවර්තී ලෙස හැඳින්වීමය. මෙය සිදුකරනු ලැබුවේ අවසන් තරඟයට සහභාගී වූ කලාකරුවෙකු විසිනි.

බයිලා චක්‍රවර්ති යනුවෙන් හැඳින්විය හැක්කේ එම්.එස් ප්‍රනාන්දු පමණක් බවත් අනුන්ගේ සින්දු කියන ඩ්‍රීම් ස්ටාර්ලාට එම නාමය කියා සිය පියාට අවමන් නොකරන ලෙස එම්.එස් ගේ පුතු සරත් ප්‍රනාන්දු ප්‍රකාශකොට තිබුණි.

ඒ පිලිබඳ වැඩිදුර අදහස් දක්වන ඔහු පවසන්නේ මෙවැන්නකි.

"අපේ පියාගේ වියෝ වීමෙන් පසුව මේ වනතුරුම එතුමාගේ නාමයට හානියක්, අගෞරවයක් වන අයුරින් සංගීත ක්ෂේත්‍රයේ කිසිවෙකු හෝ මේ වගේ දෙයක් කරලා නැහැ.

අපගේ පියා වියෝ වීමෙන් පසුවත් ‘චක්‍රවර්ති’ නමින් හැඳින්වෙමින් ජනප්‍රියත්වයේ රැඳී සිටිමින් එතුමාගේ ගීත රැව් පිළිරැව් දී පවතිනවාට ඊර්ෂ්‍යා කළ ඔය තුට්ටු දෙකේ කුහක කලාකාර පිරිස මාන බලබලා උන්නේ ‘චක්‍රවර්ති’ යන ඔය වටිනා නාමය කාට හෝ දීලා නැතිකර දමන්නයි.

ඔය SMS තරුව අපේ පියාගේ ගීත ගායනා කළ හින්දා එම කුහකයින් මේක අවස්ථාවක් කර ගත්තා ඔවුන්ගේ කුහක අරමුණ ඉටු කර ගන්න

එම නිසා අපේ පවුලේ හැමෝමත්, සංගීත කලාව හොඳින් දන්නා කලාකරුවනුත්, අපේ පියාට ආදරය කරන රසික රසිකාවියනුත් දැඩි අපහසුතාවයකට පත් වුණා.

ඒ අවස්ථාවේ සිට මෙතෙක් අපට දුරකථනයෙන්, facebook එකෙන්, e-mail වලින්, skype එකෙන් සහ හමුවීමෙන් අදහස් දක්වන එතෙර මෙතර සිටින රසික හිතවතුන්ගේ ප්‍රතිචාර වලින්ම අපට පැහැදිලිව දැනෙනවා ඔවුන් මොනතරම් නම් අපහසුතාවයකට පත් වීද ඉන්නේ කියන එක. ඔවුන් වත්, අපේ පවුලේ කිසිවෙකු වත් SMS තරුව සමඟ අමනාපයක් නැහැ. මොකද ඔහු නොවේනේ ‘චක්‍රවර්ති’ නාමය දමා ගත්තේ.

පැහැදිලිවම මෙවැනි වටිනා නාමයක් ලබන්න තම ජීවිතය කැප කළ එම්.එස්. ප්‍රනාන්දු නම් අග්‍රගණ්‍ය කලාකරුවාට මේ අගෞරවය කළේ අප මුලින් සඳහන් කළ අපේ පියාගේ ජනප්‍රියත්වය ඉවස දරා ගත නොහැකිව සිටින අර තුට්ටු දෙකේ කලාකාර කුහකයින් පිරිසයි. ඔවුන් මාන බලමින් උන්නේ කොයි යම් මොහොතක හෝ ‘බයිලා චක්‍රවර්ති එම්.එස්. ප්‍රනාන්දු’ නාමය ඉදිරියට ගෙන එන එතුමන්ගේ දරු පරපුරට ප්‍රහාරයක් එල්ල කරන්නයි. මේ කළේ ඒ කුහක පහර දීමයි.”
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
aela wedak hema gayakayekma menna mehema konda pan tiyagena keli tirana gatta nam angatayata ahanna sindu itri wei.
 
Number 9

Member
Jul 14, 2014
214
63
0
Matara
ඒව මහා බලු වැඩ. අපි හැමෝම දන්නව original සිංදුව කියන්නෙ කවුද කියල. ඔය නං වෙන මුකුත් නිසා නෙමෙයි මේ කොල්ලගෙ Talent එකට තියන ඉරිසියාවට කරපු බලු වැඩක්. :(
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
ඒව මහා බලු වැඩ. අපි හැමෝම දන්නව original සිංදුව කියන්නෙ කවුද කියල. ඔය නං වෙන මුකුත් නිසා නෙමෙයි මේ කොල්ලගෙ Talent එකට තියන ඉරිසියාවට කරපු බලු වැඩක්. :(

ඉරිසියාවක් නෙමිය් මචන් මොකුත් ඕන නැහැ බලහන්කෝ අර සුරේන්ද්‍ර පෙරේරා කියන ප@#ය ජෝතිගේ සින්දු ටිකට කරන හරිය,ඔය වගේ තදින් හිටියනම් එකෙක් වත් ඕවට අත තියන්නේ නැහැ
 
kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඒව මහා බලු වැඩ. අපි හැමෝම දන්නව original සිංදුව කියන්නෙ කවුද කියල. ඔය නං වෙන මුකුත් නිසා නෙමෙයි මේ කොල්ලගෙ Talent එකට තියන ඉරිසියාවට කරපු බලු වැඩක්. :(

    talent eka thiyagena anunge sindu kiyala wadak thiyenawada ban
    thamange gani weli weli thiyala anunge ganu ekka haminenawa wage wadak
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,998
    5,302
    113
    තොටිල්ලේ
    M S ගේ ගීත, හැම එකාටම කියන්න බෑ. ඒත් ධනුෂ්කයා ඒවා එම් එස්ගේ පුතාලටත් වඩා හොදට කියනවා. මේ ගැන M S ගේ සින්දු කියන, සිරසේ ෂෝ එකකට එන සුසිල් ප්‍රනානදු වෝනින් එකකුත් දෙනවා. පොර හිතන්නේ M S අයිති එයාලට කියලා. M S අයිති එයාලට විතරක් නෙමෙයි. M S මේ මුළු ළෝකෙටම අයිතියි. කළාකාරයෝ හා නිර්මාණ ගැන ළෝකයේ තියෙන සම්මතේ නොදන්න, සම හරක් මේ විදියට හිතනවා. ඒක ඉතින් මේ වගේ ළිං මැඩි ඉන්න රටක, මහා පුදුම දේවල් නෙමෙයි.

    uputa ganimaki.
     
    Number 9

    Member
    Jul 14, 2014
    214
    63
    0
    Matara
    ඉරිසියාවක් නෙමිය් මචන් මොකුත් ඕන නැහැ බලහන්කෝ අර සුරේන්ද්‍ර පෙරේරා කියන ප@#ය ජෝතිගේ සින්දු ටිකට කරන හරිය,ඔය වගේ තදින් හිටියනම් එකෙක් වත් ඕවට අත තියන්නේ නැහැ

    අපෝ.. සුරේන්ද්‍රයගෙ සීන් එක ගැන නං කථා කරලා වැඩ නෑ බං :( අන්න උට තමයි ඔය වැඩේ කරන්න තිබ්බෙ.
    හැබැයි මූ නං ලස්සනට කියනව. අනේ මන්ද උඹ කියන කතාවෙත් ඇත්ත තියනව. :confused:

    talent eka thiyagena anunge sindu kiyala wadak thiyenawada ban
    thamange gani weli weli thiyala anunge ganu ekka haminenawa wage wadak

    ඒ කථාව හරි මචං, ඒත් මූ තාම star උනා විතරයිනෙ. ඔන්න මූ හැමදාම MS ගෙ සිංදු කියන්න ගියා නං අවුල.

    අපි හැමෝම තමන්ගෙම කියල වාහනයක් ගන්න කලින්, පුරුදු වෙන්නෙ අනුන්ගෙ වාහන වල නේද ? :rolleyes:
     
    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    නැකැත් රාල;16917367 said:
    ඔතන නම් තියන්නේ ඉරිසියාව කියලා අද දවල් ස්වර්නවාහිනී බැලුවනම් තේරෙනවා..

    link eka diyan balanta:yes:
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    අපෝ.. සුරේන්ද්‍රයගෙ සීන් එක ගැන නං කථා කරලා වැඩ නෑ බං :( අන්න උට තමයි ඔය වැඩේ කරන්න තිබ්බෙ.
    හැබැයි මූ නං ලස්සනට කියනව. අනේ මන්ද උඹ කියන කතාවෙත් ඇත්ත තියනව. :confused:

    ඒ කථාව හරි මචං, ඒත් මූ තාම star උනා විතරයිනෙ. ඔන්න මූ හැමදාම MS ගෙ සිංදු කියන්න ගියා නං අවුල.

    අපි හැමෝම තමන්ගෙම කියල වාහනයක් ගන්න කලින්, පුරුදු වෙන්නෙ අනුන්ගෙ වාහන වල නේද ? :rolleyes:

    ඒක ඇත්ත මචං. එවුනාට බලන්න ඔය ස්ටාර් තරඟ වල එයාලා ප්‍රසිද්ධ වෙන්නෙ අනුන්ගේ සිංදු කියල. එතකොට මිනිස්සු එයාල ගැන හදාගන්නේ ඒ විදියෙ image එකක්. පරණ සිංදු ලස්සනට කියනකොට හරි ආසයි. හැබැයි එයාලා තමන්ගේ කියල සිංදු කියන්න ගත්තහම එකපාර වෙනත් සම්ප්‍රදායක සිංදු කියනකොට මිනිස්සුන්ට ඒක දිරවන්නෙ නෑ.
    දැන් බලන්න ඔය අජිත් බණ්ඩාරලා? ප්‍රියාගේ සිංදු කියලා හම්බානක ප්‍රසිද්ධ වුණා. හැබැයි මිනිහගේ කියල සිංදුවක් කිව්වා විතරයි මිනිහව එපා වුණා. ප්‍රියා කේස් එක දැම්ම නිසා වෙන්නැති පොර ආයෙ ප්‍රියාගේ සිංදු කිව්වේ නෑ මම දන්නා විදියට.
    සුරෙන්ද්‍රටත් වුණේ ඒකමයි. ජෝතිගේ ආරෙට සිංදු ලියල දුන්නොත් මිනිහා ගොඩ. නැත්තං ජෝතිව විකුණගෙන කනවා
    හැබැයි බලපන් කට්ටිය ඒ කාලේ ශිහානයගේ පතුරු යැවුවට ඌ මුල ඉඳන්ම උගේම ස්ටයිල් එකට සිංදු කිව්වා. ඔරිජිනල් එක ඒ විදියටම කොපි කරන්න ගියේ නෑ. ඒකනිසා ඌ ක්ෂේත්‍රයේ ගොඩ ගියා. මිනිහා ෆීල්ඩ් එකට ඇවිල්ලා කියපු තමන්ගේ සිංදු වල අමුත්තක් මිනිස්සුන්ට දැනුනේ නෑ
    ස්ටාර්ලාට අනාගතයක් නැත්තේ ඒකයි බං. එනවා යනවා. නියම නිර්මාණකරුවෝ අලුතින් සම්ප්‍රදායන් බිහිකරනවා වගේම ඒක මිනිස්සුන්ට දැනෙන විදියට කරන්න දැනගන්නත් අවශ්‍යයි
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    MS Fernando family eka or Jothipala family eka or Mathaka thaba gatha yuthu deyak thiyenva. Obala oya thatvayata pamina atthe Rasikayan nisa. Obala ge Rasikain sindu ahana gaman , ema sindu sing kirimatada try karai. Obala Rasikainata ese sing kirima thanam karanavadha ?? Esema Superstar la ema sindu sing karana vita, Super star vagema MS Fernando da navatha mathak vei . MS Fernando thavath popular vei. Nava ralle takaran geetha kala lova bili ganiddhi, parana songs valata navatha pana deemak kaley superstar laya. Aka nisa superstar lata thanks kala yuthuya. Songs thiyenne enjoy karannataya. Lassana kata hadak Danushaka ta ave pera pinakataya. MS Fernando ge kata hada nisa Danushaka promote venava vagema , Danushka nisa MS Fernando da promote vena bava mathaka thaba gatha yuthuya.
     
    මචං රසිකයෝ විදියට අපිත් ඔය සිංදු ඕනෑතරම් කියනවා. ඒත් ප්‍රසිද්ධියේ ආර්ථික ප්‍රතිලාබ වෙනුවෙන් කියන එක වෙනම දෙයක්. මොකද ගීතයක් කියන්නෙ කෙනෙක්ගේ දේපොලක්. ආදායම් මාර්ගයක්. උඹ හිතපන් උඹේ තාත්තා කියපු සිංදු, තාත්තා නැති කාලෙක වෙනත් කෙනෙක් ප්‍රසිද්ධ වේදිකාවේ කියලා සල්ලි ගන්නවනං, M tunes වගේ ඒවායින් සල්ලි හොයනවනන්, උඹට කොහොම හිතේවිද? සිංදු කියනවනං ඒක අදාළ අයිතිකරුවන්ගෙන් හරි විදියට අවසර අරගෙන ක්‍රමේට කරන එක අවුලක් නෑ. ඒත් මෙතන වෙන්නෙ ප්‍රසිද්ධ නාලිකාවන් දක්ෂ තරුණයන් ලව්වා ප්‍රසිද්ධ සිංදු කියවලා, ඒවට කොම්පැනි වලින් අනුග්‍රහය ලබාගෙන ලක්ෂ ගණන් හොයන එක.
    රටට අවශ්‍ය දක්ෂ ගායකයෝ වගේම දක්ෂ ගීත රචකයෝ සහ සංගීතඥයෝ එකට වැඩ කරන එක. ඒත් අද වෙන්නෙ සල්ලිකාර ගොබ්බ ගායකයෝ සල්ලි දීලා ගොබ්බ සිංදු ප්‍රචාරය කරවන අතරේ දක්ෂ ගායකයෝ ප්‍රසිද්ධ නාලිකාවල අතකොලු වෙන එක