Mokadda ban lama mahesthrath adikaranaya kiyanne? Lamaida eke nadu ahanne?අනුමිත ද්වේශ සහගත අතහැර යාම හේතු කරගෙන දික්කසාදය ගන්න පුළුවන්.
දෙන්නා කැමැත්තෙන් දික්කසාද නොවෙන නිසා නඩු විභාගයකට යන්න වෙනවා. ඒ නිසා දික්කසාද නඩුවට කාලයක් යනවා.
ළමයාගේ භාරකාරත්වය දෙමව්පියන්ගෙන් ඕනම කෙනෙකුට ගන්න පුළුවන්.
භාරකාරත්වය ඉල්ලන කෙනා අනෙත් කෙනා ළඟ ළමයා ඉන්න එක සුදුසු නොවන බව ඔප්පු කරන්න ඕනේ.
ඉස්සර වගේ මවටම ළමයා දෙන්න ඕනේ කියලා උසාවිය බලන්නේ නැහැ. ළමයාගේ යහපත ගැන තමයි බලන්නේ.
දික්කසාදය යන අතරතුර ළමයාගේ තාවකාලික භාරකාරත්වය ලබා ගන්න ළමා මහෙස්ත්‍රාත් අධිකරණයේ ඉල්ලීමක් කරන්න පුළුවන්.
ළමයා බිරිඳ ගාව ඉන්න නිසා බිරිඳ තව ටික දවසකින් නඩත්තු ඉල්ලලා නඩත්තු නඩුවක් දාවි.