මෙහෙම සිද්දියක් උනා දැන් අවුරුද්දකට වගේ කලින්. මතක විදියට ඒ පුද්ගලයා වැඩ කරේ රුපවාහිනී නාලිකාව විකාශන කුළුනක. මේ කෙනා ගෙදර ඇවිත් නැහැ දවස් ගානකින්. පස්සේ බිරිඳ හොයලා බලද්දී මෙයා කාර්යාලයෙන් නිවාඩු අරං ඇවිත් ගෙදර එනවා කියලා. ඒත් ගෙදර ආවේ නෑ.
පස්සේ මාස ගානකට විතර පස්සේ ආරංචි උනා මෙයා ත්‍රිකුණාමලයේ පන්සලක මහන වෙලා ඉන්නවා කියලා. පස්සේ බිරිඳ, ළමයි එහෙම පත්තර වලටත් කතා කරා. ඒත් නීතියෙන් මොකුත් කරන්න බැරි උනා. අර කෙනා පවුල අතඇරියා.
අර කෙනා මහන වෙලා නං නීතියෙන් බලෙන් ගේන්න බැහැ. පුළුවන් ඇති. ඒත් ලංකාවේ එහෙම කරන්න බැහැ. මොකද මහන වෙලා ඉන්න කෙනෙක්ට ආයේ ගෙදර යන්න කියලා උසාවියට කියන්න බැහැ. බිරිද, ළමයි අත්ඇරලා ආව කියලා, ඒ අයට නඩත්තු වියදම් දුන්නේ නැහැ කියලා මොකුත් කරන්න බැහැ. එහෙම පුළුවන් උනත් පොලිසිය, උසාවිය උනත් මේ වගේ දේවල් වලදී බුද්ධාගම, රටේ කැළඹීමක් වෙයි කියලා පස්ස ගහනවා.
මේ ප්‍රශ්න එන නිසා තමයි බුදුහාමුදුරුවෝ විනය නීති දාලා තියෙන්නේ ළමයි මහන කරද්දී දෙමාපියන්ගේ කැමැත්ත ඕනි, ස්වාමියා මහන වෙනවා නම් පවුලේ කැමැත්ත ඕනි කියලා. හැබැයි වර්තමානයේ ඒවා බලන්නේ නැතුව මහන කරනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරපු මිට වඩා දේවලුත් වර්තමානයේ විකෘති කරන එකේ මේක මොකද්ද?
wasi