Domain එකක් වෙනත් Domain Provider කෙනක් ලගට Transfer කරන්නේ මෙහෙමයි

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මගේ lktips.com Domain එක ඊයේ මම namecheap එකේ ඉදලා namesilo.com එකට Transfer කළා namecheap එකේ Renew එකට $ 16.6 යන නිසා. namesilo.com එකේ Transfer fee එක $ 10.40 වෙනවා. ඉතින් Transfer fee එක ගෙව්වා ම අවුරුද්දකට නිකන් ම Renew වෙනවා Domain එක.

    මගේ Domain එක මම ගත්තේ 2018 දී Godaddy එකෙන් $ 1 කට Offer එකකින් ඉතින් 2019 Renew එකට මාසයක් තියලා මම එක Namesilo එකට Transfer කළා. අය මට 2022 අග හරියේ Transfer Offer එකක් හම්බවුනා namecheap එකේ එක නිසා namecheap එකට Transfer කළා Namesilo එකේ තිබුණ Domain එක.

    අද මම කියලා දෙන්නේ Domain එකක් වෙනත් Domain Provider කෙනක් ලගට Transfer කරගන්න ආකාරය. ඔයාලට මේ වැඩේ එක එක Domain Provider ලගේ එක එක විදියට තියෙනවා නමුත් එකම විදියකට තමා වෙන්නේ, ඔයාලට මේ පොස්ට් එකෙන් මේ වැඩේ කරන හැටි ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.


    Namecheap එකෙන් ඊයේ මම කරගත්තේ මෙහෙමයි මේකේ කිසිම අමාරු දෙයක් නැහැ


    ඔයා ඉසෙල්ලම Namecheap Account එකට ලොග් වෙලා Domain List ගිහින් ඔයාට Transfer කරන්න ඕනේ Domain එකේ දකුණු පසින් ඇති Manage ක්ලික් කරන්න.


    1.png


    Sharing & Transfer ක්ලික් කරන්න.

    2.png


    Domain Lock එක ඉවත් කිරීමට Unlock මත ක්ලික් කරන්න. EPP Code එක ලබා ගැනීමට Auth Code මත කලික් කරන්න ඊට පස්සේ.

    3.png


    Auth Code මත කලික් කළාට පස්සේ ඔහොම එකක් එනවා එකේ අහනවා Transfer කරන්න හේතුව මම Pricing තෝරලා Renew එක වැඩි කියලා ලියලා Send Code එබුවා.

    5.png


    දැන් ඔයාට E-mail එකක් EPP Code එක එනවා

    4.png


    දැන් යන්න Domain එක Transfer කිරීමට බලාපොරොත්තු වෙන තැනට (මම නම් ගියේ Namesilo.com එකට එකේ Chat එකක් තියෙනවා ඕනෑම දෙයක් කතා කරලා පහසුවෙන් කරගන්න පුළුවන්, ඒ වගේම හැම අවුරුද්දේ ම එකම මිලක් එයාල Renew එකට ගන්නේ. )

    Namesilo ගියොත් Menu එකේ Domain > Transfer a Domain ක්ලික් කරන්න.

    8.png


    දැන් Transfer කරන්න යන Domain එක Search එකේ ගහලා Search කරන්න.

    6.png


    දැන් EPP Code එක දීලා Transfer Domains ක්ලික් කරන්න. ඊට පස්සේ ටික තියෙන්නේ ඔයාට Transfer fee එක ගෙවන්න.

    Transfer එක ගෙවනකොට එම මුදල ඔයාට $ 1 අඩු කරගන්න පුලුවන් එතනට මේ Promo Code - CXJ2025 දීලා

    7.png


    දැන් Transfer fee එක කළ ගමන් Domain එක Transfer වෙන්නේ නැහැ මම Namesilo එකේ Chat එකෙන් ඇහුවාම එගොලෝ කිව්වා. ඒගොල්ලෝ ඉසේලලා Ican එක හරහා Namecheap එකට ඉල්ලීමක් යවනවා කියලා ඒ ඉල්ලීම පිළිගෙන Namecheap එක කැමති උනොත් තමයි Domain එක Transfer වෙනවා කිව්වේ. Namecheap එක එම ඉල්ලීම ප්රතික්ෂේප කොලොත් Refund එක දෙනවා කිව්වා, මේ වැඩේ වෙන්න දවස් 5-7 වගේ යනවා කියලා කිව්වා මට.

    ඒ වගේම Namecheap එකෙන් මට ඉල්ලන්න පුළුවන් කිව්වා මේ Domain එක ඉක්මනින් මුදා හරින්න කියලා Namesilo එකට, එතකොට නම් එසැනින් වැඩේ වෙනවා කිව්වා. ඉතින් මම Namecheap එකේ Chat එකට ගිහින් Chat එකට කිව්වා මෙහෙම මම Transfer කළා Domain එක මේක ඔයාලගේ පැත්තෙන් මුදා හරින්න කියලා මට Transfer එක වේගවත් කරගන්න. එතකොට එයාලා මගෙන් Transfer කරන්න හේතුව ඇහුවා සේවාවන් වැඩි දියුණු කිරීම සදහා කියලා, මම එකට Renew කරන්න යන මුදල වැඩි කියලා කිව්වා. ඊට පස්සේ මට E-mail එකක් එව්වා (transfer confirmation request එකක් ) එකේ තියෙනවා Link එකක් එක කලික් කරලා මට අනුමත කරන්න කිව්වා. එචරයි ඊට විනාඩි ගානකට පසු බලනකොට Domain එක Namesilo එකට Transfer වුනා.

    88.png


    මේ වැඩෙන් මට $ 6.2 ඉතිරි වුනා Namecheap එකේ .com Domain එක Renew කරන්න $ 16.6 යනවා නමුත් මම Namesilo එකට Domain එක Transfer කරේ $ 10.40 එකෙන් අවුරුද්දකට Domain එක Renew වුනා.

    ඒ වගේම මේ Transfer එක කරන වෙලාවේ සයිට් එක down වුනේ නැහැ ඔයාලට ඒ ගැන බයක් තියෙනවා නම් ඒ ගැන හිතන්න එපා Name Servers වත් ඉවත් වුනේ නැහැ.

    අනිත් අයට දැනගන්න Post එක bump කරගෙන යන්න.


    ඔයාලට අඩුවට Shared Hosting / Windows/ Linux VPS , E-mail Hosting අවශ්‍ය නම් අපෙන් මිල දී ගන්න. 24/7 Support දෙනවා අපි https://lankawebhosting.net
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    cheap ganan mul tike tbbata passe passe un ganan ussanawa
    Verisign එකෙන් වැඩි කළා බන් .com .net මට namesilo එකෙන් E-mail ආවා කලින් උන් නමේ වැඩි කරන්නේ Verisign එකෙන් කියලා. හැබැයි namesilo එක namecheap එකට වඩා අඩුයි. Cloudflare එක $ 8 ගානක් හැබැයි එකේ Support වලට Chat එකක් නැහැ ඒ වගේම උන් Sales Support විතරයි දෙන්නේ Tech Support වලට Pro එක ගන්න ඕනේ එක ගන්න එපා අවුල්

    thank you machan la
    ------ Post added on Feb 26, 2024 at 3:10 PM

    ela machan
    ------ Post added on Feb 26, 2024 at 3:11 PM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,128
    113
    මම ත් ඔය වැෙඩ් කරනවා
    හැබැයි හරියට කරන්නඩ ඔන
    නැත්තනම්

    ඩෝමේන් එක ට ආතක් පාතක් නැතිව යනවා !

    එහෙම දිගට දිගට කෙලාත් අවුල්ද බන්හ්
    ------ Post added on Feb 26, 2024 at 3:11 PM
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    මම ත් ඔය වැෙඩ් කරනවා
    හැබැයි හරියට කරන්නඩ ඔන
    නැත්තනම්

    ඩෝමේන් එක ට ආතක් පාතක් නැතිව යනවා !
    ඔව් එක ඇත්ත බන්
    ඔය වැඩේ කරනකොට නිකන් අනාත වුනා වගේ හිතෙනවා එත් හොයලා හොයලා කරගන්නවා මම කොහොම හරි
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,128
    113
    ඔව් එක ඇත්ත බන්
    ඔය වැඩේ කරනකොට නිකන් අනාත වුනා වගේ හිතෙනවා එත් හොයලා හොයලා කරගන්නවා මම කොහොම හරි
    දිගට දිගට කලොත් අවුල්ද බන්හ්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    දිගට දිගට කලොත් අවුල්ද බන්හ්
    මම නම් කළා එහෙම අවුලක් වුනේ නැහැ හැබැයි කලින් තැන් වල Support එකට කියන්න උනේ නැහැ
    namechap එකේ තමා එහෙම වුනේ මම ඊයේ බය වුණා උන්ට කියන්න කිව්වා ම මුන් මාරු කරන්න දෙන්නේ නැති වෙයි කියල එත් අවුලක් වුනේ නැහැ උන්ගේ තමා Chat යන්න වුනේ අනිත් තැන් එකක්වත් එහෙම වුනේ නැහැ
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,186
    12,128
    113
    International Domain ගන්න එක හොදයි..උන් මාරම ජෙනියුන් ..ලංකාවේ එවුන්ගේ ගන්නවට වඩා හොදයි...කාලකන්නි හොරු ඉන්නේ