ගනන් ගන්න එපා බන් ඔකුං ටැක්ස් ගහනවා තමයි, මගේ අය්යත් ebay එකෙන් i phone එකක් ගෙන්නුවා, ඔය කිව්වා වගේම කොල සෙට් එකක් ආවා, එදාම මධ්‍යම තැපෑලට ගියා, එතකොට වෙලාව 2.30 ට විතර ඇති ඊට පස්සේ ආපු කොල පෙන්නපුවම අපිව සෙකන්ඩ් ෆ්ලෝර් එකට එක්කන් ගිහින් බොක්ස් එක ඕපන් කලා අපෙන් ඇහැව්වා මොකක්ද තියෙන්නේ කියල අපිත් ඉතින් ගොනා පාට් එකෙන් කිව්වා i pod එකක් වෙන්න ඇති කියල මොකද අපි සෙලර්ට කිව්වේ i pod එකක් කියල දාන්න කියල ඒ යකත් එහෙම දාල තිබුන, ඕපන් කරල බලලා උ කිව්වා මේක ෆෝන් එකක් ය මේකට ටී.ආර්.සී එකෙන් අනුමැතිය අරන් එන්න කියල කිව්වා ඉතින් පණකඩාගෙන ඇල්විටිගල මාවතේ ටී ආර් සී යට ගියා එතනට යනකොට අනිවා ෆෝන් එකේ විස්තර තියෙන කොලේ ෆොටෝ කොපි 2 ක් id කොපියකුත් අරන් යන්න නැත්නම් හෙන චාටර් එකක් කන්න වෙය්, අනුමැතිය ගත්තට පස්සේ ඉම්පෝර්ට් කොන්ට්‍රෝල් එකට යන්න ඕනේ ඒකට වරුවක් විතර චාටර් කන්න වෙනවා i phone එකට රුපියල් 2835 ක් ටැක්ස් ගෙව්වා. මේක මචන් උඹට වගේම අනික් උන්ට ප්‍රයෝජනවත් වෙය් කියල තමා සිංහලෙන්ම අකුරු හොයහොය ගැහැව්වේ.
