මුලින්ම කියන්නෝනේ මම බර පන්තියෙන් ක්‍රෝම් බැතිමතෙක්. ඒත් මට දැන් දැන් ෆීල් වෙනවා Edge එක ස්මූත් කියලා ක්‍රෝම් එකට වඩා. උඹලට එහෙම දැනිලා නැද්ද? හෙවි ලෝඩ් එකක් ටැබ් ගාණක් හැඩල් කරද්දි උනත්, බ්‍රවුස් වෙන ස්පීඩ් එකේ උනත්. කලින් egde එක ගොන් පාට් එකට තිබ්බට දැන් පට්ටම ස්මූත් වෙලා. පෙලක් වෙලාවට ෆයර්ෆෝක්ස් එකටත් වඩා සුපිරි වගේ දැනෙනවා හැබැයි මොකක්දෝ මන්දා කරුමයක් තියෙනවා තාමත් ක්‍රෝම් එක සිම්පල් වගේ පේනවා. Edge එකේ ඉන්ටෆේස් එකේ අවුලක් නිසාද මන්දා ඩිෆෝල්ට් දාන්න හිතෙන් නෑ. අපි ක්‍රෝම් එකට ඇබ්බැහි උන සීන් එකක්ද යන්නේ. උඹලගේ අත්දැකීම කොහොමද. ලැප් එක දුවන්නේ 16gb වලින්. ඩෙස්ක්ටොප් එක දුවන්නේ 32gb වලින්. එහෙම උනත් පෙලක් තැන් වල ක්‍රෝම් එක අඩනවා කෑෂ් නැතිව උනත්
