හ්ම්.. මෙහෙමයි බොහෝ දෙනෙක් ආදරය කරන්න පටන් ගන්නේ.. කිසිම වයස් සීමාවක් පදනම් කරගෙන නෙවෙයි..
ආදරයක් අපේ ජිවිතයට ලං වෙන්න වේලාවක් කලාවක් ඕන වෙන්නේ නෑ..
ඕනෑම වේලාවක අපි නොහිතු මොහොතක ආදරය අපේ හදවත් අපිටත් නොදැන පැහැරගෙන යනවා..
ඉතින්.. බොහෝ දෙනෙක් ඒ ලැබෙන ආදරයට ආදරය කරන්න කැමැති වුනත්.. ඒ අයගේ හිත තුල පොඩි බයක් තියෙනවා.. මේ සමාජය අපි ගැන වැරදි වැටහිමක් ගනිද කියලා..
ඒත් ඒ ආදරය ඒ කෙනා වෙනුවෙන් හදවත පුදන්න සුදානම් වු මොහොතේ ඒ ආදරය නිසා..
ඒ කරන දේ හරි ද වැරදි ද කියලා අපේ හිත් වලට දැනෙන්නේ නෑ..
ඒ හින්දා.. අපි සීමා මායිම් නොතකා ආදරය වෙනුවෙන් අපේ ජිවිතයේ වැඩි හරියක් කාලය වෙන් කර ගන්නවා.
කොහොම වුනත්.. අපේ හිත තුල ඒ ආදරයට ආදරය කරද්දි.. අපේ හිත තුලට හැම මොහොතේම එන සිතුවිල්ලක් තමයි.. අපිට මේ ආදරය අහිමි වෙයි කියන මතය..
ඒ හේතුවෙන් කොයි කවුරුත් තමන්ගේ ජ්විතයේදි..
හදිසි තිරණ අරන් ඒ ආදරය අහිමි වේ යයි කියන බය හදවතේ තියාගෙනයි ආදරය ගොඩ නගන්නේ..
අන්න එතනයි ආදරය කරන්නන්ට වැරදෙන තැන..
ඒ අය මේ සමාජයට හොරෙන් ආදරය කරන්න පටන් ගන්නවා..
කොයි තරම් බියෙන් ආදරය කරනවා කිව්වොත්..
ඒ අය තම දෙමව්පියන්ට වත් මේ ආදරය ගැන කියන්න මැලි වෙනවා..
( තම දෙමව්පියන්ට කීකරුව ජිවත් වෙන අය නම් මේ ප්රතිපත්තියෙන් වැලකිලා ජිවත් වෙන්නයි.. බොහෝ වේලාවට උත්සහ කරන්නේ. )
ඉතින් ඒ වගේ ආදරයක් කරද්දි.. ඒ අය කොයි මොහොතෙත් බියෙන් තමයි තම ආදරය තමන්ගේ ජිවිතයට ලං කර ගන්නේ..
ඒ අය ඉදිරිය ගැන කිසිම මොහොතක හිතන්න යන්නේ නෑ..
ඒ වගේ සිතුවිල්ලක් ඒ අය තුලට එන්නේ නැත්තේ ඒ අය ආදරය තුල අන්ධ වේලා ජිවත් වෙන නිසායි..
ඉතින් මේ ගැන ගෙදර උදවිය දන්නේ නැති හින්දා..
ඒ අය හිතාගෙන ඉන්නේ.. අපේ දුව අහිංසකයි.. කිසිම කොල්ලෙක් දිහා ඇහැක් ඇරලා බලන්නේ නැති ලැජ්ජාවෙන් ජිවත් වෙන කෙල්ලෙක් කියලායි.. ( ඒ වගේම පුතාලා ගැන හිතන දෙමව්පියනුත් ඉන්නවා.. : )
කොයි දෙමව්පියන්ගේ හිතේ තියෙන බලාපොරොත්තුවක් තමයි..
තමන්ගේ දුවලා පුතාලා නිසිවයසට එළබෙද්දි.. ඒ අයට කසාදයක් එහෙම කරලා දෙන එක..
ඉතින්. ඒ අයත් තම දුව ගේ පුතාගේ සතුට වෙනුවෙන්.. ඒ අය වුනත්..
හොද පවුල් පසුබිමක ඉන්න කෙනෙක් හොයන්නේ.. තම දුව හෝ පුතා කිසි දිනක දුකෙන් ජිවත් වෙන්න හොද නෑ කියන මතයෙන් ඉදගෙනයි..
ඉතින්.. ඒ අවඩියේදි.. තම දුව වෙනත් කෙනෙක් එක්ක ආදර සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගන්න ලැබුනාම.. ඒ දෙමව්පියන්ට ලොකු වේදනාවක් දැනෙනවා..
ඇයි මේ වගේ දෙයක් අපිට හංගන්න හේතු වුනේ කියලා..
ඒ මොහොත වෙද්දි.. සමහර වේලාවට පරක්කු වැඩි වෙන්නත් පුලුවන්..
ඒකයි බොහෝ දෙනෙක් ට වෙන්නේ..
ඒ හින්දා මම කවදාත් දරණ මතයක් තමයි.. ආදරය කලාට කමක් නෑ..
ඒ ආදරය ගැන තම දෙමව්පියන්ට දැනුවත් කරලා තියෙන්න..
දැනුවත් කරලා විතරක් මදි.. ඒ කොල්ලාව හරි.. ඒ කෙල්ලව හරි තම නිවසේ උදවියට හදුන්වලා දෙන්න වග බලා ගන්න..ඉතින්.. ඒ අවඩියේදි.. තම දුව වෙනත් කෙනෙක් එක්ක ආදර සම්බන්ධයක් තියෙනවා කියලා දැන ගන්න ලැබුනාම.. ඒ දෙමව්පියන්ට ලොකු වේදනාවක් දැනෙනවා..
ඇයි මේ වගේ දෙයක් අපිට හංගන්න හේතු වුනේ කියලා..
ඒ මොහොත වෙද්දි.. සමහර වේලාවට පරක්කු වැඩි වෙන්නත් පුලුවන්..
ඒකයි බොහෝ දෙනෙක් ට වෙන්නේ..
එහෙම කලා නම්.. ඒ ආදරවන්තයා හෝ වන්තිය ඒ ආදරයට රැවටිමක් කරන්න හරි හිතාගෙන හිටියා නම්..
ඒ දේ තව දුරටත් කරන්න හැකියාවක් ලැබෙන්නේ නෑ..
අනික ඒ තම දෙමව්පියන්ට දැනුවත් කරලා තිබ්බා නම්..
මේ සමාජයට බයෙන් සැකෙන් ජිවත් වෙන්න ඕන වෙන්නේ නෑ..
ඒ වගේම පදුරක් ගානේ.. කුඩයක් යටට වේලා පාර තොටේ තව දුරටත් හොරෙන් ආදරය කරන්නත් ඕන වෙන එකක් නෑ..
mmmm... oya kiyana de therenawa bro.. eka aththa.. horen horen love karala passe duk wena eka therumak na..

ithin ethakota demawupiyanta kiyala therum karata passeth e aya kamathi nathi unoth mokakda karanna ona? e kiyanna kamathi karaganna kisima widiyak naththan...
aththama kiwwoth mata meka ahanna hethu unu kathawe girl ammalata meka kiwwa (mulinma wage).. eth eyala kohomawath ekata kamathi une na. (eyalata godak salli thiyenawa. girl dan engineer kenek. eyalage pawule hamoma wage loku loku jobs karana professionals la. ) e boy ge waraddak wath narakak wath thibune na. eth eya e ammala thamange duwa wenuwen balaporoththu unu widiye kenek nevei. e ayya saamanya wadagath pawulaka lamayek. habai wadiya salli na. campus giyeth na. job ekak nam kala. eth ara akkage pawulata hariyana tharam loku ekak nevei..
eth eyala godak kal yalu wela hitiya. ammala hondatama wirudda una. anthimata e akka ayyawa atha ariya..ithin eya e gaththe ganna puluwan hondama theeraneda?

