එතකොට දැන් අපි කරන්න ඕනි කාටවත් චන්දේ නොදා ඉඳල මහින්ද මහත්තයට ආයෙත් දිනන්න අවස්තාවක් හදල දෙන්න කියලද....
මට නම් කවුරු ආවත් එකයි. අපි සල්ලි හොයන්න දේශපාලනේ ගාවගෙන නෙමෙයි.
ස්වාදීන කොමිශන් සභාටික පත්කරන එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. මට මේ ආන්ඩුවට චන්දේ දුන්න එක ගැන කලකිරුනේ ශිරානි බන්ඩාරනායකට කෙලවපු වෙලාවේ. ආයෙත් මේ ත්රෙඩ් එකේ දේශපාලනය ගැන කතානොකරමි.
උඹ ගේ විවේචන එක්ක තාට හරි දීපං.....
ප්රශ්නයක් නෑ......(කොහොමත් ඡන්දය කියන්නේ උමේ ස්වාධින කැමැත්ත සහ අයිතිය, ඒක වෙනස් කරන්න බලපෑම් කරන්න අපි කිසිම කෙනෙක්ට අයිතියක් නෑ)
නමුත් හොදට මතක තියා ගනින්, ඊළග මහාමැතිවරණයේ දී, බුද්ධිමත් මිනිසුන් පාර්ලිමේන්තු ගත කරන්න.......දාන සියළු ම හොරු සහ ජඩයන් ප්රතික්ෂේපකරන්න....
එහෙම නොකලොත් උමේ දරුවන් ට සහ මගේ දරුවන්ට රටක් නෑ..........
දේශපාලනේ කතා කරපං. මොකද අපි කවුරුවත් විවේචනය කරන්නේ මතවාදය විනා පුද්ගලයන් නෙවෙයි නේ......
අපි විවාදාපන්න වෙන්නේ වඩා යහපත් දේශපාලන ස්ථාවරයක් මිනිසුන් ගේ මනස තුල නිර්මාණය කිරීමේ ඓතිහාසික සද් කාර්යය වෙනුවෙන්...........
ඒ සද් කාර්යයට අත ගහපං.....ඒක අපෙන් වෙන්න ඕන යුතුකම......