EK Monster Fish Keepers

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    sw8juf.jpg


    මාළු ඇති කරන අයගේ තවත් ජනප්‍රියම මළුවෙක් තමා එන්ජල් (Angels / Aagel fish) මාළුවා. මෙයාලගේ නිජබිම විදිහට කියන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාවත් ඒ අතු ගංගාවලුත්. මෙයාල ට්රෝෆිලම් (Pterophyllum) කියන වර්ගයට අයිති වෙනවා වගේම හැඩය පැතලි නිසාත් වරල් වල දිගටි හැඩයත් නිසා මෙයාලා සරුංගලයක් වගේ පෙනෙනවා.
    මෙ‍ අයගේ තියන විශේෂම පුරුද්දක් වෙන්නේ එයාලා ජිවිත කාලයටම එකම ජෝඩුවක්‌ (monogamous pair) විදිහට ඉන්න එක. මෙයාල තමන්ගේ පැටවුනට හොද මවුපිය රැකවරණයක් දෙනවා වගේම වර්ග ගොඩකිනුත් ඉන්නවා. ඔරිනෝකෝ එන්ජල් (Orinoco Angels = Pterophyllum altum), ඩොෆ් එන්ජල් (Dwarf Angel = Pterophyllum leopoldi) සාමාන්‍ය එන්ජල් (Angelfish = Pterophyllum scalare) මේ වෙනකොට ගොඩක් ජනප්‍රිය වෙලා තියනව.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    fejw2t.jpg


    (Zebrafish – Daniorerio )මෙයාලගේ නම ඇහුව ගමන ඔයාලට මතක් වෙන්නේ zoo එකේදී දැකපු සීබ්‍රා නේද? ඒ වගේම තමා මෙයාලත්. මෙයාලගෙත් ඇග පුරාවටම ඉරි තියනවා. නැගනහිර ඉන්දියාවේ දියකඩිති වල තමා මෙයාලා ජිවත් වෙන්නේ. දැන් වෙනකොට මෙයාලා වර්ග ගොඩක් හොයාගෙන තියනවා, එය දෙමුහුන් ක්‍රම වල ප්‍රථිපල විදිහට. මෙයාලා උපරිම 6 cm විතර ලොකු වෙනවා. හොදින් පරිනත උනත් මෙයාලගේ ගැහැණු සතෙකුගේ බිත්තර මෝරන්න එයාලා ළග අනිවාර්යෙන් පිරිමි සතෙක් ඉන්නම ඕන කියල දැනට හොයාගෙන තියනව.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    2hz356x.jpg


    පොඩි ඇගක්තියන ගොඩක් ලස්සන මාලුවෙක් තමා නියෝන් ටෙට්‍රා (Neon tetra = Paracheirodon innesi) කොළොම්බියාව, පිරු වගේම බ්‍රසීලය වගේ දකුණු ඇමරිකානු රටවල් වල අපැහැදිලි වතුර තියන ගංගා වගේම අතු ගංගා වල ජිවත් වෙන මෙයාලා රංචු විදිහට ඉන්න ගොඩ කැමැත්තක් පෙන්නනවා වගේම අදුරු වතුරේදී දිලිසෙන ලා නිල් පාට ඇගක් තියන එක විශේෂ ලක්ෂණයක්. 3 cm විතර ලොකු වෙන මෙයාලා ගැහැණු සත්තු, පිරිමි සත්තු ගොඩක් වෙලාවට බාහිරින් එක සමාන වෙනවා. රළු පරිසරයකදී විතරක් නෙමෙයි ආම්ලික වතුරේදීත් ජිවත් වෙන්න පුළුවන් කම තියන මෙයාලට ගෘහස්ත මාළු ඇති කරන අය ගොඩ කැමැත්තක් පෙන්නවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    29bkljm.jpg


    මෙයාලගේ නිජබිම තමා ඇමරිකාවේ මැක්සිකොවේ ඉදල හොරන්ඩුරාස් කියන හරිය දක්වා තියන දිය කති, දිය අගල්. ඔයාල දන්නවද මෙයාලගේ පිටිපස්සේ වරල මේ තරමටම දිග වෙන්නන හේතුව. පරිනමවාදීන් නම් කියන්නේ පායන කාලයට එය කියන්නේ වියලි කාලයට මෙයාල ඉන්න දිය කඩිති. වලවල් හිදිගෙන යනකොට මෙයාල තමන්ගේ පිටිපස්ස වරල පාවිච්චි කරලා වෙනත් වතුර තියන තැනකට පැන පැන යන්න පුරුදු වෙලා හිටිය නිසා, කාලයත් එක්කම එයාලගේ පිටිපස්ස පැත්තේ ඇති වරලෙන්, ඒ කියන්නේ තමන්ගේ නැට්ටේ කොටසක්‌ අසාමාන්‍ය විදිහට දික් උනා කියල තමා පරිණාම වාදීන් කියන්නේ. මේ විදිහට දික් වූන වරල අසිපතක් (Sword) විදිහට පේන නිසා අදටත් මෙයාලට ස්වොර්ඩ් ටේල්ස් (Sword tails = Xiphophorus hellerii) කියල හදුන් වන්නේ. මේ මාළුවන්ගේ පිරිමි සතාගේ කඩුවක් විදිහට වරලක් තිබුනත් ගැහැණු සතාගේ වලිගයේ ඒ වාගේ වරලක් නැත. සාමානයෙන් මෙයාලගේ වර්ගයේ පිරිමි සතෙක් 7 cm විතර දිග උනත් ගැහැණු සතෙක් 4 cm විතර වෙනවා.
    මෙයාලත් ඉක්මනින් බෝ වෙන නිසා ඔයාලටත් ගෙදර තියන පුංචි මාළු ටැංකියක ඇති කරන්න වගේම බෝ කරගන්නත් පුළුවන්.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    a0cqdt.jpg


    මෙයාලත් මාළු ඇති කරන අයගේ ගොඩක් ජනප්‍රිය මාළුවෙක්. සික්ලිඩ් ගණයට තමා මේ ඔස්කා (Oscar = Astronnotus ocellatus) මෙයාලා අයත් වෙන්නේ. සාමානයෙන් මෙයාලට වෙල්වට් සික්ලිඩ් (Velvet cichlid), මාබල් සික්ලිඩ් (Marble cichlid) කියලත් කියනවා. දකුණු ඇමරිකාවේ ජලාශ වල ඉන්න මෙයාලව ඒ රටවල් වල මිනිස්සු කන්නත් ගන්නවා. එත මෙයාලා ලොකු ඒ කියන්නේ වර්ධනය වෙන්නේ හෙමින් නිසා නිසා වැඩිපුරම විසිතුරු මාළුවෙක් විදිහට තාම ගන්නේ. මෙයාලට තියන හැකියාවක් තාමා ඉක්මනින් පාට මාරු කර ගන්න පුළුවන්. ඒ වගේම මෙයාලා මස් කෑමට ගන්න කැමැත්තක් පෙන්නනවා. මෙයාලා 45 cm විතර ලොකු වෙනවා
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    2j1n7ky.jpg


    මෙයාලා සුමාත්‍රා බාබ් (Sumatra barb) වගේම ටයිගර් බාබ් (Tiger barb = Puntius tetrazona) කියලත් හදුන්වනවා. මැලේසියාවේ ඉදන් කාම්බෝජය වෙනකල් ඇළ, දොළ වගේම පොකුණු වලත් මෙයාලා දකින්න ඉන්නවා. මෙයාල උපරිම 7 cm විතර ලොකු වෙනවා වගේම ඇග රිදී පාටටත් කහ පාටිනුත් ඒ මත කළු පාටින් දිගටි ලප හතරකුත් කියනවා. කොහොම උනත් දෙමුහුන් ක්‍රමයේ ප්‍රතිපල නිසාම දැනට මෙයාලා ඇග කොළ පාටිනුත් ඉන්නවා. තවත් මෙයාලා තමන්ගේ අය එක්ක රංචු විදිහට ඉන්න කැමැත්තක් පෙන්නනවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    2aj1iyv.jpg


    අද වෙළදපලේ ගණන් වැඩිම මාළු වර්ග වලින් එකක් වෙන මෙයාලා ගොඩක් ලස්සන මාළුවෙක්. (Discus = Symphysodon aequifasciatus) වෙන මෙයාලගේ නිජබිම දකුණු ඇමරිකාවේ ඇමේසන් ගග ඒත් අද ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ ආසියාතික රටවල් වල. පැතලි ඇගක් තියන මෙයාලා ගොඩක් වෙලාවට රවුමක් වගේ. සාමානයෙන් 20 cm විතර ලොකුවෙන මෙයාලා පැටවුනට ගොඩක් ආදරෙ කරන මාළු ජාතියක්.
    මෙයාලගේ ගැහැණු සතා බිත්තර දැම්මට පස්සේ එයාගේ හමෙන් එලියට එන උකු දියරයක් වගේ දෙයක් කෑමට අරගෙන තමා ඒ බිත්තර වලින් එලියට එන පැටවුන් ලොකු වෙන්නේ. එය විදිහට දෙමාපියන් ළගම ඒ පැටවුන් සති ගණනක ජිවත් වෙන නිසා පැටවුන්ට ආරක්ෂාව උපරිම විදිහට ලැබෙනවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    2m7x191.jpg


    මෙයාලා දකුණු ඇමරිකාවේ "ටැපජෝස් ගග" (Tapajos river) කියන හරියට අවේනික මාළු ජතියක් සිල්වර් ඩොලර් (Silver dollar = Metynnis argenteus) කියන මෙයාලට තියෙන්නේ රවුමක් හැඩයට ඇගක්. 12 cm විතර මෙයාල ලොකු වෙනවා. සාමානයෙන් මෙයාල රංචු විදිහට ඉන්න කැමති. වගේම ටිකක් විතර ආක්‍රමණ ශීලි ගතියකුත් පෙන්නනවා, ඒ උනත් මෙයාලා ශාක භක්ෂක මාළු වර්ගයක්, පොඩි පනුවන් කෘමින් වගේ සත්තුත් ඉදල හිටලා වගේ කෑමට ගන්නවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    2i2bzgz.jpg


    බ්‍රසිලයත් දකුණු ඇමරිකාවත් නිජබිම කරගෙන ඉන්න මේ මාළුවන් බ්ලැක් ටෙට්‍රා (Black tetras), බ්ලැක් විඩොව් ටෙට්‍රා (Black widow tetras) කියන නම් වලින් හදුන්වනවා. සාමානයෙන් මෙයාලා ස්වාභවික පරිසරදීනම් 6cm විතර ලොකු වෙනවා වගේම වල් දර්ශනයක් නැත්නම් ස්වභාවික රුපය කළු පාට වැඩිපුර ඇගේ තියනවා. මේ මාළු වර්ගය මාංශ භාක්ෂක වර්ගයක්. වතුරේ ඉන්න පොඩි පොඩි සත්තුන් කෑමට ගන්න මෙයාලා ආක්‍රමණශීලි මාළු වර්ගයක් වෙනවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    30ur9z8.jpg


    මාළු ඇති කරන අය අතර ගොඩක් ජනප්‍රිය මාලුවෙක් තමා මෙයාලා. සාමානයෙන් ගගවල් වල, වැව් වල මාළු අල්ලන කට්ටියනම් මෙයාලට කියන්නේ අගුලුවන් කියලා. ඒ උනාට අපි නැත්නම් මාළු ඇති කරන අය කියන්නේ මෙයාලට “කැට් ෆිෂ්” (Cat fish) කියලා. මෙයාලගේ කට දෙපෙත්තේ “අන්කුට” (Barbels) දෙකක් නිසා තමා මේ නම මෙයාලට දාලා තියෙන්නේ. සාමානයෙන් මෙයාල අනෙත් මාළුවන්ට වැඩ ලොකු වෙනවා. ඒ උනාට එයාලගේ හැසිරීම වගේම හැඩය නිසාම තමා මාළු ඇති කරන අය කමැති මෙයාලට. කොහොම උනත් මෙයාලගේ ගොඩ දෙනක් ඉක්මනින් බයවෙන ගතියක් පෙන්නනවා. සාමානයෙන් මෙයාලා pond එකක ඇති කරනවානම් ඉතාමත් ඉක්මනින් ලොකු කරගන්න පුළුවන්.

    මේ ඉන්නේ Red tail catfish කෙනෙක්. මෙයාලට මේ නම හම්බ වෙලා තියෙන්නේ මෙයාලගේ පිටිපස්සේ වරල, නැත්නම් නැට්ට කෙළවර රතු පාට නිසා. දකුණු ඇමරිකාව තමා මෙයාලගේ නිජබිම. වැඩිපුරම බ්‍රසීලය, වෙනිසියුලාව වගේ රටවල් වල ගංගා, ඇළ, දොළවල ජිවත් වෙනවා. සාමානයෙන් මෙයාලා ස්භාවික පරිසරයේදී 130 cm විතර ලොකු වෙනවා වගේම 45 kg විතර බර වෙනවා.

    මෙයාලට තමා ටේටේ සි කැට්ෆිෂ් (Tete sea catfish = Sciades seemanni) කියන්නේ. පැසිෆික් සාගර කලාපයේ තියන ගලාගෙන යන දිය පාරවල් කලපු වල තමා ජිවත් වෙන්නේ. මෙයාලාගේ ඇග අළු පාට වගේම ඔලුව ටිකක් විතර ලොකු වෙනවා. 40 cm විතර ලොකු වෙන මෙයාලා සාමානයෙන් මාළු ටැංකි වල ඇති කරන්නන නම් ඒ තරමටම හොද නැ.

    මෙයලටනම් නම් දෙක තුනක්ම තියනවා. බර්නි කැට්ෆිෂ් (Berny’s catfish) බර්නි ෂාක් කැට්ෆිෂ් (Berney’s shark catfish) නැත්නම් සැමන් කැට්ෆිෂ් (Salmon catfish = Arius bernei) මිරිදියේ වගේම කිවුල් දියේ ජිවත් වෙන්න පුළුවන් මාලුවෙක්. සාමානයෙන් market එකේ වැඩිපුරම දකින්න ඉන්න catfish වර්ගයක් තමා මෙයාලා. 35 cm විතර ලොකු වෙන මාළු වර්ගයක්. මෙයාලා විසිතුරු මාළු ඇති කරන අයට ඇති කිරීමට ගැලපෙන මාළු ජාතියක්.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    2vcvuq8.jpg


    මෝසේයික් කොරිඩොරාස් (Mosaic corydoras) ඔයාලට මතකද පොඩි කාලයේදී අපි ඉගන ගත්ත සමමිතික රුප. ඒ වගේම තමා මෙයාලගේ ඇගත්. ඒ නිසාම මෙයාල ඉතාම ලස්සන මාළු ජාතියක් වගේම හොද වෙළදපල වටිනාකමක් නැත්නම් හොද market එකක් තියන මාළු වර්ගයක්. ගෙවල් වල තියන මාළු ටැංකි වලත් ඇති කරන්න හොද මාලුවෙක් මෙයාලා. බ්‍රසීලය බොලිවියාව වගේ දකුණු ඇමරිකානු රාජයන් වල තියන මිරිදිය ජලාශ වල තමා මේ මෝසේයික් කොරිඩොරාස් (Mosaic corydoras = Croydoras haraldschultzi) කියන මාළුවන් ස්භාවිකවම බෝ වෙලා ඉන්නේ. 6 cm විතර ලොකු වෙන මෙයාලා පොඩි පොඩි ජලජ සත්තු වගේම පැළෑටි කැමට ගන්න කැමැත්තක් පෙන්නනවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    qo6peq.jpg


    බෑන්ඩඩ් කොරිඩෝරාස් (Banded corydoras) 10 cm විතර දික් වෙන මේ මාළුවන්ගේ පිරිමි සතා ගැහැණු සතුන්ට වඩා ලස්සන පෙනුමක් තියනවා. මෙයාල ගොඩක් වෙලාවට ලොකු මත්ස්‍යගාරවල බලාගන්න පුළුවන්. ඉස්සෙල්ලම මේ වර්ගය 1824 කැලික්තිස් බාබටස් (Callichthys brabatus) ව්ද්‍යාත්මක නමින් තමා හදුන්වල තියෙන්නේ, ඒ උනාට 2003 න් පස්සේ ඒ නම වෙනස් වෙලා තියනවා. ඒ ස්කිලිරොමිස්ටැක්ස් බාබටස් (Scleromystax barbatus) කියලා. පනුවන් වගේම ජලජ කෘමින් කෑමට වැඩිය කැමැත්තක් පෙන්නන්න මෙයාලා කෘතීම පරිසරයේ ඇති
    කරන්නන ඒ තරම් අමාරුවක් නැ.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    10s9mrp.jpg


    නැගනහිර අප්‍රිකාවේ මලාවි කියන ජලාශයට අවේනික කහපාට දිලිසෙන ඇගක් තියන මේ යෙලෝ ප්‍රින්ස් (Yellow prince = Labidochromis caeruleus) නැත්නම් ලෙමන් යෙලෝ ලැබ් (Lemon yellow lab) වෙන මාළුවන්ට වඩා වෙනස් පුරුද්දක් නැත්නම් වෙනස් හැකියාවක් තියන මාළු වර්ගයක්. ඒ මෙයාලගේ ප්‍රජනන ක්‍රියාවලිය. පිරිමි සතා ජලාශ පතුලේ වලක් හෑරුවට පස්සේ ඒ වල තුලට ගැහැණු සතා බිත්තර දානවා. ඊළගට පිරිමි සතා ඒ බිත්තර උඩට ශුක්‍රානු ඉසිනවා. සංසේචනය වුන බිත්තර ගැහැණු සතා තමන්ගේ කටේ තියන විශේෂ කුටිරයක (buccal cavity) තියාගෙන තමන්ගේ බිත්තර පරිස්සම් කරනවා. මේ බිත්තර රකින ක්‍රමයට “mouth breeding” කියනවා. මේ විදිහ නිසා පැටවුන් ගොඩක් පරෙස්සම් වෙන නිසා මෙයාලා ඉක්මනින් බෝ වෙන මාළු වර්ගයක්.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    258zey8.jpg


    කන්වික්ටඩ් සික්ලිඩ් (Convicted cichlid) මධ්‍යම ඇමරිකාවේ ස්භාවික ජලාශ වල තමා මේ කන්වික්ටඩ් සික්ලිඩ් නැත්නම් සීබ්‍රා සික්ලිඩ් ජිවත් වෙන්නේ (Convicted cichlid = Amatitlania nigrofascicata) සාමානයෙන් මෙයාල 8 cm විතර ලොකු වෙනවා වගේම
    විසිතුරු මාළු ඇති කරන අය අතර ගොඩක් ජනප්ප්‍රිය මාළු වර්ගයක්. පොඩිකාලයදීනම් මෙයාලගේ ගැහැණු සත්තුපිරිමි සත්තු වෙන කරලා හොයා ගන්න අමාරුයි, ඒ වුනාට හොදින් ලොකු වුනාට පස්සෙනම් වෙනස්කම් හොදිබලා ගන්න පුළුවන්.සාමානයෙන් පිරිමි මාළුවා ටිකක් වැඩිපුර ලොකු වෙනවා වගේම එයාගේ ඇගේ තියන කළු ඉරි ඒ තරමටම කළු පාටපෙන්නේ නැ. ඒ වුනාට ගැහැණු සතා දීප්තිමත්ගතියක් පෙන්නනවා වගේම එයාගේ බඩවත හරිය orange colur වෙනවා.
    වෙන සික්ලිඩ් මාළුවන් වගේ නෙමේ. මෙයාලා mouth breeding කරන්නේ නැ. ඒ වුනට පැටවුන්ගේ පියා තම පැටවුන් ලගටම වෙලා හොදින් බලා ගන්නනවා.

    https://www.facebook.com/mine.madhura/timeline
     
    Last edited:

    Monster_K

    Member
    Apr 27, 2014
    14
    1
    0
    මහපොලවෙ
    ටැංකියෙන් ඇළ දොළට ආ මසුන්

    පහුගිය දවස්වල මොනරාගල පැත්තේ මිරිදිය ධීවරයෙකුට අරුම පුදුම මාළුවෙක් හම්බ උනා කියලා ප්‍රවෘත්ති වලට කියනවා මින් විසිතුරු අහගෙන හිටියා. මේ මාළුවා ඇලිගේටර් ගා කියන මාළුවෙක්. මේ මාළුවා දැක්කට පස්සේ මින් විසිතුරුට හිතුනා ආක්‍රමනකාරි මාළු ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න.

    ඔය මොනරාගල පැත්තෙන් හම්බ උනායි කියන මාළුවා ලංකාවට සුළභ එකෙක් නෙමේ. කොහේ හරි මාළු ටැංකියක ඇති කරලා මුදාහැරපු මාළු වර්ගයක්. කොටින්ම ආක්‍රමණකාරි මාළුවෙක්.

    ආක්‍රමණකාරි මාළුන්ගෙන් තියෙන ප්‍රධානම තර්ජනය තමයි ස්බාවික මත්ස්‍ය විශේෂ ආහාරයට ගැනීම.එතකොට මිරිදිය පරිසර පද්ධතියේ සමතුලිතතාවයට බාධා ඇති වෙනවා. කොටින්ම සමහර ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ වඳවෙලා යන්නත් මේ ආක්‍රමණකාරි මසුන් හේතුවක් වෙනවා.

    ගොඩක් වෙලාවට මෙහෙම ආක්‍රමණික මත්ස්‍ය විශේෂ ලංකාවට එන්නේ සුරතල් මසුන් ආනයනය කරන්නන්ගෙන්. සමහර වෙලාවට අළුත් සුරතල් මාළු ප්‍රභේද කියලා හඳුන්වා දෙන්නේ මේ වගේ ආක්‍රමණික මාළු. ඉතින් මාළු ඇති කරන අයත් මුන්ව මිලදී අරගෙන ටික කාළයක් ඇති කරනවා. ඊට පස්සේ එයාලගේ මාළු ටැංකියට ඒ මාළුන්ගෙන් තර්ජනයක් ඇති උනහම උන්ව ඇළදොළ ගංගා වලට මුදා හරිනවා. ඔන්න ඔහොමයි මේ මාළු ස්බාවික ජල ප්‍රභව වලට එන්නේ.

    ලංකාවේ දැනට ස්බාවික ජලජ පද්ධතියට තර්ජනයක් වෙච්ච මාළු වර්ග කිහිපයක් ඉන්නවා. පහලින් තියෙන්නේ ඒ මසුන්.

    1. මන්නයා (නයිෆ් ෆිෂ්/ Knife Fish)

    මේ මාළුවාත් කලකට ඉහතදී සුරතල් මාළුවෙක් විදිහට ජනප්‍රිය වෙච්ච මාළුවෙක්. පස්සේ කාලෙක මිරිදිය ජලයට එකතු වෙච්ච ආක්‍රමනික මාළු විශේෂයක්.

    9zmsfs.jpg


    2. ඇලිගේටර් ගා

    මීටර් 2.4කට වඩා ලොකු වෙන කිලෝග්‍රෑම් 100කට ආසන්න බරක් දක්වා වර්ධනය වෙන ආක්‍රමණික මාළු වර්ගයක්. මින්ගේ නිජබිම වෙලා තියෙන්නේ දකුණු ඇමරිකාව.

    14v34es.jpg


    3. පිරානා

    ඇමසන් ගංගාව ආශ්‍රිතව ජීවත් වෙන මාංශභක්ෂක මාළු විශේෂයක්. මුන්ට ශක්තිමත් හකු හා තියුණු දත් තියෙනවා.මේ නිසා ලොකු මත්සයින් උනත් ආහාරයට ගන්න පුලුවන්.

    175rv4.jpg


    4. ස්කැවෙන්ජර්ස්

    ටෑන්ක් ක්ලීනර්ස් කියලා අපි මාළු ටැංකියේ හදන මාළු වර්ගයක්. මුනුත් ආක්‍රමණික මත්ස්‍ය වර්ගයට තමයි අයිති වෙන්නේ.

    2cerfdf.jpg


    5. සමහර සික්ලීඩ් වර්ග

    ගොඩක් වෙලාවට අප්‍රිකානු සික්ලීඩ් කියන වර්ගය තමයි ආක්‍රමණික මාළු ගණයට වැටෙන්නේ. මීට අමතරව ටෙක්සාස් සික්ලීඩ් කියන වර්ගයත් ආක්‍රමණික වර්ගයක් වෙනවා.

    2hwebz9.jpg


    6. ගප්පි


    මුන්ගේ සීග්‍ර බෝවීම තමයි ආක්‍රමණකාරි වෙලා තියෙන්නේ. ඊට අමතරව ජලජ මත්ස්‍ය විශේෂ වලට නම් කරදරයක් නෑ. මදුරුවන් බෝවීම සිද්ධ වෙන පරිසර පද්ධති වලට විසදුමක් විදිහට ගප්පින් යොදා ගන්නවා.

    a2umnd.jpg


    7. ඇරොවානා වර්ග

    ඇරොවානා වර්ග වලින් සිල්වර් ඇරොවානා වර්ගය ආක්‍රමණික වර්ගයක්. නමුත් තාම තර්ජනයක් නම් වාර්ථා වෙලා නෑ.

    2dbqgyw.jpg


    මීට අමතරව තවත් ආක්‍රමණික මත්ස්‍ය විශේෂ ගැන අහන්න කියවන්න ලැබුනොත් මේ ලිපිය යාවත්කාලින කරන්නම්.ඉතින් අවසන් වශයෙන් කියන්න තියෙන්නේ මේ වගේ මාළු විශේෂ හදන්න ගත්තට නම් කමන් නෑ. ඒ උනාට තමන්ගේ මාළු ටැංකියට තර්ජනයක් වෙච්ච වෙලාවට ඇළදොළ වලට මුදාහරින්න එපා. !!!

    Source - Malu Tankiya Blog

    මචන් Piranah මාලු තාම ලන්කාවේ ගඟා වල වාර්තා වෙලා නැහැ නේද??