මචන්ල මචියන්ලා මේ පැත්තේ එන්න බැරි උනාට සොරි කියල කියන්නම් ඉස්සෙල්ලාම....7 වෙනිදා උදේ,,,අපේ ඔෆිස් එකේ ක්ලීන් කරන පොර ස්ටෙයාකේස් එක හොදට මොප් කරල කවදාවත් නැතුව..මම මෝඩයා වගේ උඩ ඉදන් පහලට දිවුවා...පඩි දෙකයි බැස්සේ කෙලින්ම රෝල් වෙලා පහලටම වැටුන..නැගිටින්න බැරිව එකෙක් ඇවිත් නැගිට්ටුවේ..බැලුන්නම් දකුන අත උරහිස ගාවින් පැනලා..එහෙනමම ජෙනරල් හොස්පිටල් ගිහින් අතත් දාන් එද්දි හවස් උනා...(මට සිහිය නැති කරලා අත දාල තියෙන්නේ)පුදුම දුකක් වින්දේ,,,හතුරෙකුටවත් වෙන්න හොද නැ...ඊට පස්සෙ හවස එහෙමම 3වීල් එකක කඩුවෙල ගිහින් ඊලග දවසේ ගෙදර ගියා....ආපහු ඊයේ තමයි කොලබ ආවේ....අද ඔෆිස් ආවා....අවුරුද්දේ අන්තිමනේහ් හොදට වැඩ ගොඩ ගැහිල පිස්සු වගේ....ආපහු මම ගෙදර යනව 23 වෙනිදා..උබලටත් කියන්නේ...ඇවිදිද්දි පොඩ්ඩක් පරිස්සමින් ඇවිදපල්ලා...
හප්පා
දෙයක් උනාට පස්සේ අරුට කෑගහල වැඩකුත් නෑනේ නෙහ් බන්
අපිත් ඕව ගැන හිතන්නෙම නෑනේ
ඔයින් ගියා ඇති බන්
ඉක්මනට හොද වෙයි මචං






