මේක කියවද්දි මට යමක් කියන්න හිතුන නිසා මේක දාන්නම්. මේ ත්‍රේඩ් එකේ තියෙන පෝස්ට් දැක්කම මට හිතන දෙයක් තමයි, බහුතරයක් උදවිය හිතන්නේ මොළෙන් නෙවෙයි, හදවත් වලින්, ඒ කිව්වේ ගොඩක් හැගීම් බරයි (බොළදයි). යමක් තර්කානූකූල විදියට හිතන්නේ නෑ. සමහර අය ආවේගශිලියි, කුණු හරුප කියන්න ඕනේ නෑ, අම්මට බනින්නම ඕනේ නෑ නමුත් පෝස්ට් එක දාන විදියෙන් තේරෙනවා මොන වගේ තත්වයක්ද හිතේ තියෙන්නේ කියලා.
ඇත්තටම මම ඔය තරගයට එන්න කැමති උනෙත් නෑ මොකද තරගය මුලදි දැක්ක හැටියේ දැනගත්තා මෙතන මොකක් හරි වැරැද්දක් තියෙනවා කියලා, නමුත් තරගයට පොඩ්ඩක් ඔලුව දාන්න ආවා නිපුනයි, මල් බබයි කියපු නිසා. මට ආරාධනා කරපු එක මම වැරදි කියන්නේ නෑ, නිපුනටයි, මල් බබාටයි බනින්නෙත් නෑ, උන් දෙන්නාට මේ ගැන ස්තුති කරනවා. මම අගය කළයුතු තැන අගය කරලා තියෙනවා. එහෙම කරලා නැද්ද? ඔය කියලා තියෙන එක මමත් කියලා තියෙනවා, ඉදිරිපත් වීම ,ඒ සදහා කාලය වැය කිරිම දේවල් අගය කරන්න ඕනේ. මෙතන මම කියන්නේ ඒකක් ගැන නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම පටලවාගන්නේ නැතුව හරියට අවබෝධකරගන්න. මම මෙතන පෙන්වලා දුන්නේ මේ තරගයේ අඩුපාඩු ගැනයි, මේකෙන් මිනිස්සුන්ට වෙච්ච අසාධාරණය ගැනයි. තව මේ තරගය නිසා එළකිරියෙන් ගිය මෙම්බර්ස්ලා ගැනයි. මේ තරගය පුරාම මම අසාධාරණයට ලක්වෙච්ච උදවිය ගැන කථා කරා. චාටර් නම දාලා මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න එපා කිව්වා, මේ චාටර් සෙග්මන්ඩ් එක සමහරක් උදවිය තමන්ගේ හතුරන්ව යෝජනා කරන්න භාවිතා කරයි කියලා කිව්වා, පැටියා වෙනුවෙන් මම යමක් කිව්වා, කිඹූලගේ DK නම ගැන යමක් කිව්වා, ජේසන්, ඉරෝෂාන්ගේ නම අහන්නේ නැතුව දාලා තිබුන එක යමක් කිව්වා. මේ වගේ අසාධාරණය දුටු තැන යමක් කිව්වා ,හඩක් නැගුවා, ඒ වගේම මම පසුව මෙම තරගයේ විනිවිධභාවය නැහැ කියලා සාක්ෂි සහිතව පෙන්වලා දුන්නා, තවත් මට පෙන්වන්න බැරිවුන දේවල් එම් එල් දර්ශන පෙන්වලා දුන්න නිසා ඒක ගැන ආයි ආයි කියන්න ගියේ නෑ. ඒ කිව්වේ තරග සංවිධායක වරුන් තරගයට ඉදිරිපත් වීම වගේ. තව මේ වගේ අඩුපාඩු ගොඩක් තියෙන්න පුලුවන්. උදාහරණයට සංවිධානය කියන එක මේ තරගයේ තිබුනේ බොහෝම දුර්වල මට්ටමේ ,අනික සංවිධායක වරුන් ගොඩක් හිටියත් එක්ක, ඕනම තැනක මිනිස්සු ප්‍රමාණය වැඩි වුනාම පාලනය කරගන්න ලේසි නෑ. එක සංවිධායකයෙක් කියනවා "ඉහත කී ක්ලෝස් පෝල් දාල තියන ත්‍රෙඩ් වල ඉන්න උන් නම් හොඳට තේරුම් ගන්න පුළුවන් බං මාස දෙකක් ත්‍රෙඩ් එකේ කැරකුණාම" මේ වාක්‍යයෙන්ම පේනවනේ තරගයේ අපක්ෂපාති භාවය කොයිතරම් දුර්වල මට්ටමෙන්ද තිබුනේ කියලා?
සංවිධායකවරුන් උනාම මධ්යස්ථවෙන්න ඕනේ, නමුත් මේ සංවිධායකවරුන් මධ්‍යස්ථ නෑ, සංවිධායක වරුන් හිතන්නේ ක්ලෝස් පෝල් දාලා තියෙන ත්‍රේඩ් වල ඉන්නේ කිසිම වරදක් නොකරන උදවිය , ඒ ගොල්ලෝ ෆේක් වලින් වෝට් දාන්නේ නෑ ඒක නිසා ඒ තරග වලට ක්ලෝස්පෝල් දැම්මට කිසිම ප්‍රශ්ණයක් නෑ. කෝ මෙතන මධ්‍යස්ථ භාවයක්? කෝ මෙතන අපක්ෂපාතිභාවයක්? පෙළක් තරග වලට ඕපන් පෝල් දාලා, පෙළක් තරග වලට ක්ලෝස් පෝල් දාලා, ඒකට හේතුව හැටියට සංවිධායකවරුන් කියන්නේ සංවිධායක වරුන් අදාළ තරගකරුන්ව විශ්වාසකරනවා කියන එකයි, ඒක තමයි අර මාස දෙක තුනක් කැරකුනාම කියන කථාවෙන් කියලා තියෙන්නේ. එතකොට ක්ලෝස් පෝල් දාලා තියෙන තරගයේ තරගය කරුන්ව සංවිධායක වරුන් විශ්වාස කරනවා, ඕපන් පෝල් දාලා තියෙන තරගයේ තරගය කරුන්ව සංවිධායක වරුන් අවිශ්වාස කරනවා, ඒක නිසා ඒ තරගවල වෝට් ඔක්කොම ඕපන්. අපක්ෂපාතිභාවය ඉතාම දුර්වලයි.
හැම ත්‍රේඩ් එකම බැලුවේ නැති නිසා මට ඔක්කොම අඩුපාඩු ටික කියන්න බෑ, ඇත්තටම මට එහෙම බලන්න උවමනාවකුත් නෑ මොකද ඒ සදහා හේතුවක් නැති නිසා. මට තරගය කඩාකප්පල් කරන්න උවමනාවක් තිබුනානම් මම එහෙම නම් ඔක්කොම ත්‍රේඩ් ටික බලනවා නමුත් මට එහෙම කිසිම උවනාවක් තිබ්බේ නෑ. මම මේ ත්‍රේඩ් එකෙත් ටොම්ට කිව්වා විනිවිධභාවය ඇතිකරන්න ඕන විදිය, මම කරන්න ඕන විදියත් යෝජනා කරා නමුත් ඌට ඒ සදහා කිසිම උවමනාවක් නෑ, මම ඌට එහෙම කිව්වේ, අනාගතයේදි මේ තරගය ගැන, ඌ ගැන මිනිස්සු වැරදි දේවල් කියලා අපහාස කරන්න ගන්න එක වළක්වන්නයි නමුත් සංවිධායකවරුන්ට මේක හදාගන්න ඕනේ නැත්නම් මම මොනවා කරන්නද? මම තරගය සදහා හැකිතරම් උදව් කරන්නයි බැලුවේ නමුත් සංවිධායක වරුන් මගේ දිහා බලන්නේ කඩාකප්පල්කාරයෙක් විදියටයි. සමහරක්ට නම් මේවා කියලා වැඩක් නෑ මොකද තේරුම් ගන්න තරම් පරිණතභාවයක් නැති නිසා. මට 100% ශුවර් ගොඩක් පෙළක් උදවිය දැන් මේක කියවන්නෙත් ආවේගශිලි ලෙසයි, දැන් ඔයා ඔය පෝස්ට් එක දාලා තියෙන්නෙත් දැඩි ආවේගයක් සහිතවයි, ආවේගශිලි වෙලා ප්‍රශ්ණ විසදගන්න බෑ, බොළදවෙලා ප්‍රශ්ණ විසදගන්න බෑ, යමක් පෙන්නුවාම ඒක දිහා උපේක්ෂාසහගතව බලලා, බුද්ධිමත් විදියට හිතලා ප්‍රශ්ණය විසදාගන්න උත්සහා කරන්න.
පවුලක් තියෙන්න ඕනේ නෑ යුතුකම් ,වගකීම් ඉටුකරන්න. පාරේ මිනිහෙක් අසරණ වෙලා ඉන්නවා නම් ඒ මිනිහට උදව් කරන එක අපේ යුතුකමක් ,නමුත් අපි යම් කටයුත්තක් බාරගත්තම ඒක නිවැරදි ලෙස ඉටුකිරිම අපගේ වගකීමක්. යුතුකමක් කියන්නේ නෛතික විතරක් නෙවෙයි සදාචාරාත්මකත් බැදීමක්. අපි අනෙක් මිනිස්සුන්ට උදව් කරන්න බැදිලා ඉන්නවා, වරදක් දුටු තැන ඒක නිවරැදි කරන්න බැදිලා ඉන්නවා, අසාධාරණයට එරෙහි වෙනවා, දෙමව්පියන්ට සලකනවා ඒවා යුතුකම්. වගකීමක් කියන්නේ අපි අනිවර්යෙන්ම කළයුතු දෙයක් ,ඒක හරියට කරේ නැත්නම් එහි වරද සම්පූර්ණයෙන්ම තමන් බාරගන්න ඕනේ. නමුත් මෙතන සංවිධායක වරුන් තමන්ගේ වගකීම් හරි හැටි ඉටු කරන්නේ නෑ, උදාහරණයට මම ප්‍රධාන සංවිධායකයට කිව්වා ඇඩ්මින්ට් කියලා මේ තරගයේ විනිවිධභාවය ඇතිකරවන්න කියලා නමුත් එයා කියනවා මට ගිහිල්ලා අහන්නලු, ඇයි මම අහන්නේ? ඒක මගේ වගකීමක් නෙවෙයි, වගකීම තියෙන්නේ සංවිධායක වරුන්ගේ අතේ. මේ වගේ වගකීමක් හරියට ගන්න බැරි, වගකීම් කියන වචනයේ තේරුම දන්නේ නැති සංවිධායක වරුන් තරග සංවිධානය කරන්න ගැලපෙනවාද? සංවිධායක වරුන් ගොඩක් හොද වෙන්න පුලුවන්, අවංක වෙන්න පුලුවන්, කැපවෙලා වැඩ කරන්න පුලුවන් නමුත් වගකීමක් ගන්න බැරි නම් වැඩක් තියෙනවද?
මෙතන වැරදි පෙන්වුවාම පෙළක් අය කියන දෙයක් තමයි, අපි මේක ජොලියට කරේ. ජොලියට කරා කියලා වැරදි වුනාට කමක් නෑ කියලයි ඒ කියන්නේ. එහෙම නෙවෙයි වැඩක් කරනකොට හරියට කරන්න, ජොලියට නෙවෙයි මොන විදියට කරත් කරන වැඩේ හරියට කරන්න.මේ ජොලියට කරපු වැඩේ නිසා කී දෙනෙක් අපහසුතාවයට පත් වුනාද? කී දෙනෙක්ට අසාධාරණකම් වුනාද? කී දෙනෙක් එළකිරියෙන් ගියාද? මේවට වගකියන්නේ කවුද? මම නම් කියන්නේ මෙවැනි තරග සංවිධානය කරන්න ඕනේ නමුත් ඒක කරන්න ඕනේ, වගකීමක් ගන්න පුලුවන් ,බුද්ධිමත් ,ආවේගශිලි නොවන ,බොළද නොවන නායකයෙක් විසිනුයි. මේ තරග සංවිධායකයෝ හොද වෙන්න පුලුවන්, පන්සිල් පිළිපදින උදවිය වෙන්න පුලුවන් නමුත් ඒක මෙතනට ඕන නෑ. මෙතනට ඕන වෙන ගති ලක්ෂණය තමයි නායකත්වය, අපක්ෂපාතිභාවය, විනිවිධභාවය, විධිමත් සංවිධානය නමුත් ඒ ලක්ෂණ මේ තරගයේ තිබුනේ නෑ.
ලෙසටම කියල තියෙනව. මුන්ට වැරැද්ද පෙන්නල දුන්නම කඩා කප්පල් කරන්න ආපු උන් කියල හංවඩු ගහනව. ඔච්චර සිල්වත් උදවිය නම් වෙච්ච වැරදි පිළිගන්න නිහතමානී වෙන්න ඕන. තමන්ට තරඟ කරන්න තියෙන අවස්ථාව වෙන කෙනෙකුට දෙන්න ඕන. ඒ අතින් රයිඩර් සහෝදරය තමන්ගෙ නිහතමානී කම පෙන්නුව සංවිධායක කෙනෙක් විදියට තමන්ට හම්බෙච්ච ජයග්‍රහනය පරිත්‍යාග කරල
සමහරු හින්ට් පාස් කරල තිබ්බ විවේචන කරන අයගෙ පරමාර්තය මේක කඩාකප්පල් කරන්නද නැත්තම් වැරදි හදන්නද කියල තේරුම් ගන්න පුළුවන් කියල. එහෙනම් කළු චරිත තෝරන්න ඉවෙන්ට් එකක් දාපු මුඛ්‍ය පරමාර්තය අපිටත් තේරුම් ගන්න පුළුවන් බව කියන්න ඕන. බුද්ධිමත් බව මනින්න පුළුවන් කරන වැඩෙන් තමයි.
ඒ වගේම මේකෙ දිනපු තරඟ කරුවන්ට සුභ හැම දෙනෙක්ටම මම සුබ පතනව. හැමෝම විවේචනය කරල තිබ්බෙ සංවිදායක මණ්ඩලයෙ අත්තනෝමතික ක්‍රියා මිසක් මේ තරඟයවත් තරඟ කරපු අයවත් නෙවෙයි.
අනිත් වැදගත්ම දේ තමයි මතක තියාගන්න ඕන, ඕනම වැඩක් කරද්දි විවේචන චෝදනා අවලාද එනව. අපිට පුළුවන් වෙන්න ඕන සාධාරණ විවේචන වලට ඇහුම්කන් දීල වඩාත් නිවැරදි විදියට කරන දේ කරන්න. ලංකාවෙ මිනිස්සු හිතන දෙයක් තමයි කවුරු හරි වැරැද්දක් පෙන්නුවම ඒක පිළිගත්තොත් තමන්ට අවමානයක් වෙනව කියල. බොහොම ස්තූතියි වැරැද්ද පෙන්නල දුන්නට කියල කිව්වම ඇඟෙන් ඇටයක් යන්නෙ නෑ.
අවසාන වශයෙන් කවුරුවත් මේකෙන් යන්න එපා. කළු සුදු බුද්ධිමත් නූගත් හැම චරිතයක්ම මේකෙ ඉන්න ඕන. මත ගැටුම් හැම දෙයක්ම තියෙන්න ඕන ඒවගේම සියල්ල දත්ල මේකෙ නෑ නෙ කිසිම අඩුපාඩුවක් නැති. එහෙනම් හැමෝටම ජය වේවා කියල ප්‍රාර්තනා කරනව

මේ ජොලියට කරපු වැඩේ නිසා කී දෙනෙක් අපහසුතාවයට පත් වුනාද? කී දෙනෙක්ට අසාධාරණකම් වුනාද? කී දෙනෙක් එළකිරියෙන් ගියාද? මේවට වගකියන්නේ කවුද? මම නම් කියන්නේ මෙවැනි තරග සංවිධානය කරන්න ඕනේ නමුත් ඒක කරන්න ඕනේ, වගකීමක් ගන්න පුලුවන් ,බුද්ධිමත් ,ආවේගශිලි නොවන ,බොළද නොවන නායකයෙක් විසිනුයි. මේ තරග සංවිධායකයෝ හොද වෙන්න පුලුවන්, පන්සිල් පිළිපදින උදවිය වෙන්න පුලුවන් නමුත් ඒක මෙතනට ඕන නෑ. මෙතනට ඕන වෙන ගති ලක්ෂණය තමයි නායකත්වය, අපක්ෂපාතිභාවය, විනිවිධභාවය, විධිමත් සංවිධානය නමුත් ඒ ලක්ෂණ මේ තරගයේ තිබුනේ නෑ. 


අපි නැති අතරේ සම්මාන දීලත් ඉවර කරලා...... 
හිටු හිටු ක්ලෝස් කරලා දෙන්නම්..... 


අඩුපාඩු තියෙනවාය. මොකද අපි සියළු ම දෙනා පුහුදුන් මනුෂ්‍යයන් වන නිසා. ඒ නිසායි මම අඩුපාඩු තිබිය දී පවා ඔවුන් ගේ වෙර සහ වෙහෙස මෙසේ වර්ණනා කරන්නේ සහ ඔවුන වෙනුවෙන් පෙනී සිටින්නේ.