මචං උඹලට ඔහොම හොඳම හෙල්පිං ස්ටා කෙනෙක් හොයන එක සධාරන නෑ කියලා මට හිතෙනවා. මොකද මචං ඕක නිකන් කාටද වැඩිම දැනුමක් තියෙන්නෙ කියලා හොයනවා වගේ වැඩක්. අපි හැමෝටම දැනුම කියන දේ තියනවා. ඒ දැනුම තියෙන්නේ. ඒ ඒ ශේස්ත්‍ර වලට අදාලව. කෙනෙක් ෆොටෝග්‍රැෆි ගැන විශාල දැනුමක් තියන කෙනෙක් වෙන්න පුලුවන්. නමුත් එයා වාහන ගැන දන්නේ නෑ. එහෙමයි කියලා එයාට දැනුම නෑ කියන්න බෑ. තවත් කෙනෙක් කවි ලියන්න දක්ශ වෙන්න පුලුවන් ඒ පිලිබඳව දැනුවත් පුද්ගලයෙක් වෙන්න පුලුවන් නමුත් එයාට ගණන් හදන දේවල් බැරි වෙන්න පුලුවන්. එතකොට මචංලා මේ හැමෝටම දැනුම තියනවා කාටවත් කියන්න බෑ කාටවත් දැනුම නෑ කියලා. අන්න ඒ වගේ තමා මචං අපි එලකිරි එකේත් එකිනෙකා දන්නේ එක එක දේවල්. කෙනෙක් දන්නවා ඇන්ඩ්‍රොයිඩ් ගැන. තව කෙනෙක් දන්නවා පරිඝනක සම්බන්දව. තව කෙනෙක් වාහන ගැන තව කෙනෙක් ෆොටෝග්‍රැෆි ගැන. එතකොට එලකිරි එකේ තව කෙනෙක් නොතමන් නොදන්න විශය ක්ෂේත්‍රය පිලිබඳව විස්තර අහල ත්‍රෙඩ් එකක් දානවා. එතකොට එම විශය ගැන දන්න අය එයාට උදව් කරනවා. එතකොට මට ෆොටොග්‍රැෆි පැත්තෙන් උදව්වක් වුවමනා වූ විට මට කවුරු හරි උදව් කලානම් මට අන්න ඒ පුද්ගලයාව තමා වටින්නේ. ඉතින් මම එයාව යෝජනා කරනවා. තවත් කෙනෙක්ට ඔයවගේ වාහන. කම්පියුටර්.ඉන්ජිනේරු.වෛද්‍ය විද්‍යාව. දත් සම්බන්ධව වගේ එක එක ක්ෂේත්‍ර වල උදව් ඕනා වුනාම එයාල උදව් ඉල්ලලා ත්‍රෙඩ් දානවා. ඉතින් යම් විශය ක්ෂේත්‍රයක් පිලිබඳව දන්න කෙනා ඒ නොදන්න කෙනාට උදව් කරනවා. ඉතින් ඒ උදව්ව ලබපු කෙනාට ඒ උදව් කරපු කෙනා ලොකුයි. එහෙම බැලුවහම හැමෝම වගේ එකිනෙකාට තමන්ට හැකි පමනින් උදව් කරලා තියනවා. අනිත් එක මට සස්ලිට් සහෝදරයව ලොකු වුනාට වෙනින් කෙනෙක්ට දත් කිඹුලා සහෝදරයව ලොකු වෙන්න පුලුවන්. තව කෙනෙක්ට රීපෝස්ට් බුවාව ලොකු වෙන්න පුලුවන්. නමුත් රීපෝස්ට් බුවාව ලොකු කෙනට සස්ලිට් වයි දත් කිබුලවය් ලොකු නෑ. මොක්ද එයාට උදව් කරලා තියෙන්නේ රීපෝස්ට් බුවා නිසා. එතකොට මෙතන කාගෙවත් වැරද්දක් නෑ සාදරන වශයෙන් ගත්තහම. මොකද හැමෝඅම තමන් දන්න දේ පුලුවන් විදිහට කියලා දීල තියනවා. තමන්ට දැනුම ඇති ක්ෂේත්‍රයෙන්. එතකොට අවුල තියෙන්නේ මේ හෙල්පිං ස්ටාව තෝරන විදිහ. කොහොමද මේ හැමෝම අතරින් එක්කෙනෙක්ව තොරන්නේ. එලකිරි එකේ සාපෙක්ශව ගත්තහම කම්පියුටර් පැත්තෙන් උදව් කරන සාමාජිකයෝ ඉන්න පුලුවන්. ඒත් එක්කම එම විශය ක්ශේත්‍රය පිලිබඳව උදව් අවශ්‍යය අයත් ඉන්න පුලුවන් සාපේක්ශව වැඩි පුර. එතකොට ඒ උදව් කරපු කෙනා ගොඩ දෙනෙක්ට උදව් කලා වෙන්න පුලුවන්. නමුත් එතකොට අනිත් අය කරන උදව් උදව් නෙමේද? පැහැදිලිවම මේ ස්ටා තෝරන කරමයේ වැරද්දක් තියනවා කියලා ටිකක් හිතන්න පුලුවන් මොලයක් තියන ඕන කෙනෙක්ට තේරෙන්න පුලුවන්. මම කිව්වේ මගේ අදහස.
මම නිකමට ම්නෙහෙම කියන්නම්. අපි හිතමු මාලිංග අය්යා එලකිරි හෙල්පිං ස්ටා වුනා කියලා ( නිකන් උදාහරනයක් පමනයි මම නිකමට වගේ මාලිංග අය්යාගේ නම ගත්තේ.) හරි අපි තව නමක් ගමු. අහ්හ් ක්‍රේසි බඩී ව ගමු. එයා බොඩි බිල්ඩිං ගැන හෙනට මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් දාලා තියනවා. එතකොට ක්‍රේසි බඩීත් ගොඩක් අයට උදව් කරපු කෙනෙක්. මාලිංග අය්යත් එක්කෙනෙක්. එතකොට කොහොමද මේ දෙන්නාගෙන් ස්ටා කෙනෙක් හොයන්නේ දෙන්නම තමන්ට පුලුවන් විදිහට තමන් දන්න දෙයින් උදව් කරනවා
මම නිකමට ම්නෙහෙම කියන්නම්. අපි හිතමු මාලිංග අය්යා එලකිරි හෙල්පිං ස්ටා වුනා කියලා ( නිකන් උදාහරනයක් පමනයි මම නිකමට වගේ මාලිංග අය්යාගේ නම ගත්තේ.) හරි අපි තව නමක් ගමු. අහ්හ් ක්‍රේසි බඩී ව ගමු. එයා බොඩි බිල්ඩිං ගැන හෙනට මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් දාලා තියනවා. එතකොට ක්‍රේසි බඩීත් ගොඩක් අයට උදව් කරපු කෙනෙක්. මාලිංග අය්යත් එක්කෙනෙක්. එතකොට කොහොමද මේ දෙන්නාගෙන් ස්ටා කෙනෙක් හොයන්නේ දෙන්නම තමන්ට පුලුවන් විදිහට තමන් දන්න දෙයින් උදව් කරනවා



නමුත් මම මගේ උපරිමයෙන් එයාලට උදව් කළා. එතකොට මම දන්නා දෙයින් උපරිමය මම කළා නම්. ඒ කලේ දෙන්නාටනම් (මොකද වෙන කවුරුවත් මගෙන් උදව් බලා පොරොත්තු වෙලා වත එහෙම අවස්තාවක් ඇති උනේ නැහැ, ඒත් මම ඒ ගැන මගෙන් අහන කෙනෙකුට මම දන්නා පරිදි උදව් කිරීමට සැදී පැහැදී සිටිනවා.
මට Vote කරන්නේ ඒ දෙන්න විතරයිනේ.. 
