මට පෙනුනා සිංග්ලිශ් වලින් ලොකු ඡේද ගහල තියනවා. දැක්කම ඔළුව කැරකෙනවා, මොකද ඒවා කියවගන්න පරනවිතාරණ මහත්තයා ආවත් අමාරු වෙයි කියලා හිතෙන නිසා. සමහර වෙලාවට කියවන්න හිතෙන්නෙත් නැහැ. එහෙම නැතිව සිංග්ලිශ් නොගහා කඩ්ඩෙන්ම ගැහුවනම් හොදයි කියල මට හිතුනා. නමුත් අපි වැඩිපුර කැමති අපේ භාෂාවට නේද?
මට පොඩි යොජනාවක් කරන්න හිතුනා ඔබලාට... අපි
සිංග්ලිශ් (කඩ්ඩෙන් ලිව්නවට නෙමෙ) වලින් ලියන එක නවත්වමුද? සිංහලෙන් ලියන්න, අපිට මධුර සහෝදරයා (EK ID: madurax86) හොද මෘදුකාංගය නිර්මාණය කරලා දිලා තියෙනවා.
http://realtimesinglish.tk මෙතනින් මේක බා ගන්න. මේ මෘදුකාංගය පාවිච්චි කරලා සිංහල ලියන්න හරිම ලෙහෙසියි. මෙහි ඇති වැදගත්ම අංගයක් වන්නේ සිංහල ඉංග්‍රිසි යතුරු පුවරු මාරු කරන්නත් පුලුවන්. ඇතමෙක් දැනටමත් මෙය පාවිච්චි කරනවනෙ මෙතන, මා හා ඔවුන් ඔබට උදව් කරන්නම්! අනික දැනට ඔයාල ලියන ඔය සිංග්ලිශ් ලියපුවාම, අගේට සිංහලෙන් එක මෙතන ලියවෙනවා
මෙතන ඉන්න අය හොද අධ්‍යාපනයක් ලබපු හා ලබාගත් අයනිසා, ඔබ මේක ඉක්මනට අල්ල ගන්නවාට සැකයක් නැහැ. උත්සහා කරලම බලන්න. ඔබට ජය!!
සැ. යු. මේක හුදෙක්කම යොජනාවක් පමණි. You may write in english, if you wish/intend to do your higher studies in future, which will improve your commnunication skills!