Elisa Lam ගේ අද්භූත මරණය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,911
    2
    54,591
    113
    Elisa Lam ගේ අද්භූත මරණය

    zPvHruP.jpg

    ඇගේ නම Elisa Lam, 2013 වසරෙ පෙබරවාරියෙ මේ අවාසනාවන්ත සිදුවීම වෙද්දි ඇගේ වයස අවුරුදු 21 ක්. කැනඩාවෙ වැන්කූවර් නගරයෙ ජීවත් වෙච්ච බ්‍රිටිෂ් කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් තමයි මේ කියන එලීසා. චීන සම්භවයක් ඇති කැනඩා පුරවැසියෙකු වූ එලීසා තනිවම ලොස් අැන්ජලීස් නුවරට ආවෙ කෙටි නිවාඩුවක් ගත කරලා සාප්පු සවාරියේ යෙදෙන අදහසින්. ඇය එහි පැමිණි දින සිටම තම දෙමාපියන් දිනපතා අමතා තිබෙනවා. එහෙත් හදිසියේ ඇගේ කථා බහ නතර උනා.

    RP71uET.jpg

    මව සහ නැගණිය සමග එලීසා මල් පොකුරක් අතැතිව​

    සති දෙකක් ගත වුණා, Elisa ගැන කිසිම ආරංචියක් ලැබුණේ නැහැ.

    Elisa අතුරුදහන් වීමෙන් දවස් 9 කට පස්සේ ලොස් ඇන්ජලීස් පොලීසිය Elisa Lam හෝටලයේ අන්තිමට ඉන්නවා දැක්වෙන වීඩියෝ පට ප්‍රසිද්ධ කරනවා. මේ වීඩියෝ පටය ලෝකය පුරා මහත් ආන්දෝලනයක් ඇති කළා.


    විනාඩි 4ක් පුරා දිවෙන මේ වීඩියෝවේ එලීසා පෙන්වන්නෙ අරුම පුදුම හැසිරීමක්. කලබලයෙන් වගේ සෝපානය තුලට එන ඇය එහි බොත්තම් කීපයක් ඔබා දොර වැසෙන තුරු බලා සිටිනවා. නමුත් සෝපානය ක්‍රියාත්මක වෙන්න‍ෙ නෑ. ඇය කිසිවෙකුට බියෙන් හැසිරෙන බවක් පැහැදිලිව පෙනෙනවා. ‍සෝපානය තුල ඇය කිසිවෙකුගෙන් සැඟවෙන්නට උත්සාහ ගන්න බවක් පේනවා. 1.57 විනාඩියෙදි ඇගේ දෑත් චලනය වෙන්නෙ අභිරහස් ආකාරයකට...හරියට ඇය ඉදිරියේ අමනුස්සයෙක් හිටියා වගෙයි. ඇය කථා කරන්නට උත්සාහ ගන්න බවකුත් පේනවා. මේ සිදුවීම් වලින් පස්සෙ ඇය ඉවතට යනවා...සෝපානය යළි ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා.

    මේ අතරේ Elisa ලොස් ඇන්ජලීස් වල නවාතැන් ගෙන ඉඳපු හෝටලේ නළ ජලය ගැන හෝටලේ නවාතැන් අරං හිටපු මිනිස්සු පැමිණිලි කරන්න පටන් ගත්තා.

    FdllY8B.jpg


    2Y49M71.png

    හෝටලේ නඩත්තු කටයුතු භාර නිලධාරීන් හෝටලේ ජල ටැංකි පරික්ෂා කළේ ඊට පස්සේ. සති දෙකක් අතුරුදහන්වෙලා හිටපු Elisa Lam ගේ ප්‍රාණය නිරුද්ධ නිරුවත් දේහය හොයාගන්නෙ ඒ විදිහට.

    epXTRx0.png

    ඇගේ මරණය පිළිබද විවිධ පාර්ශව විවිධ නිගමන වලට ආවා. සමහරු කිව්වෙ මේ මරණයට අද්භූත පුද්ගලයෙක් සම්බන්ධයි කියලා. තවත් සමහරු හෝටලයේ සේවයේ නිරතව සිටි කෙනෙකු මේ මරණයට වගකිව යුතු බව කිව්වා. එලීසා මානසික ආතතියට පෙරදී ප්‍රතිකාර ගත් බව පවුලේ ය පැවසූ නිසා ඒ පිළිඹඳවත් සැක මතු වුණා. ඒත් වීඩියෝවෙ දැක්වෙන රූප පෙලත් සෝපානයේ අමුතු හැසිරීමත් එක්ක මේ සිදුවීම අභිරහස් ස්වරූපයක් ගත්තා.

    ඇය නැවතී හිටිය Cecil ‍හෝටලය අඳුරු ඉතිහාසයක් සහිත එකක්. 1920 දී ආරම්භ වී ඇති කාමර 700 ක් සහිත මේ හෝටලය නගරයට පැමිණෙන ව්‍යාපාරිකයන්ට ආහාර සහ නවාතැන් සැපයීමේ ප්‍රමුඛතැනට පත් වී තිබෙන්නේ බොහෝ කෙටි කලකින්. නගරයේ අලංකාර හෝටලයක් ලෙසත් අතීතයේදී යම් කීර්ති නාමයක් එයට අත්ව තිබුන බවයි කියන්නේ.

    දීර්ඝකාලීනව ඉතා අඩු මුදලට හෝටල් කාමර ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ උනාට පස්සෙ හෝටලයට තිබුන හොඳ නම නැති උනා. සියදිවි නසාගැනීම්, මිනී මැරුම් සඳහා හෝටලය ප්‍රසිද්ධ උනා වගේම Richard Ramirez, Jack Unterweger වැනි ප්‍රසිද්ධ සමූහ මිනීමරුවන් නිතර නවාගැන් ගත් ස්ථානයක් ලෙසත් මේ හෝටලය කරළියට ආවා. 50-60 දශකය තුල මෙහි නවාතැන් ගත් කීප දෙනෙකුම ජනෙල් වලින් පිටතට පැන දිවි නසාගෙන තිබෙනවා.

    මේ හෝටලයෙ නැවතිලා හිටිය Helen Gurnee නැමති 50 හැවිරිදි කත 7 වන මහලේ ජනේලයකින් පිටතට පැන දිවි නසාගත්තෙ 1954 දි. Julia Moore 8 වන මහලෙ කවුළුවකින් බිමට පැන්නෙ 1954 දි. සැමියා සමග සිදුවෙච්ච ආරවුලකින් පස්සෙ Pauline Otton 9 වන මහලෙ ජනේලයකින් බිමට පැන්නෙ 1962 දි.

    ලොස් ඇන්ජලීස් නුවර සිදුවන වෙනස් ආකාරයේ මරණ පිළිබඳ පරීක්ෂණ කටයුතු එහි බලධාරින් විනිවිදභාවයක් ඇතිව සිදු නොකරන බවට චෝදනා බොහොමයි. ඒ නිසාම එලීසාගේ සිදුවීම පිළිබද විවිධ පරස්පර අදහස් සමාජයේ පැතිරිලා. නමුත් බලධාරීන් මේ කරුණුවලට ඉදිරියේදී හෝ පිළිතුරු දෙන බවක් පෙනෙන්නට නෑ.


    1. එලීසා මියගියේ කොහොමද ? මරණ පරීක්ෂණයෙන් මේක අපරාධයක් යයි සැක කරන්න පුළුවන් කිසිවක් අනාවරණය කරගන්න බැරි උනා.

    2. ඇය හෝටලයේ වහළය මතට කාටත් හොරෙන් ලඟා වූයේ කොහොමද ?

    3 ඇය ටැංකිය මතට ගියේ, එහි පියන විවෘත කළේ කොහොමද? මෙය සියදිවි නසා ගැනීමක් නම් ටැංකියේ පියන වැසී තිබුණේ කොහොමද? ටැංකියට පසෙකින් ඇති ඉනිමගේ කිසිම ඇඟිලි සළකුණක් සොයාගැනීමට හැකිවී නැත.

    Vnj9VQh.png

    එක් ජල ටැංකියක් අඩි 8 ක් පමණ උසින් යුතු වෙයි.
    ටැංකිය වෙත ප්‍රවේශ විය යුතු ආකාරය කඩ ඉරි වලින් දැක්වේ.
    4. ඇගේ සිරුර නිරුවතින් තිබුණේ ඇයි?

    5 සෝපානය තුලදී සැබවින්ම සිදුවූයේ කුමක්ද? ඇයගේ අද්භූත හැසිරීමට හේතුව කුමක් විය හැකිද? සෝපානය ඒ මොහොතේ ක්‍රියා විරහිතව තිබී මරණකරු සෝපානයෙන් ඉවතට ගිය පසු ක්‍රියාත්මක වූයේ කෙසේද?

    හෙළිදරව් නොවූ කරුණු කීපයක් ලෝකයා හමුවේ තබා අවසානයේ එලීසා ජීවිතයෙන් සමුගත්තා.

    BlryJD9.png


    Source : http://siragekamare.blogspot.com/2015/02/blog-post_3.html
     
    Last edited: