සොම්නස-දොම්නස පවසන ගොළු බස
ජේසොං ගේ ළිං....
ළිං නං ජේසොන් - ජේසොං නං ළිං
ඕනෑම වරිගයක ළිදක් කපා ගැනීමට ඔබත් විමසන්න.
ළිද කැපීමෙන් පසුව ජේසොං අප්පු විසින් ම ළිදට බැස තත්ත්වය තහවුරු ර දෙනු ලැබේ.
හරි නොගියොත් මුදල් ආපසු.......
එළකිරි එක මැද, පජාත කුක්කෙකි
ජේසොන් නමින් අනේ //
ළිං නම් ජේසොන්, ජේසොන් නම් ළිං
කවුරුත් කියයි අනේ
එළකිරි එක මැද, පජාත කුක්කෙකි
ජේසොන් නමින් අනේ


එලකිරි එන්නේ, ත්රෙඩක් දාන්නේ
කපමියි ළිඳක් කියා
තමන්ගේ ළිඳටම, කුක්කා වැටෙන්නේ
අයියෝ "සෝස්" කියා
නෑ එන පාටක්, නෑ එන පාටක්
කුක්කා ගොඩට අනේ
ළිඳටම ඔබපන්, ළිඳටම ඔබපන්
තවෙකෙක් කියයි අනේ


එළකිරි එක මැද, පජාත කුක්කෙකි
ජේසොන් නමින් අනේ //


"සෝස්" එකෙන් ළිං, "වැට්" කිව්වත් ළිං
බුරියානිත් ළිඳමයි
කොච්චර වැටුනත්, එපා නොවන්නේ
කපන්නේම ළිඳමයි
ඒකයි දෛවය, කුක්කෝ ඒකද
ජේසොන්ගෙත් දෛවේ
ත්රෙඩ් එක හිට් වෙයි, ජේසොන් කිච වෙයි
මෙය පූරුවේ කරුමේ


එළකිරි එක මැද, පජාත කුක්කෙකි
ජේසොන් නමින් අනේ //


සැ.යු. - මෙම කවි පෙළ, සුජාතා අත්තනායක මහත්මියගේ "ජීවන විළ මැද, වැජඹෙන කැකුළකි" යන ගීතයේ තනුවටද ගායනා කල හැක.








