මට පොඩි දෙයක් දැනගන්න ඔනි
.
.
.
.
.
.
.
.
.
ඉංග්‍රිසි උච්චාරණය අවුල් ඇයි බන් අපෙ උන්ගෙ.
ඒ වගෙම ගොඩාක් ඉස්කොලෙ ඕ ලෙවල් වල ඉංග්‍රිසි A, B තියෙන උන්ට ඉංග්‍රිසි කතාකරන්න බැහැ.
පොතක ෆොම් එකක කොළෙක ලියද්දි ,කම්පියුටරෙන් ටයිප් කරද්දි වචන ටික ගලපලා හරියට ලියාගත්තාට කීයෙන් කීදෙනෙක්ට හරියට ඉංග්‍රිසි කතාකරන්න පුළුවන්ද ?
ඒ වගෙම ඉංග්‍රිසි වලට අපෙ රටෙ තියෙන හොඳම ඉස්කොල මොනවාද ?
ජර්මනිය වගෙ යුරොපෙ රටවල් සහ ජපානය කොරියාව වගෙ ආසියාතික රටවල් දියුණු උනෙ ඉංග්‍රිසි නිසා නෙමෙ ඒ අය ඒ ගොල්ලන්ගෙ භාෂාව මුල් කරගත්තා.
ඒක නිසා අපිට ඉංග්‍රිසි වැඩක් නැහැ කියන මතය තර්කය අපිට හරිද ?
අපිට ඉංගිරිසි බැරි උනාට ලැජ්ජා විය යුතු නැහැ. ඉංගිරිසි ලියන්න කියවන්න බැරි සුද්දෝ (බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියානු ජාතිකයින්) ඔස්ට්‍රේලියාවේදී මට හමු වෙලා තියනවා. ලැජ්ජා විය යුත්තේ ඔවුනුයි. මීට වසර විසිපහකට තිහකට තරම් ඈත අතීතයේ , (හැම එකටම කොම්පියුටර් භාවිතා නොවී, ඇප්ලිකේෂන් අතින් පුරවා සිදු කලයුතු කාලයේ) රජයේ කාර්යාල වල, බැංකු වල තමන්ගේ නම අත්සන් කිරීමටවත් නොහැකි සුද්දන් මම දැක තියනවා. අයදුම් පතක් පුරවා ගන්න උදව් ඉල්ලීමේදී ඔවුන් බොහෝ විට තම ජාතිය වූ සුදු මිනිසුන්ගෙන් උදව් ඉල්ලන්නේ නැතිව දුඹුරු හමක් ඇති අපෙන් උදව් ඉල්ලීම සුලභ දෙයක්. ඊට හේතු දෙකක් මම දකිනවා. එකක් සුදු මිනිසුන් අතර ඔවුන්ගේ මහන්තත්වය රැක ගැනීම. අනිත් කාරණය අපේ ඇක්සන්ට් එක අවුල් උනාට එකල මෙහි සිටි උප මහාද්වීපික සංක්‍රමණිකයන්ට සුද්දන්ට වඩා හොඳ ඉංගිරිසි ලිවීමේ හැකියාවක් තිබීමයි. උපන් දිනය දන්නේ නැති, නමේ අකුරු දන්නේ නැති (නම ජෙෆ් කිව්වාම Geoff ද Jeff ද හරි කියලා ඇහුවාම කැමති එකක් ලියපං කියාපු ) සුද්දෝ මට හමුවෙලා තියනවා.
එකල රජය මගින් ටී වී එකේ නිතරම පෙන්නපු ඇඩ් එකක් තිබුනා. ඒකෙන් කියැවුනේ වයසක මිනිස්සුන්ට ඉංගිරිසි ලියන්න කියවන්න ඉගෙන ගන්න රජයෙන් දෙන පහසුකම් ප්‍රයෝජනයට ගෙන ඔවුන්ගේ නොදැනුවත්කම නිසා විඳින්න වෙන කරදර වලක්වා ගන්න කියලයි. ඇඩ් එක පටන් ගන්නේ වයසක සුද්දෙක් අයදුම් පතක් පුරවන්න කෙනෙකුගෙන් උදව් ඉල්ලමින්, "මට කන්නාඩිය ගේන්න අමතක උනා" කියලා කියන දර්ශනයෙනුයි. ඒ කියන කොටත් කන්නාඩිය උඩ සාක්කුවේ දිලිසි දිලිසි තියනවා.
ලංකාවේ ඉංගිරිසිය තම මහන්තත්වය පෙන්නන ආභරණයක් ලෙස මිසක් අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිතා නොවීම විශාල වරදක්. සියලුම ව්‍යාකරණ නීති රීති පිළිපැද ව්‍යක්ත භාෂාවෙන් ඉංගිරිසි කතා කරනවා මිසක් සුද්දෝ වාගේ වැරදි ඉංගිරිසි කතා කිරීම අපේ මිනිස්සු කරන්නේ නැහැ. මොකද එහෙම කලොත් හිනාවෙන්න බලාගත්තු මිනිස්සු කොට්ඨාශයක් ඉන්නවා. ඉංගිරිසි හොඳින්ම දන්නා සංක්‍රමණිකයන් පවා ඉංගිරිසි ඉගෙන ගෙන නිවැරදිව කතා කරනවා මිසක් සුද්දන් වාගේ වැරදි කියමන් කියන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගේ පළමු බස ඉංගිරිසි නොවන බව සුද්දන්ට එකවරම තේරෙනවා.
ඉංගිරිසි ගුරුවරයෙකු, කථිකාචාර්යවරයෙකු ලෙස තම ජීවිතයෙන් වැඩි කොටසක් ගතකල මගේ තාත්තා 90 දශකයේ මෙහේ ටික කලක් හිටියා. ඕස්ට්‍රේලියාවේ සුද්දන්ගේ වැරදි භාෂා යෙදුම්, අක්ෂර විඥාසය වැරදි ව්‍යාකරණ වැනි දේවල් දැකලා මට කිව්වේ, 'හපොයි, මගේ මුළු ජීවිත කාලෙම මම උත්සාහ කලේ හරියට ඉංග්‍රීසි උගන්වන්නයි, දැන් බැලුවාම ඒ මුළු මහන්සියම කිසිම තේරුමක් නැති දෙයක්නේ. මොනවා කිව්වත්, මොනවා ලිව්වත් එකම ප්‍රතිඵලයනේ'! කියලයි.
කිසිම කෙනෙක් උපතින් ඇවිදින්න හැකියාව ලබන්නේ නැහැනේ. බඩ ගාලා, දණ ගාලා, වැටි වැටී තමයි ඇවිදින්න ඉගෙන ගන්නේ. වෙනත් භාෂාවක් ඉගෙන ගැනීමත් ඒ වගේ දෙයක්. වැරදි වැරදි කතා කරලා, ලියලා, කියවලා තමයි හැකියාව ලබා ගත යුත්තේ. ඒකට කවුරු හරි හිනා වෙනවානම් ඒක ඒ පුද්ගලයාගේ මෝඩකම, නොහැදියාව මිසක් යමක් ඉගෙනීමට උත්සාහ කරන තැනැත්තාගේ අඩුපාඩුවක් නොවෙයි.

