https://www.gossiplankanews.com/2021/02/colombo-.html?m=1
මෙරට විශාලතම සමාජ ආරක්ෂණ අරමුදල වන සේවක අර්ථසාධක අරමුදල (EPF) කොළඹ කොටස් වෙළෙඳපොළේ සමාගම් 6 ක සිදුකර ඇති ආයෝජන මුළුමනින්ම විකුණා දැමීමට පියවර ගෙන තිබේ.
2020 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ දී අරමුදල ACL ප්ලාස්ටික්ස්, බලංගොඩ වැවිලි සමාගම, Chemanex, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, මල්වත්ත වැවිලි සමාගම, සෙලාන් ඩිවලොප්මන්ට්ස් යන ආයෝජනය සම්පූර්ණයෙන් විකුණා දමා ඇත.
අදාළ යෝජනාවලින් වන පාඩුව මගහරවා ගැනීම සඳහා මෙලෙස කොටස් විකිණීම කර ඇත.මේ අතර අරමුදල විසින් ආයෝජනය කර තිබූ ඩර්ඩන්ස් රෝහල් සමාගමේ කොටස් 250,906 ක්, ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී හි කොටස් 1,750,609 ක්, හේලීස් පීඑල්සී හි කොටස් 2,387,818 ක් සහ නවලෝක රෝහල් සමාගමේ කොටස් 2,001,775 ක් විකුණා දැමීමට ද පසුගිය කාර්තුවේ දී කටයුතු කර තිබේ.
2020 සැප්තැම්බර් 30 වැනි දිනට අර්ථසාධක අරමුදල ලැයිස්තුගත සමාගම් කොටස් 81 ක ආයෝජනය කර තිබූ අතර එය 2020 දෙසැම්බර් 31 අවසානයේ දී වාර්තා වන්නේ සමාගම් 74 ක් වශයෙනි. මෙම සමාගම් 74 හි අරමුදල ආයෝජනය කර ඇති මුළු මුදල රු. බිලියන 83.46 ක් වන අතර 2020 දෙසැම්බර් 31 දිනට මේවායේ සමස්ත වෙළෙඳපොළ වටිනාකම රු. බිලියන 70.80 ක් ලෙසින් වාර්තා වේ.