Mata 30% ganna ona . Mama c statement gaththa, eake pennanawa nama initial letter ekak a prashanayak. Prashne kiyanne e company eka dan wahala, b card gaththeth na. Mama dan mk? Service eka 10 years completed. Ara haani poorna eka certify karanna ona e adala company paththe Gramasewaka da? Mama inna paththe kenada?
30% ගන්න නම හදන්න ඕනෙ ඒක හරි
මුලින්ම 1 ( ආයතනය ඇරලද/ වහලද/ බී කාර්ඩ් එක රෙජිස්ටර් ද කියලා බලාගන්න ඕනේ)
මුලින්ම ඔනෙම කම්කරු දෙපාර්තුමේන්තුවකින් ඔයාගෙ NIC එක අරන් ගිහින් බලගන්න පුලුවන් bcard එක සිස්ටම් එකෙ (ලේබර් සිස්ටම්) රෙජිස්ටර් ද කියලා.
වැඩ කරපු තැන (ස්තානය) වහලා තිබ්බට, ලේබර් ඩෙපාර්ට්මෙන්ට් එකෙ සිස්ටම් එකෙ වහලා කියලා නැතිනම් ඒ කම්පැනි එක වහලා කියලා සලකන්නෙ නැ,
(ඒක චෙක් කරගන්න පුලුවන් ලගම තියෙන ඕනෙම කම්කරු කර්යාලයකින්,)
ආයතනය ඇරලා නම් ඒකත් එක්ක සම්බන්ද වෙලා නම හදාගන්න ඕනෙ (එකට ආයතනයෙන් ලෙටර් එකක් තියෙනවා, ඒකට ෆොර්මැට් එකක් තියෙනවා )
letter format
ආයතනය වහලා නම් + bcard එක හරියට රෙජිස්ටර් නම් (හැබැයි ඔයා ලග බී කාර්ඩ් එක නැතිනම්)
හාණි පූර්නය සහ පුදගල විස්තර පත්රකාව එක්ක වැඩා කරා කියලා සනාත කරන්න පුලුවන් මොනාම හරි ඩොකුමන්ට් එකක් ( පත්වීම් ලියුම, පේ ශීට්, අඩුම ගානේ බැනලා ගහපු ලියුමක් හරි) එක්ක ලේබර් ඩිපාර්ට්මෙන්ට් එකෙන් ලියුමක් දෙනවා, ඒක ගන්න ගන්න හානිපුර්නය සහ පුදගල විස්තර පත්රිකාව පුරවාගෙන එක්ක වැඩා කරා කියලා සනාත කරන්න පුලුවන් මොනාම හරි ඩොකුමන්ට් එකක් ( පත්වීම් ලියුම, පේ ශීට්, අඩුම ගානේ බැනලා ගහපු ලියුමක් හරි) එක්ක අරන් ගියාම දෙනවා
ඊට පස්සෙ ලෙබර් එකෙන් දෙන ලියුමයි +හාණි පූර්නය සහ පුදගල විස්තර පත්රකාව + උප්පැන්නය + NIC අරන් මහබැංකුවට ගියාම නම හදලා දෙනවා...
ආයතනය වහලා + bcard එක රෙජිස්ටර් නැතිනම්
හාණි පූර්නය සහ පුදගල විස්තර පත්රකාව එක්ක වැඩා කරා කියලා සනාත කරන්න පුලුවන් මොනාම හරි ඩොකුමන්ට් එකක් ( පත්වීම් ලියුම, පේ ශීට්, අඩුම ගානේ බැනලා ගහපු ලියුමක් හරි) එක්ක 30% ෆයිල් එක බාර දෙන්න ඕනෙ, ඊට පස්සෙ ලේබර් එකෙන් චෙක් කරලා සහතික කරගෙන බී කාර්ඩ් එක නිර්මානය කරලා වැඩෙ කරලා දේවි ,
හැබැයි වැඩෙ කල් යනො..
බි කාර්ඩ් එක රෙජිස්ටර් කරලා ආයෙ දැනුවත් කරාවි ඔයාට නමහදාගන්න පුලුවන් කියලා, එපරා නම හදන් ඇවිල්ලා සෙන්ට්රල් බැන්ක් එකෙන් ආයෙ ලෙබර් එක දැනුවත් කරාම තමයි 30% වැඩෙ යන්න ගන්නෙ.