රජයේ සේවකයන්ට පඩි ගෙවන්නේ, රජයේ සේවක නොවන අනිකුත් වැඩ කරන ජනතාවගේ බදු මුදල් වලින් නේද? විශේෂයෙන් මේ අවස්ථාවේ, ගෙදරට වෙලා වැඩ නොකර නිකන් පිං පඩි ගන්න රජයේ සේවකයාට ඒ මුදල ලැබෙන්නේ වසංගතය අවස්ථාවේත් සේවයට වාර්ථා කරල සල්ලි හම්බකරල බදු ගෙවන ජනතාව.. රජයට මාසෙකට රජයේ සේවක පඩි වලට රුපියල් බිලියන (මිලියන නෙමෙයි) 100ක් යනවා. Front line එකේ වැඩ කරන හා නිවසේ සිට රාජකාරි කරන අයට මේ කතාව අදාල නෑ. නමුත් වැඩ නොකර පඩි ගන්න අය, එම වැටුප තමන්ගේ අයිතිවාසිකමක් ලෙස කිසිසේත්ම නොසිතියයුතුයි! ඒක ඒ අය පව් කියල රජයෙන් (රජයේ නොවන බදු ගෙවන්නන්) දෙන දීමනාවක් විතරයි. ඒකෙන් කොටසක් පුළුවන්නම් donate කරන්න කියන ඉල්ලීමට ඔහොම අකාරුණික විදියට කලබල වෙනවනම්, රජය ඇත්තටම කළ යුතුව තිබූ දේ (එනම් වැඩ නොකරන අයට පඩි නොගෙවා සිටීම) කරානම් මොනව වෙයිද? අයිතියක් නැතුවත් ලැබෙන දේ ගැන කෘතඤ වෙනවනම් වඩා හොඳයි.. (ඔබ මේ අවස්ථාවේ රජයෙන් දැනුම් දී ඇති පරිදි නිවසේ සිට රාජකාරි කරනවානම් හෝ අත්‍යවශ්‍ය සේවා සදහා රැකියාවට යනවානම් හෝ මේ කතාව අදාල නැති බව සලකන්න.)