Facebook එකට රැවටෙන්න එපා.

darshana007

Member
Sep 13, 2006
1,902
781
0
41
Ratmalana
Facebook හොර මගඩි මෙන්න

දැන් කට්ටිය බලනවා ඇති මම මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. මේකයි කතාව.

406992_305094549527876_139429229427743_779424_803795814_n.jpg


අපේ ගොඩාක් අය Facebook එකේ මේ පින්තුරය දැකලා ඇති. ඒ වගේම අනේ අපොයි කියලා උදවුවක් විදියට share කරන්නත් ඇති. එකේ කිසිම වැරද්දක් නෑ. ඒ මොකද බෞද්ධයන් විදියට අපි ගොඩක් අය පුරුදු වෙලා ඉන්නවා අනුන්ට උදවු කරන්න.

එත් ප්‍රශ්නය තියෙන්නේ මෙතැනයි. අපි නොදැනම මේ පතුරුවන්නේ බොරු ආරංචියක් නම් ? ? ? ?

මෙන්න අර උඩින් දාපු පින්තුරය මෙතනට සම්බන්ධ වෙන තැන. මෙන්න මේකයි මේ පින්තුරයේ ඇත්ත කතාව.

capturedbz.jpg

capture2jz.jpg


මෙන්න original link එක: http://www.snopes.com/inboxer/medical/cancerbaby.asp

ඔය විස්තරය තිබුනේ අන්තර්ජාලයේ හා අපේ සමාජයේ තියන Scams, Hoax (ඒ කියන්නේ හොර මගදී, බොරු ප්‍රචාර) ගැන සම්පුර්ණ විස්තර අපිට ලබා දෙන http://www.snopes.com/ වෙබ් අඩවියෙයි. අන්තර්ජාලය පුරා සැරිසරන ටොන් ගානක් වන හොර බොරු ගැන මේකේ ලස්සන ලස්සන පැහැදිලි කිරීම් තියනවා. නිදහස් වෙලාවක ගිහින් බලන්න හොද තැනක.

මම මේ ලිපිය දාන්න මුලික හේතුව මේ බබාගේ පින්තුරයම නෙමෙයි. දැනට දවස් කීපයකට කලින් මම දැක්කා පොඩි ළමයෙක්ගේ අතුරුදහන් වීම ගැන තිබුන මේ පින්තුරය.

387597_344299132265680_100000567876171_1236703_1772089276_n.jpg


මම මේක දැක්කට පස්සේ share කරන්න කලින් මේකේ original post එක ගැන හොයලා බැලුවා. බලද්දී කතාව ඇත්ත, හැබැයි මේ පින්තුරය ලංකාවේ අපි අතරට (ඇත්තටම මේක ඉන්දියාවේ සිද්වීමක්, ඉන්දියාවේ අතුරුදහන් වුන දෙයක් ලංකාවෙන් හමුවෙන එකේ ප්‍රයෝගිකත්වය අපි අමතක කරමු) එද්දී මේ ළමයා ආපහු හමුවෙලා දවස් ගානක් ගත වෙලා. ඒත් මේ පින්තුරය අපේ ගොඩාක් අය (මම අර මුලින් කිවුවා වගේ උදවුවක් කිරීමේ චේතනාවෙන්) share කර කර තිබුනා.

393897_148244895288811_105002452946389_214187_898050749_n.jpg


මම අන්තිමටත් කියන්නේ අනුන්ට උදවු කිරීම ඇත්තටම හොද දෙයක්, ඒත් ඊට කලින් පොඩ්ඩක් හොයලා බලලා කරන එකෙන් කාටත් හොදක් වෙයි.


කාට හරි මේ විස්තරය වැදගත් කියලා හිතෙනවානම් Comment එකක් හරි Bump එකක් හරි දාලා යන්න. Reps බලාගෙන කරපු දෙයක් නම් නෙමෙයි මේක.
 
Last edited: