මචන්ලා අපේ page එකක item එකක් customersලට හරියට target කරවන්න අපිටම ad center එකෙන් හරියටම customer base එක define කරලා ad එක post කරොත් ඇති නේද.....??
එහෙම නැතුව ඔය ඕවගෙ ads promote කරන උන් ලව්ව උන්ටත් සල්ලි ගෙවල කරවන්නම ඕනෙ නැහැ නේද...
මෙහෙමයි මචන්, සාමන්යෙන් හොඳ Digital marketer කෙනෙක්ට පුළුවන් උඹ කරනවට වඩා අනිවාර්යෙන් හොඳට ඔය වැඩේ කරන්න. නමුත් උඹ ඇඩ් එක boost කරන්න ඉන්නේ 100$ක් හෝ ඊට අඩුවෙන්නම් තව එකෙක් hire කරන එක මෝඩ වැඩක්. මෙහෙම කරපන්,
1. Ad groups කිහිපයක් හදාගනින් 3ක් විතර
2. ඔය 3න් සමාජයේ විවිද කණ්ඩායම් 3ක් target කරපන්.
3. දවසට 2$ ගානේ දාලා දවස් දෙකක් රන් කරපන්.
එතකොට උඹට තේරෙනවා ඔය 3න මොකක්ද උඹට වැඩියෙන්ම ප්‍රතිපල ගේන්නේ කියල. ඊට පස්සේ එකට ඉතුරු සල්ලි ටික දාලා ගහපන්. අනිත් ඇඩ් දෙක නවත්තපන්. මේක මීට වඩා ලස්සනට හොඳ Digital marketer කෙනෙක් කරනවා. නමුත් උඹේ ව්‍යාපාරේ මම හිතන්නේ නෑ එච්චර ලොකු එකක් කියලා තව එකෙක් hire කරගෙන කරන්න තරම්. ලොකු ව්යාපාරයක්නම් ලොබ වෙන්නේ නැතුව හොඳ plan එකක් ගහගෙන digital marketing campaign එක කරපන්. නිකන්ම boost එකක් ගහනවට වඩා උඹේ brand එකට ඒකෙන් ගන්න පුලුවන් වාසි ගොඩක් තියෙනව.