Female Circumcision & Desert Flower

Jun 8, 2012
985
251
0
kandy
Female circumcision & Desert Flower

cc8fc918e4f8f56e_lkebede-wdirie-desert-flower_preview_.jpg

මේක මම ටික කාලෙකට ඉස්සර go සගරාවෙ කියවපු ආටිකල් එකක තමා මුලින්ම දැක්කේ.නමුත් ඒකට අදාල ෆිල්ම් එක බැලුවෙ ලගදි.ෆිල්ම් එක බැලුවම හිතුනා මේක ගැන මොනා හරි ලියන එක හොදයි කියලා.මේක මම ලියන්නේ go සගරාවේ ගියපු ලිපියයි,ෆිල්ම් එකයි දෙකම උපයෝගී කරගෙන.

Waris_Dirie.jpg
wdirie250_fitwidth_420.jpg

කතාව කියන්න යන්නේ මොඩ්ල් කෙනෙක් ගැන. මොඩ්ල් ගෙ නම තමා waris dirie .මෙයා ඉපදිලා තියෙන්නේ සෝමාලියාවේ,මුස්ලිම් ජාතික කාන්තාවක් විදියට. desert flower කියන ෆිල්ම් එකේ තියෙන්නේ මෙයාගෙ ජීවිත කතාව තමා, සැකවින් කිව්වොත් මෙයාගෙ ජීවිත කතාව මෙහෙමයි. වැඩිවියට පත්වෙන්න ලං වෙන වයසෙදිම ගෙදරින් පැනලා යනවා.ඒ ගෙදරින් යෝජනා කරපු මෙයාට වඩා ගොඩක් වයසක කෙනෙක්ව බදින එකෙන් වලකින්න. මෙයා ගෙදරින් ගිහින් නවතින්නේ ලන්ඩන් වල. ලන්ඩන් වලදි මෙයාට ලෝක ප්‍රසිද්ධ මොඩ්ල් කෙනෙක්වෙන්න අවස්තාව ලැබෙනවා.
ලස්සන කතාවක් වගේ පේන්නේ.

නමුත් මේ මොඩ්ල් ගෙ විශේශත්වයක් තියනවා, ඒ තමා අනික් සෝමාලියානු-මුස්ලිම් කාන්තාවන් වගේම මෙයාවත් සුන්නත් කිරීමකට ලක් කරලා තිබීම.

female circumcision ගැන දන්න අය වගේම නොදන්න අයත් ඇති, ඒක ගැන පොඩි විස්තරයක් කරන්නම්.ප්‍රදාන වශයෙන්ම female circumcision වලදි කරන්නේ කාන්තා ලිංගික අවයව කපා ඉවත් කිරීමයි.ලිංගික උත්තේජ ප්‍රදාන වශයෙන්ම දැනෙන clitoris අවයවය කපා ඉවත් කරනවා.ඒ වගේම vaginal lips කපා ඉවත් කෙරෙනවා. මේ පින්තූරයෙන් ඒක පැහැදිලි වෙයි.මේවා කපලා ඉවත් කරාට පස්සේ නැවත ඒ උත්තේජ ලැබෙන් නෑ.circumcision ක්‍රම හතරකට සිදු කෙරෙනවා.
A,B,C,D කියන්නේ ඒවා.
(female genital mutilation කියන්නෙත් මේකටමයි.)

548px-FGC_Types.svg.png

මේක කරන්නේ ඇයි කියලා අහුවොත්, කාන්තාව ලිංගිකව සතුටු වීම වැලැක් වීම තමා පිලිතුර.
එමගින පතිවත ආරක්ෂා වෙනවා කියලා මේගොල්ලෝ විශ්වාෂ කරනවා.

මේක ගැහැනු ලමයෙක්ට කරන්නේ වයස අවුරුදු තුනේදී විතර.

එතකොට සෝමාලියාවේ මිනිස්සුන්ට මේක කරන්න සැත්කම් උපකරන එහෙම නෑ.ඒ ගොල්ලො පාවිච්චි කරන්නේ බ්ලේඩ් තල,වීදුරු කෑලි වගේ දේවල්ලු. සුන්නත් කිරීම සිද්ද කරන්නේ අදාල ප්‍රදේශයේ කාන්තාවක් මයි.waris dirie ගේ සහෝදරියට මේක කරාට පස්සේ ලේ ගිහින් ම මිය ගියාලු. මේ වීඩියෝ එකේ desert flower ෆිල්ම් එකේ කොටසක් තමා තියෙන්නේ.බලන්න අකමැති නම් බලන්න එපා.(ටිකක් අමාරුයි බලන්න)

මේක කරේ නැත්තම් ගැහැනු ලමයා ලොකු උනාට පස්සෙ එයාව බදින්න කවුරුවත් කැමති නැල්ලු, අනික සුන්නත් නොවූ කාන්තාවක් ගණිකාවක් විදියටලු සෝමාලියානු මිනිස්සු සලකන්නේ. අවුරුදු තුනක ලමයෙකුට මේ වගේ දෙයක් කරද්දි වේදනාව ගැන අහන්න දෙයක් නෑ නේ. මීටත් වඩා වේදනාවක් පලවෙනි සන්සර්ගය වෙලාවෙදී දැනෙනවා, ඒ වගේම ලොකු ලේ ගැලීමකුත් වෙනවා.

මේක කියවද්දි ඇතිවෙන ප්‍රශ්නයක් තමා හැම මුස්ලිම් කාන්තාවක්ම සුන්නත් කිරීමකට ලක් වෙලා ද කියන එක. පිලිතුර නැත.හැම මුස්ලිම් පිරිමියෙක්ම සුන්නත් වුනත් හැම මුස්ලිම් ගැහැනියක්ම සුන්නත් නෑ.හේතුව තමා පිරිමි සුන්නත් කිරීමට වඩා ටිකක් අමාරු,වේදනා සහගත,මාරාන්තිකසුන්නත් කිරීමක් තමා ගැහැනු සුන්නත් කිරීම.

ලෝකයම ගත්තොත්, ගොඩක් රටවල් මේක නොකල යුතු දෙයක් හැටියට තමා දකින්නේ.ගොඩක් රටවල් වලින් මේකට විරුද්දව විරෝධතා මතුවෙලා තියනවා.
මේක ලංකාවෙ මුස්ලිම් ජාතිකයන් අතරත් සිද්ද වෙනවා.
go සගරාවේ ඒක ගැන තිබ්බ කොටස කියවන්න මෙතන ක්ලික් කරන්න. නමුත් පිරිමි සුන්නත් කිරීම තරම් සුලබව සිද්ද වෙන්නේ නෑ.

news-graphics-2008-_658625a.jpg

දැන් waris dirie මොඩ්ලින් නවත්තලා UN එකට සම්බන්ද වෙලා female circumsition වලට විරුද්දව වැඩ කරනවා.

2012_0206_stop_fgm_m.jpg
ff-fgm.jpg

desert flower ෆිල්ම් එකේ ලින්ක්ස් තමා මේ තියෙන්නේ. (ත්‍රෙඩ් එකේ පලවෙනි පින්තූරෙ ඉන්නෙ waris dirie හා ෆිල්ම් එකේ එයාගෙ චරිතය කරපු නිලියයි.)
406 MB torrent
5.28 GB torrent

ඔන්ලයින් බලන්න
tubeplus

මේක කියවන අය female circumcision ගැන තමන් හිතන දේ කමෙන්ට් එකක් විදියට ඇඩ් කරන්න.
පුලුවන් නම් ෆිල්ම් එකත් බලන්න.
අනිත් අයටත් කියවන්න bump එකක් දාගෙනම යන්න.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
Female Circumcision සහා Female Genital Mutilation කියන්නේ දෙකක්. කොහොමත් මම Male හෝ Female කිසිම Circumcision(සුන්නත් කිරිම) මක්ම අනුමත කරන්නේ නෑ. නමුත් මේකේ විස්තරය ගැන කිව්වොත්, Female Circumcision එකෙන් කරන්නේ Clitoris Hood (භගමණි වැස්ම) එක නැත්නම් Clitoris Prepuce එක අයින් කරන එකයි නමුත් Female Genital Mutilation එකේදි කරන්නේ Clitoris (භගමණිය) එක Labia (තොල්) මේ ඔක්කොම අයින් කරන එකයි. භගමණිය පිරිමැදලා තමයි ගොඩක් කෙල්ලෝ අතේ ගහන්නේ මේකේ වැස්මෙන් කරන්නේ ඒ පිරිමැදිම මගින් යොදන බලය අඩු කරන එකයි, වැස්ම ඉවත් කරාම වෙන්නේ
කෙලින්ම භගමණිය පිරිමදින්න පුලුවන් වෙන එකයි. ඒක හරියට කලිසම උඩින් පයිය අත ගාන්නේ නැතුව කලිසම ගලවා පයිය අතගානවා වගේ වැඩක්.
ගොඩක් මිනිස්සු මේක පටලවගෙන තියෙනවා. මේක තහනම් වෙන්න හේතුව කාන්තා සංවිධාන වල බොරු ප්‍රචාරයයි. උන් Female Circumcision සහා Female Genital Mutilation පටලවලා මිනිස්සුන්ට යවලා තියෙන්නේ. මැලීසියාවේ Female Circumcision එක හරියට කරනවා නමුත් ඒක ඔය අප්‍රිකාවේ කෙරෙන විදියේ Mutilation එකක් නෙවෙයි. සාරාංශය විදියට ගත්තොත් Female Circumcision එකෙන් හානියක් නෑ නමුත් Female Genital Mutilation එකෙන් විතරයි හානියක් වෙන්නේ.
 
Last edited:

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    කලින් මේක ගැන අහල තිබුනට මෙච්චර විස්තරයක් දැනගෙන තිබුනෙ නෑ :(
     
    • Like
    Reactions: sheldon cooper
    Jun 8, 2012
    985
    251
    0
    kandy
    Female Circumcision සහා Female Genital Mutilation කියන්නේ දෙකක්. කොහොමත් මම Male හෝ Female කිසිම Circumcision(සුන්නත් කිරිම) මක්ම අනුමත කරන්නේ නෑ. නමුත් මේකේ විස්තරය ගැන කිව්වොත්, Female Circumcision එකෙන් කරන්නේ Clitoris Hood (භගමණි වැස්ම) එක නැත්නම් Clitoris Prepuce එක අයින් කරන එකයි නමුත් Female Genital Mutilation එකේදි කරන්නේ Clitoris (භගමණිය) එක Labia (තොල්) මේ ඔක්කොම අයින් කරන එකයි. භගමණිය පිරිමැදලා තමයි ගොඩක් කෙල්ලෝ අතේ ගහන්නේ මේකේ වැස්මෙන් කරන්නේ ඒ පිරිමැදිම මගින් යොදන බලය අඩු කරන එකයි, වැස්ම ඉවත් කරාම වෙන්නේ
    කෙලින්ම භගමණිය පිරිමදින්න පුලුවන් වෙන එකයි. ඒක හරියට Shirt එක උඩින් පයිය අත ගාන්නේ නැතුව කලිසම ගලවා පයිය අතගානවා වගේ වැඩක්.
    ගොඩක් මිනිස්සු මේක පටලවගෙන තියෙනවා. මේක තහනම් වෙන්න හේතුව කාන්තා සංවිධාන වල බොරු ප්‍රචාරයයි. උන් Female Circumcision සහා Female Genital Mutilation පටලවලා මිනිස්සුන්ට යවලා තියෙන්නේ. මැලීසියාවේ Female Circumcision එක හරියට කරනවා නමුත් ඒක ඔය අප්‍රිකාවේ කෙරෙන විදියේ Mutilation එකක් නෙවෙයි. සාරාංශය විදියට ගත්තොත් Female Circumcision එකෙන් හානියක් නෑ නමුත් Female Genital Mutilation එකෙන් විතරයි හානියක් වෙන්නේ.

    ඔව්, නමුත් මේකෙදි ගොඩක් අවදානය යොමු කරන්න ඕනේ කාරනය තමා female circumcision කරන ආකාරය. අර වීඩියෝ එකේ තියෙනවනේ උන් කරන ක්‍රමය. බ්ලේඩ් තල හෝ වීදුරු කෑලි. එහෙම කරන හැම එකක්ම විකෘතියක් වෙන්න තියන ඉඩ කඩ වැඩී. ගොඩක් වෙලාවට මේක ගෘහාශ්‍රිතව සිද්ද වෙද්දී circumcision එකක් විකෘති වෙන්න ඉඩක් තියනවා නේ.හේතුව විශ්බීජ ඇතුල් වෙන්න තියන ඉඩකඩ වැඩී.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඔව්, නමුත් මේකෙදි ගොඩක් අවදානය යොමු කරන්න ඕනේ කාරනය තමා female circumcision කරන ආකාරය. අර වීඩියෝ එකේ තියෙනවනේ උන් කරන ක්‍රමය. බ්ලේඩ් තල හෝ වීදුරු කෑලි. එහෙම කරන හැම එකක්ම විකෘතියක් වෙන්න තියන ඉඩ කඩ වැඩී. ගොඩක් වෙලාවට මේක ගෘහාශ්‍රිතව සිද්ද වෙද්දී circumcision එකක් විකෘති වෙන්න ඉඩක් තියනවා නේ.හේතුව විශ්බීජ ඇතුල් වෙන්න තියන ඉඩකඩ වැඩී.

    ඔව් ඒක ඇත්ත සැත්කමක් කරන්න ඕනේ හොද උපකරණ use කරලා මිසක් වීදුරු ,පිහි, බේලෙඩ් තල භාවිතා කරලා නෙවෙයි. කොහොම වුනත් මම කියන්නේ සුන්නත් කිරිම අනවශ්‍යයි. වින්දනයේ පොඩි වැඩි වීමක් වෙනවා කියලා ඇගේ කොටස් කපන්න ඕන නෑ. කෙල්ලෙක්ට වින්දනය දෙන්න ඕනේ ඕන තරම් ක්‍රම තියෙනවා. Foreplay, G-Spot Stimulation මගින් ලැබෙන වින්දනය Clitoris Stimulation මගින් ලැබෙන වින්දනයට වඩා ප්‍රබලයි.
     
    :yes::yes::yes: