Fiverr (7 කොටස) - මේ මගේ කතාව

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    iPlusBlog
    iPlusBlog එක ගැන කතා නොකර කොහොමද. 2012-2013 විතර කාලෙ මොකක් හරි blog එකකින් link එකක් තිබුණා iPlusBlog එකට. iPlusBlog එකෙන් තමයි ඒ කාලෙ Fiverr ගැන හැම දෙයක්ම දැනගත්තෙ. ඉතිං ඒක බලලා මමත් Fiverr පටන් ගත්තා. (දැන් iPlusBlog එක නෑ)



    Geek
    ඒ කාලෙ තිබුණා geek.lk කියලා forum එකක්. ඒකෙ ඇඩ්මින් හිටියෙ chanux කියලා කෙනෙක්. (chanuxbro වෙන්න ඇති. හරියටම දන්නෑ.) ඒ site එකේ adminලාගෙ වගේම usersලාගෙත් විනයක් තිබුණා. අසභ්‍ය වචන, මාතෘකා, ඒ ළඟින් යන දේවල් වුණත් තිබුණොත් සමහර වෙලාවට usersලාම කේස් එකක් දාලා ඒවා අයින් කරවනවා. ඒ අතින් එළකිරියට වැඩිය 1000 ගුණයකින් විතර හොඳයි. එළකිරියෙ ඇඩ්මින්ලා එක්ක ඔය දේවල් (අසභ්‍ය වචන, මාතෘකා, ඡායාරූප/වීඩියෝ වල link) ගැන කතා කරන කොට උන්දැලා අපිව බල්ලො බළල්ලු ගාණට දාන්නෙ. ළමයෙක් elakiri.com එකට ආවොත් උගෙ ඔලුව සම්පූර්ණයෙන්ම නරක් වෙනවානෙ. එළකිරිය කවදාවත් අර වගේ වෙන්නෑ.

    නැවත මාතෘකාවට. Geek.lk එකේ pubudu230 කියලා කෙනෙක් දාලා තිබුණා Facebook likes (Like exchange sites සහ smm panel වලින් අරගෙන) Fiverr එකේ sell කරන විදිහ ගැන thread එකක්. (දැන් ඒවා Fiverr එකේ කරන්න බෑ) ඒක බලලා මම Fiverr එකේ Facebook, instagram likes sell කරන්නත් පටන් ගත්තා. පස්සෙ ඒ අයට ස්තුති කරලා මම ඒකෙ ත්‍රෙඩ් එකක් දැම්මා. අනිත් අයට දෙයක් කියලා දෙන්න තරම් දැනුමක් මට තිබුණෙ නෑ.



    Fiverr
    පළවෙනි gig එක (3D animation) දාලා මාස 8කට විතර පස්සෙ පළවෙනි order එක ආවෙ. ඊටපස්සෙ කාලෙන් කාලෙට negative feedbacks ආපු, විභාග වලට මාස ගාණක් gigs ටික pause කරලා තියපු, Multiple accounts කියලා ban වුණ, computer එක වැඩ කරන්නැතුව ගිය දවස් වල internet cafe වලට ගිහින් account එක pause කරපු, දන්නෙම නැතුව orders ඇවිත් deliver කරන කාලෙ පහු වෙලා ඒවා cancel වෙලා negative feedbacks ආපු, එක එක විදිහෙ අත්දැකීම් ලැබුණ දශකයක් විතර කාලයක් පහුකරගෙන ඇවිත්.



    අපේ Fiverr
    මම Fiverr ගැන දන්න, ඉදිරියේදි දැනගන්න හැමදෙයක්ම එක තැනකට එකතු කරලා, හැමෝටම බලන්න පුලුවන් විදිහට දාන්න ඕනෙ කියලා හිතුණා. එළකිරියෙ දාන එකේ අඩුපාඩු කීපයක් මම දකිනවා

    * පරණ thread වල කරුණු update කරන්න බෑ
    * Thread එක යට ගියාට පස්සෙ හොයාගන්න බෑ
    * Thread ටික පිළිවෙලට පෙළගස්වලා තියන්න විදිහක් නෑ
    * වැදගත් විදිහට ආශ්‍රය කරන කෙනෙක්ට කවදාවත් චාටර් එළකිරියෙ link එකක් දෙන්න බෑ

    Thread වල දාපු දේවල් වල අඩුපාඩු, මඟහැරුණ තැන් හරිගස්සලා ආපහු මුලක ඉඳන් හදපු අපේ blog එක මේක. මම මේකෙන් සල්ලි හම්බ කරන්න බලාපොරොත්තුවක් නෑ. ඒ හින්දා blogspot එකේ සරල විදිහට හැදුවා. පොදුවේ හැමෝම වගේ අහන ප්‍රශ්න වලට උත්තර, අලුත් අය දැනගන්න ඕනෙ හැම දෙයක්ම වගේ මේකෙ තියෙනවා. කවුරු හරි Fiverr ගැන ප්‍රශ්නයක් ඇහුවොත් එකින් එක විස්තර කරලා දෙනවට වඩා link එක දෙන එක ලේසියි. අලුත් තොරතුරු වලින් දිගටම update කරන්න බලාපොරොත්තු වෙනවා.

    http://apefiverr.blogspot.com


    අහස ගැන ලියන @Stimulus mind ටත් මුහුද ගැන ලියන @Walter White ටත් මම ආරාධනා කරන්න කැමතියි ඔයාලගෙ ඒ වටිනා ලිපි ටික නැවත පෙළගස්වලා website/blog එකක දාන්න කියලා. එතකොට ඒ ක්ෂේත්‍ර වලට උනන්දුවක් තියෙන අයට තමන්ට අවශ්‍ය කරුණු අවශ්‍ය වෙලාවට හොයාගන්නත් ලේසියි.

    එළකිරිය ගැන කතා කරන කොට @NRTG සහ @kinkon දෙන්නව අමතක කරන්නම බෑ. වැදගත් ත්‍රෙඩ් එකක් යටට ගිහින් තිබුණත් උඩට අරන් දෙන එළ කොල්ලො දෙන්නෙක් තමයි.

    ඒ වගේම අපේ බව්වා අසනීප වුණ වෙලාවෙ (අරන් යන්න ඩීසල් නැති කාලෙ) මට උපදෙස් දීලා උදව් කරපු හැමෝටමත් ගොඩක් ස්තුතියි. දන්නැති දෙයක් අහපුවාම කියලා දුන්න, නම සඳහන් කළ-නොකළ හැමෝටම ස්තුතියි.


    අමතර දෙයක් කියන්නම්. (මේක fiverr ගැන නෙවේ). ජීවිතේට විනාඩි 2ක් වත් භාවනා කරලා නැති කෙනෙක් බුද්ධාගම බොරුයි කියන්න තර්ක ඉදිරිපත් කරනවා දැක්කොත්, එයාට අනුකම්පා කරන්න.


    මගේ කතාව අවසානයි. අසා සිටි ඔබ සැමට ස්තුතියි.
    http://apefiverr.blogspot.com
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අමතර දෙයක් කියන්නම්. ජීවිතේට විනාඩි 2ක් වත් භාවනා කරලා නැති කෙනෙක් බුද්ධාගම බොරුයි කියන්න තර්ක ඉදිරිපත් කරනවා දැක්කොත්, එයාට අනුකම්පා කරන්න.

    Mata anukmpawa epa, eeth budhdhagamay, bhawanaway athare thiya sambande mokakda?
    Budhdhagama nisa bhawanawa aawa kiyala kiyanna be neda?
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,161
    24,790
    113
    tracing Geo-location.. ... ...
    අමතර දෙයක් කියන්නම්. ජීවිතේට විනාඩි 2ක් වත් භාවනා කරලා නැති කෙනෙක් බුද්ධාගම බොරුයි කියන්න තර්ක ඉදිරිපත් කරනවා දැක්කොත්, එයාට අනුකම්පා කරන්න.

    Meka ganath thawa wisthara tikak danna. Buddhism boru kiyana aya gana newei. Meditation gana.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    eeth budhdhagamay, bhawanaway athare thiya sambande mokakda?
    Budhdhagama nisa bhawanawa aawa kiyala kiyanna be neda?

    Meka ganath thawa wisthara tikak danna. Buddhism boru kiyana aya gana newei. Meditation gana.
    ධර්මය කියන්නෙ ප්‍රගුණ කරන්න (practice කරන්න) තියෙන දෙයක්. ඒක ප්‍රගුණ කරපු කෙනාට feel වෙන දේ ප්‍රගුණ නොකරපු කෙනාට විහිලුවක් තමයි.