FIVERR LEVEL 2

Status
Not open for further replies.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,016
    22,425
    113
    ela ela ohoma yan.....mata epa wela thiyenne mona magula kalath order enne idala hitala...ayyooo salli

    උඹට එහෙමවත් එනවා.මට එන්නෙම නෑනෙ.
    උඹ මොනවද කරන්නෙ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,016
    22,425
    113
    Deepalasantha උඹ කරන්නෙ SEO නේද?
    අනිත් අයටත් දැනගන්න කරන විදිහ ශෙයා කලොත් හොඳ නැද්ද?
    ඒක ක්ලික්ස් කිහිපයකින් කරන්න පුලුවන් දෙයක්ද?
    වෙලාව කොච්චර යනවද?
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    1952fa5d9c3c4d538e7e5c4.png
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    Deepalasantha උඹ කරන්නෙ SEO නේද?
    අනිත් අයටත් දැනගන්න කරන විදිහ ශෙයා කලොත් හොඳ නැද්ද?
    ඒක ක්ලික්ස් කිහිපයකින් කරන්න පුලුවන් දෙයක්ද?
    වෙලාව කොච්චර යනවද?

    කවුරුවත් තමන් කරන Gig එක හරියටම කරන හැටිත් එක්කම කියලා දෙන්නෙ නැහැ බන්! මමත් අමු කට්ටක් කාලා එක එක වචන දාලා බලලා gig ටිකක් හැදුවෙ! දැන් නම් දෙයියන්ගේ පිහිටෙන් දවසට Orders 3ක් වගේ එනවා.
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    කිසිම සොෆ්ට්වෙයා එකක් නැතුව විනාඩි 20න් $4ක් හොයන්න පුළුවන් පට්ටම ගිග් එකක් සෙට් උනා! කාටද ඕන?
    a2b75e18286f48bdbe75ee1.png

    මේකම නැතුව, හිතලා එකක් දාපල්ලා
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Deepalasantha උඹ කරන්නෙ SEO නේද?
    අනිත් අයටත් දැනගන්න කරන විදිහ ශෙයා කලොත් හොඳ නැද්ද?
    ඒක ක්ලික්ස් කිහිපයකින් කරන්න පුලුවන් දෙයක්ද?
    වෙලාව කොච්චර යනවද?

    උත්තර දෙන්න අමාරුම ප්‍රශ්නයක් අහලා තියෙන්නෙ. මගේ profile දෙකක් තියෙනවා. එකක් SEO වලට අනික Graphics වලට. දෙකටම සාමාන්‍ය විදිහට order එනවා. දවසකට 3ක් 4ක් විතර. Graphics ගැන කියන්න දෙයක් නෑනෙ. මම දන්නෙ photoshop විතරයි. ඉන්ටෙර්නෙට් එකෙන් clips හොයාගෙන දන්න විදිහට අටවලා යවනවා. ඊට පස්සෙ උන්ගෙන් බැනුම් අහනවා, ඒත් කොහොමහරි ශේප් කරලා 100% positive feedback තියාගෙන යනවා. Graphics වැඩ අමාරුයි. හිතන්න ඕනෙ. වෙලාව යනවා. ඒ උනාට වැඩිපුර මට order තියෙන්නෙ Graphics වලට තමයි.

    දැන් අනිත් එක. ඒකෙ තියෙන්නේ ඔක්කොම SEO gigs.

    මගෙ එක ගිග් එකක් තියෙනවා 2000+ backlinks දෙනවා කියලා. මෙන්න මෙහෙමයි දෙන්නෙ. මේ තියෙන්නෙ example site එකක්.

    2000 free backlinks

    මේ වගෙ website ඕනෙ තරම් තියෙනවා නෙට් එකේ. මේ වගෙ හොද සයිට් එකක් හොයාගෙන තියාගන්න. order එක ආවම ගිහින් ලින්ක් එක submit කරන්න. මේ වගේ හදන්න පුලුවන් ඔක්කොම ලින්ක්ස් හැදෙන්නෙ wiki site වලින්. ඒ කියන්නෙ website ගැන විස්තර එකතු කරලා තියාගෙන ඉන්න alexa වගෙ වෙබ්සයිට් වලින්. මේකෙන් හැදෙන ලින්ක්ස් එච්චර quality නෑ. ඒ උනාට quantity එක වැඩි නිසා මේ වගේ ගිග් එකක් ඕනෙ කෙනෙක් ගන්නවා. හැබැයි SEO ගැන දන්න උන් නම් ගන්නෙ නෑ.

    backlinks%2520Untitled.jpg


    Directory submission, Article submission කියන Service දෙක තමා ඇත්තටම හොද quality එකක් තියෙන backlinks හදන්න පුලුවන්. මම ගිග්ස් වල දාල තියෙන්නෙ manual submit කරනවා කියල තමයි. ඒ උනාට එහෙම කරන්න බෑ. software use කරනවා. නෙට් එකේ search කරලා බලන්න free directory submitter, Free article submitter කියලා. ඕනෙ තරම් Free software තියෙනවා මේ වැඩේට. ඒ වගේ හොද software දෙක තුනක් download කරලා test කරලා බලන්න. ගොඩක් free ඒව දෙන්නෙ 150 submissions වගේ තමයි. ඒ ඇතිනෙ.

    හැබැයි captchas නම් manual type කරන්නම වෙනවා. මේ වැඩේට සල්ලි තියෙනවනම් Magic submitter වගේ Software එකක් use කරන්නත් පුලුවන්. එහෙම එකක් ගත්තොත් ඒකෙ හැමදෙයක්ම තියෙනවා. Article submiter, directory submitter, RSS submitter. එතකොට එක software එකකින් විතරක් gigs ගොඩක් offer කරන්න පුලුවන්.

    කට්ටිය නෙට් එකේ search කරලා හම්බුන හොද software තියෙනම් අනිත් අයටත් දැන ගන්න මෙතන දාන්න. මොකද එක්කෙනෙකුට හම්බුනේ නති හොද software එකක් තව කාටහරි හම්බවෙන්න පුලුවන්. ඔන්න දන්න ටික ඔක්කොම කිව්ව. දැන් ඔක්කොම SEO ගිග්ස් දාලා. මට එක ගිග් එකක්වත් විකුන ගන්න බැරි වේද දන්නෙ නෑ. ඒත් කමක් නෑ. කවුරුහරි ගොඩ යනවනම් මදෑ.

    try එකක් දීලා මොනහරි අවුලක් තියෙනවනම් කියන්න. පුලුවන් හෙල්ප් එකක් දෙන්නම්.

    වැදගත්ම දේ තමයි. වෙන කටවත් service එක දෙන්න කලින්. software එක ගැන හොදටම දැන ගන්න ඕනෙ. report එකක් ගන්න පුලුවන් විදිහෙ එකක් වෙන්න ඕනෙ.

    article submission එකක් වගෙ කලම. ඒවයෙ report දෙන්න විදිහක් නෑ 150 ක් submit කලොත් ඒ වෙලාවෙම publish වෙන්නෙ 10ක් - 15ක් විතර නිසා. සමහර article publish වෙන්නෙම නෑ. එහෙම උනත් Buyer satisfy වෙන විදිහට report එක දෙන්න ඕනෙ. publish උන article වල ලින්ක්ස් පෙන්නලා, ඉතුරු ටික admin review එකෙන් පස්සෙ publish වෙයි කියල shape කරලා. ඒ submit කරපු directory ටිකේ names හරි දෙන්න ඕනෙ. service එක චා උනත් customer handling හොදනම් කරගෙන යන්න පුලුවන්.

    අනිත් එක SEO ගිග්ස් offer කරන්න කලින් backlinks, SEO ගැන හොදට දැනගෙන ඉන්න ඕනෙ. සමහර උන් එනවා අලුත්ම domain අරගෙන 2000 backlinks ගන්න. දන්නවනෙ ඉතින් දුන්නොත් වෙන දේ. ඒ වගේ වෙලාවට උන්ට විස්තරේ පැහැදිලි කරලා කියලා දීලා ඒ වෙනුවට article submission එකක් ඩ්‍drip distribution විදිහට වගේ කරන්නම් කියලා ගිග් extras තියෙනම් තව 5$ වැඩිපුර charge කරන්න පුලුවන්.

    තව ඉතින් ලියනවනම් පිටු ගානක් ලියන්න තියෙනවා. එහෙම හැම දෙයක්ම ලියන්නේ නෑ. එහෙම හැමදෙයක්ම කටට වැටෙනකම් බලා ඉන්න හොද නෑ. ඒක නිසා තනියම try එකක් දෙන්න. අලුතින් ඉගෙන ගන්න දේවල් අනිත් අයත් එක්ක share කර ගන්න. අවුලක් තියෙනවනම් ඕනෙ වෙලාවක හෙල්ප් එකක් දෙනම්.
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    කවුරුවත් තමන් කරන Gig එක හරියටම කරන හැටිත් එක්කම කියලා දෙන්නෙ නැහැ බන්! මමත් අමු කට්ටක් කාලා එක එක වචන දාලා බලලා gig ටිකක් හැදුවෙ! දැන් නම් දෙයියන්ගේ පිහිටෙන් දවසට Orders 3ක් වගේ එනවා.

    එහෙම නෑ. ඇත්තටම Try කරන එකාට මම කියලා දෙනවා හැමදෙයක්ම.
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    එහෙම නෑ. ඇත්තටම Try කරන එකාට මම කියලා දෙනවා හැමදෙයක්ම.

    සමහර උන් බලාපොරොත්තු වෙන්නෙ එකේ Fiverr රෙජිස්ටර් වෙන තැන ඉඳන් අතට සල්ලි ගන්න එක දක්වාම සර්ව සම්පූර්ණ ටියුට් එකක්. උඹ ඉතින් එහෙම එකෙක්ට කියලා දෙනවා කියන්නෙ ඌ කවදාවත් තනියම හිතලා වැඩක් කර ගන්නෙ නැහැ කියන එක තමා මචන්.:)
     

    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මෙන්න මචන්ලා මමත් ගිග් එකක් කරන හැටි කියලා දෙන්නයි යන්නේ. මමත් මේ ත්‍රේඩ් එකෙන්ම ඉගෙන ගත්ත එකේ පොඩි රිටර්න් එකක් දුන්නෙ නැත්තම් හරි නැහැ නෙ:D

    #1 I will check keyword rank for your domain on google for $5

    කීවර්ඩ්/ප්‍රොක්සි/ඇඩ්‍රස් එකයි ලෝඩ් කරලා ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න තියෙන්නෙ. විනාඩි 10ක් විතර වැඩක්! ඕකෙන් ජෙනරේට් වෙන CSV ෆයිල් එක යවන්න තියෙන්නෙ

    Download Link
     
    Last edited:
    • Like
    Reactions: maduranga_it

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මෙන්න මචන්ලා මමත් ගිග් එකක් කරන හැටි කියලා දෙන්නයි යන්නේ. මමත් මේ ත්‍රේඩ් එකෙන්ම ඉගෙන ගත්ත එකේ පොඩි රිටර්න් එකක් දුන්නෙ නැත්තම් හරි නැහැ නෙ:D

    #1 I will check keyword rank for your domain on google for $5

    කීවර්ඩ්/ප්‍රොක්සි/ඇඩ්‍රස් එකයි ලෝඩ් කරලා ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න තියෙන්නෙ. විනාඩි 10ක් විතර වැඩක්! ඕකෙන් ජෙනරේට් වෙන CSV ෆයිල් එක යවන්න තියෙන්නෙ

    Download Link


    නියමයි මචෝ අපිත් දන්න දේවල් දාන්නං මගේ මැසේජ් එකට රරීප්ලයි එකක් එවන්න
     

    jagath_kumara

    Active member
  • Feb 1, 2008
    507
    59
    28
    එල මචන්! ඒත් සතියක් මදි නැද්ද බන් $5ට?:)

    google eke adfly wala advertise karanawata wada labayak thiyei man hithanne meken ganna ayata mokada mama nikan wena site wagayak dala test ekak karala beluwa wede ela. traffic set una. gig eka nikan dala balanna one thawa tika dawasakin moko wenne kiyala
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    සමහර උන් බලාපොරොත්තු වෙන්නෙ එකේ Fiverr රෙජිස්ටර් වෙන තැන ඉඳන් අතට සල්ලි ගන්න එක දක්වාම සර්ව සම්පූර්ණ ටියුට් එකක්. උඹ ඉතින් එහෙම එකෙක්ට කියලා දෙනවා කියන්නෙ ඌ කවදාවත් තනියම හිතලා වැඩක් කර ගන්නෙ නැහැ කියන එක තමා මචන්.:)

    eka thamai machan. mata PM karana untath mama godak welawata kiyanawaa. ehema okkoma mahansiyak nathuwa athata dunnoth, ekko un eken ahriyata wadak ganne na watinakamak nathi nisa. e unata mama mechchara durak hari awe e wage mata hamadeyakma kiyala dunnu aya hitiya nisa. eka nisa mama hothagena inne hama ekatama mata puluwan uparimen support eka denawa kiyala. :yes: habai ithin samahara un udaw aran wade hari nogiyoth bana bana yana welawaluth thiyenawa. :lol:
     
    Status
    Not open for further replies.