ටයිම් මැෂින් එකක් හොයාගත්තොත් මම ආයේ AL කරනවා, මම කරපු ගොන්කම් නොකර හරියට කරනවා, එකේ ආයේ කතා දෙකක් නැහැ,AL එකක් දෙකක් කරලා තුන් වෙනි චාන්ස් එකත් මිස් කරගෙන ඉන්න උන්ටත් මම කියන්නේ කරපන් තව සැරයක් කියල. අවුරුදු 2 දි , 10 දි 20 දි අවුරුද්දක් කියන්නේ ලොකු කාලයක් තමයි, එත් වයසට යනකොට අවුරුද්දක් කියන්නේ සුළු කාලයක්,
එක තේරෙන්නේ පස්සේ. එතකොට හිතෙනවා අපරාදේ මම කරපු ගොන්කම කියල.
එත් ඔබ ඇත්තටම සොෆ්ට්වෙයා සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් තියෙනවා නම්, සම වයසේ උන් එක්ක බැලුවම සැලකිය යුතු ලොකු දැනුමක් දැනටත් තියෙනවා නම්, ඇත්තටම ආසා නම්, රැල්ලට යන්න ඕන කම, ඉක්මනට කරන්න ඕන කම වගේ දේවල් නැතිව ඇත්තටම කැමතිනම් විතරක් ඔය ෆවුන්ඩේෂන් කරලා යන පාත් එක කරන්න. හැබැයි කලින් කොල්ලෙක් කිව්වා වගේ සොෆ්ට්වෙයා ඉංජිනීරින් වලට හොඳ ගණිත දැනුමක් අවශ්‍යයි, උසස්පෙළ ගණිත අංශයෙන් ඒ සඳහා අවශ්‍ය මූළික දැනුම ලැබෙනවා,
මොකක් කරත් ඒ දෙය ආසාවෙන් කරන්න, ගූඩ් ලක්