මේක මගේ එළකිරි එකේ දෙවැනි රෙසිපි එක. මම හැබැයි අපේ දත් කිම්බුලා, sriboysl තරම් ගොඩක් කෑම ජාති හදන්ඩ දන්නේ නම් නෑ. එත් ඉඳලා හිටලා කොහෙන් හරි දෙයක් හදලා ගන්ඩ දන්නවා. අද මම හදන්නේ fried නූඩ්ල්ස් එකක්. මේක ගොඩක් ලේසියෙන් හදාගන්ඩ පුළුවන්. පොඩි ළමයි බඩගිනි උනාම හදලා දෙන්ඩ උඩ පැන පැන කයි. ලොකු ළමයින්ටත් හොඳයි. හැබැයි මේකේ රසකාරක තියනවා. ඒවා නැතුව උනත් හදලා ගන්ඩ පුළුවන්.
මෙන්න ඕනේ කරන දේවල්.
1. ප්‍රීමා නූඩ්ල්ස් පැකට් 3 ක්. ( කරි රස )
2. කලින් කපලා සකස් කරපු එළවලු මිශ්‍රණයක් ( මේවා සුපර් මාර්කට් වල තියනවා )
3. කලින් සකස් කරපු ඉස්සෝ ග්‍රෑම් 200 වගේ
4. ලීක්ස්, තරමක ලොකු ළූණු ගෙඩියක්, සුදු ළූණු බික් 3 ක්, අමු මිරිස් කරල් 3 ක්, button mushroom ස්වල්පයක්
5. බිත්තර එකක් හෝ දෙකක්,
6. සොයා සෝස්, තක්කාලි සෝස් ස්වල්පයක්.
1. නූඩ්ල්ස් ටික හොඳින් උණුවතුර වල දමා විනාඩි දෙකක් තුනක් පමණ බේරී නොවෙන විදියට තම්බගන්ඩ.
2. තැම්බූනාට පස්සේ වතුර ඉවත් කර පොඩ්ඩක් නිවෙන්ඩ තියන්ඩ මේ වගේ.
3. ලොකු ළූණු, සුදු ළූණු, හතු, අමු මිරිස්, ලීක්ස් මේ විදියට පොඩියට කපාගන්ඩ.
4.තාචිචියකට තෙල් ස්වල්පයක් දමා මුලින් ලොකු ළූණු, සුදු ළූණු, අමු මිරිස් ලාවට බැදගන්ඩ.
5. මෙයට ඉස්සෝ එකතු කර හොඳට පෙරලගන්ඩ.
6. මෙයට ලීක්ස්, කලින් හදපු එළවලු මික්ස් එක එකතු කරලා හොඳින් පිසගන්ඩ.
7. මෙයට මේ වෙලාවේ සොයා සෝස් පොඩ්ඩක් එකතු කරන්ඩ.
8. දැන් මෙයට බිත්තරේ කඩලා හොඳට හැඳි ගාන්ඩ බිත්තරේ මේ එළවලු එක්ක බැදෙන විදියට.
9. දැන් අර නූඩ්ල් පැකට් එකේ ආව රසකාරක තක්කාලි සෝස් මෙයට එකතු කර හොඳින් කලවම් කරන්ඩ.
10. දැන් මේ කරියට කලින් තම්බලා නිවාගත්තු නූඩ්ල්ස් මේ විදියට එකතු කර හොඳින් එළවලු මික්ස් එකට කලවම් වෙන තෙක් අඩු ගින්දරේ පිස ගන්ඩ.
11. ඉවර උනාම මේ විදියට තියෙයි.
12. දැන් කෑම ලැස්තියි.
හදලා බලලා කියන්ඩකෝ කොහොමද කියලා. මේක බොහොම සිම්පල් කෑම එකක් හොඳද.

pena widiyata nam simple wagey.