FRONT WHEEL DRIVE වාසි අවාසි

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වාසි

    වාහනය ඇතුළත ඉඩ පහසුකම්: FWD වාහන වල powertrain එක single unit එකක් නිසා rear differential වලට driveshaft එකක් අදින්න ඕන වෙන්නෙ නෑනේ, So driveshaft tunnel එකට යන ඉඩ ඉතුරු වෙනවා. ඒ නිසා ඇතුළත ඉඩ තියනවා.

    Cost එක: Driveshaft වගේ අමතර කොටස් නැති නිසා වියදමත් අඩුයි.

    Weight එක: අමතර කොටස් අඩු නිසා weight එකත් අඩුයි.

    Fuel economy එක: Weight එක අඩු නිසා fuel economy එකත් හොඳයි.

    Drivetrain කාර්‍යක්ෂමතාවය: Drivetrain එක කෙලින්ම transaxle එකත් එක්ක සම්බන්ධවෙලා තියන නිසා mechanical ලෙඩ අඩුයි. කාර්‍යක්ෂමතාව වැඩී.

    ලිස්සන මතුපිටක: දුවන රෝද 2ක උඩ drivetrain එක තියන නිසා ලිස්සන මතුපිට traction එක හොඳයි. හැබැයි RWD car වලට නම් හොඳ traction එකකට පිටිපස්සට බරක් වැටෙන්න ඕන.

    Handling: FWD කාර් වල ඉස්සරහට බර වැටෙන නිසා කිසියම් සීමාවකට understeer වෙනවා. හැබැයි සාමන්‍ය driver කෙනෙක්ට oversteer වෙනවට වඩා ඒක control කරගන්න ලේසී.

    හුලං කපාගෙන ඉදිරියට යනකොට වාහනය stable.

    වාහනයේ රෝද slip වෙනවනම් ඒක කෙලින්ම steering wheel එක හරහා අත්දෙකට දැනෙනවා.

    Left-foot braking කරන්නත් පුලුවන්.

    අවාසි

    ගුරුත්ව කේන්ද්‍රය ඉදිරියට වැඩියි. ඒ නිසා වාහනේ බරෙන් 2/3ක්ම වැටෙන්නෙ ඉස්සරහට. FWD කාර් understeer වෙන්න හේතුවත් ඒකයි.

    Torque steer: හරස් අතට engine එක තියන කාර්වල heavy acceleration එකකින් වාහනය ගන්නකොට steering එක වමට හෝ දකුණට ඇදීයාම තමයි torque steer කියන්නෙ. රේස් පදින්න ගියාම ඒ කරදරය හොඳට දැනෙනවා. මේකට ඉතිං wheel alignment තිතටම තියාගන්න ඕන නැත්තම් රේස් පදින එක හිතින් අමතක කරන්න ඕන.

    Weight shift වෙන්නෙ නැති නිසා acceleration limit වෙනවා. මොකද engine weight ඔක්කොම තියෙන්නෙ driving wheels උඩ නේ. RWD කාර්වල පිටුපසට weight shift වෙන නිසා driving wheels වලට traction එක හොඳයි. ඒක තමයි racing car හැම එකක්ම RWD එන්න හේතුව.

    CV joint වල ආයුකාලය RWD කාර්වලට වඩා අඩුයි. මොකද ඇක්සලය කෙටි නිසා joints වැඩි පරාසයක චලනය වෙනවා. ඒක joint එකට අමතර බරක්.

    Driveshafts විසින් හැරවෙන ප්‍රමාණය අඩුකරනවා. ඒ නිසා FWD කාර්වල turning circle එක ලොකුයි RWD කාර් වලට වඩා. කෙලින්ම කිව්වොත් ළඟ නමන්න බෑ.

    ලිස්සන සුලු මාර්ගවල RWD කාර්වල වගේ වැඩ දාන්න බෑ. හරියට steer කරේ නැත්නම් lose control වෙනවා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,698
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    TFS!
    +++++
     

    ediri123

    Junior member
  • Jan 13, 2009
    116
    5
    18
    FRONT WHEEL DRIVE - SPOILERS

    ස්පොයිලර්ස් / වින්ඩ් කටර්ස් - ඔය වාහන වල පිටිපස්සෙ ඩිකියට උඩින් හයි කරලා තියන පෙත්ත වගේ එක ෆ්රන්ට් වීල් වාහන වලට අවශ්‍යම නැහැලු. ඒක ගොඩාක් අවශ්‍ය රියර් වීල් වාහන වල පිටිපස්ස පැත්ත පාරට හොඳින් බදලා අල්ලලා තියාගන්නලු. ඉතා වේගයෙන් යන රියර් වීල් වාහනවල පිටිපස්ස විසික්කරන තත්වය පාලනය කරගන්න උදව් වෙනවාලු