full time job කරන කුකුලන්ගේ time management

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113
    පිටරට වෙනස්ද කොම්ලො?
    මෙහෙමයි බන්. ළමයිගේ අධ්‍යාපනේ ගත්තම ඒක තනිකරම ඉස්කෝලෙන් හැන්ඩ්ල් කරන රටවල් තියනවා. ආයේ ඉතින් ටියුෂන් ඕනෙම නෑ. තව ඉතින් ප්‍රවාහන ප්‍රශ්න, මංකොල්ල, හොර සතුරු ඉතාම අඩුයි. ඒ ටිකම කොච්චර සැනසීමක්ද. වස / විස නැති කෑම, පරිසර දුෂණය අවම වීම වගේ දේවල් ටිකක් එකතු උනාම ලල් එකේ ඉන්න පුළුවන්. ලංකාවේ වගේ නිකන් ඉදල පඩි ගන්න නම් බෑ. නමුත් වැඩියෙන් වැඩ තිබුනට අනිත් දේවල් වලින් ලැබෙන සැනසීමත් එක්ක බැලුවම සාපේක්ෂව හොදයි. :cool:
     
    • Haha
    Reactions: AllGood

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,427
    113
    ඉතින් බන් ගෙදර ආවට පස්සෙත් මීටින් දාගන්න එක okay කියල හිතනවනන් ඕක හරි ගස්ස ගන්න බෑනෙ.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,591
    4,712
    113
    මෙහෙමයි බන්. ළමයිගේ අධ්‍යාපනේ ගත්තම ඒක තනිකරම ඉස්කෝලෙන් හැන්ඩ්ල් කරන රටවල් තියනවා. ආයේ ඉතින් ටියුෂන් ඕනෙම නෑ. තව ඉතින් ප්‍රවාහන ප්‍රශ්න, මංකොල්ල, හොර සතුරු ඉතාම අඩුයි. ඒ ටිකම කොච්චර සැනසීමක්ද. වස / විස නැති කෑම, පරිසර දුෂණය අවම වීම වගේ දේවල් ටිකක් එකතු උනාම ලල් එකේ ඉන්න පුළුවන්. ලංකාවේ වගේ නිකන් ඉදල පඩි ගන්න නම් බෑ. නමුත් වැඩියෙන් වැඩ තිබුනට අනිත් දේවල් වලින් ලැබෙන සැනසීමත් එක්ක බැලුවම සාපේක්ෂව හොදයි. :cool:
    මම දන්න උන් නම් ජොබ් එක ඉවර උනාට පස්සෙ පාට් ටයිම් වැඩ, සති අන්තෙත් වැඩ, උන්ට නම් සැනසීමක් නෑ :-(
     
    • Sad
    Reactions: Tricle_Buwa

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    5:30 ට නැගිට්ට
    6:00 පිටත් වෙනවා, වාහන තුනකට මාරු වෙනවා
    7:45 office උදේට කනවා, තේ බොනවා, දවල්ට කනවා, හවසට තේ බොනවා, ආ ඔය අතර වැඩ කරනවා
    5:00 off වෙනවා, සුපුරුදු ලෙස වාහන තුනකට මාරු වෙලා
    7:00 වෙනකොට ගෙදර එනවා
    ගෙදර ගෑනි හිටියොත් රැට කාල බුදියනවා.
    ගෙදර ගෑනි හිටියේ නැත්තම් රෑ time table එක ගොඩක් වෙනස් වෙනවා :lol: :lol:
    Saturday, Sunday තමා ඉතිරි ඔක්කොම වැඩ කරන්නේ ගෙදර වැඩ.
    e moko e wife naththan kollo gahanaw d :baffled:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    හිතෙන වෙලාවට නැගිටිනවා , හිතෙන වෙලාවට වැඩ කරනවා , හිතෙන වෙලාවට කනවා හිතෙන වෙලාවට බුදියනවා...
    හිතෙන වෙලාවට uකන එක විතරයි කරගන්න බැරි . ඒකට වෙනම appointment දාන්න වෙනවා .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,427
    113
    හිතෙන වෙලාවට නැගිටිනවා , හිතෙන වෙලාවට වැඩ කරනවා , හිතෙන වෙලාවට කනවා හිතෙන වෙලාවට බුදියනවා...
    හිතෙන වෙලාවට uකන එක විතරයි කරගන්න බැරි . ඒකට වෙනම appointment දාන්න වෙනවා .
    මොනවද උඹ කරන්නෙ?
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,209
    8,577
    113
    office yanakota
    6 - නැගිටිනව
    6:45 - පිටත් වෙනව
    8:30-8:45 - office එන්ව. ඊටපස්සෙ කාල වැඩ පටන් ගන්නවා
    6:30,7 - office එකෙන් එනව.
    8:30-9 - ගෙදර එනව.
    කාල නාල, ආයෙ office වැඩ තිබ්බොත් කරනව.
    රෑ වෙලා netflix බලන්ව.
    12,1AM - නිදාගන්නවා

    working from home dhawasta
    8,9 - ඇහැරෙනව. කෙලින්ම office වැඩ පටන් ගන්නව.
    අතරින් පතර, මූන හෝදනව, කනව, නානව,
    රැ 9 වගේ වෙනකන් වැඩ. වැඩ තිබ්බොත් තව රෑ වෙනව. 1AM-2AM වෙන දවසුත් තියෙනව.

    aye ithin office eken hari cloent katha karla case ekak awa kiwwoth ewath balanawa.
     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මාත් මේ කල්පනා කරනවා මොකක්ද මේ ඉල්ලන් කාපු පරිප්පුව කියල. කොච්චර ආතල් එකේ හිටියද. දැන් මේ ජොබකට කියල එකකට යන්න කියල අරගෙන විඳින දුකක්. :(

    ගෙදරර් ඉඳන් වැඩ කරන දවස් වලට කලින් දවසේ හවස උයනවා එදා රෑටයි පහුවෙනිදා දවසටයි. ඉරිදටයි සඳුදටයි ඕක තමා වෙන්නේ. උදේ නැගිටිනවා 8 වගේ වෙද්දී. 8.30 ඉඳන් 4.30 වෙනකන් වැඩ. වැඩ අඩු දවසට නම් අවුලක් නෑ. එහෙම සතියක්ම තිබ්බා ගිය සතියේ. ඉස්සරහට එහෙම හම්බෙයිද කියල ෂුවර් නෑ.

    බදාදාට වැඩට යන දවස. උදේ 5.30ට ඇහැරෙනවා, 6.10ට ගෙදරින් යනවා 6.35ට කෝච්චියේ එල්ලෙනවා 7.30ට කෝච්චියෙන් බහිනවා. පයින් යනවා වැල්ලවත්තට, එතනින් උදේට කනවා පික්මී එකක් දාගන්නවා. 8.15ට වැඩ කරන තැනට යනවා, ඒකෙ සේල්ස් කරන එකා එක්ක දුමක් දාන්න යනවා පහලට. දුම දාලා ඇවිල්ල වැඩ කරනවා. උදේට තේ එකක් ඉල්ලගන්නවා තේ හදන ඇන්ටිගෙන්. ආයේ දවල්ට කන්න යනවා. 1ට විතර. ඒ කාලා ඇවිල්ල ආයේ වැඩ. ආයේ 3.30ට වගේ තේ එකක් තනියම හදාගන්නවා. පස්සේ ආයේ වැඩ. 4.30ට මීටීම. 5ට ඔෆිස් එකෙන් පැනගෙන ආයේ පික්මී එකේ නැගලා වැල්ලවත්ත ඉස්ටේසම ගාවට ඇවිල්ලා කෝච්චියේ එල්ලෙනවා 5.25ට. 6.10ට කළුතර. 6.35 වගේ වෙද්දී ගෙදර.

    ඔන්න හෙට ඔෆිස් දවස අලුත් අවුරුදු කෑම මේසේ කියල.

    මම මේ කල්පනා කලේ ෆ්රීලාංසින් කියන්නේ අදහන්න වටිනා ජොබ් එකක් නේද කියල මෙව්වා එක්ක බලද්දී, මිනිස්සු ජොබ් සිකියුරිටි කියලා උදේ 8-5 නහින නැහිල්ලට.

    මම ෆ්රීලාංසින් වලින් හම්බ කරලා ගෙවල් දොරවල් වල අඩුපාඩු පවා හදාගත්තා. ඒ ඒකට සල්ලි වගේම වෙලාවත් තිබ්බ නිසා. ඒත් මෙහෙම ජොබ් කරලා සල්ලි හම්බෙනවා. ඒත් වැඩක් කරගන්න කෝ වෙලාවක්? අනේ මන්දා. පිස්සු වගේ එහෙම හිතද්දී.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,626
    1
    51,347
    113
    ප*යාගල
    sorry.com
    මම ෆ්රීලාංසින් වලින් හම්බ කරලා ගෙවල් දොරවල් වල අඩුපාඩු පවා හදාගත්තා. ඒ ඒකට සල්ලි වගේම වෙලාවත් තිබ්බ නිසා.
    මමත් ගෙදර ඔක්කොම අඩුපාඩු ටික හැදුවෙ Freelance කරලා. ජොබ් එකක් කරද්දි වෙලාව නෑ වගේම තමා බන් සමහර කාල වලට වැඩ නෑ. එතකොට ඊට වඩා අවුල්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    මමත් ගෙදර ඔක්කොම අඩුපාඩු ටික හැදුවෙ Freelance කරලා. ජොබ් එකක් කරද්දි වෙලාව නෑ වගේම තමා බන් සමහර කාල වලට වැඩ නෑ. එතකොට ඊට වඩා අවුල්

    ඒ වුනාට අත පය ගැට ගහලා මුහුදේ දැම්ම වගේ වෙලාවකට.