හංවැල්ල-වැලිකන්න ප්‍රදේශයේ නිවසක කැපුම් තුවාල සහිතව මිය ගොස් සිටි මවකගේ හා දියණියකගේ මළ සිරුරු සොයා ගැනීමට පොලීසිය ඊයේ (19) සමත්ව තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ, රූපසිංහ ආරච්චිගේ මේරි රාණි නැමති අවුරුදු 68 ක් වු කාන්තාවක් හා සෙනරත් ලියනගේ ලක්මිණි ශ්‍රියාකාන්ති නැමති වයස අවුරුදු 38 ක් වු කාන්තාවක් බව පොලීසිය පවසයි.
දියණියගේ මාස 4ක් වයසැති කුඩා දැරුවද එම ස්ථානයේ නිරුපද්‍රිතව සිට ඇති අතර දරුවා දැඩි කුස ගින්නෙන් සිටීම හේතුවෙන් පොලිසිය විසින් දරුවා කඩිනමින් රෝහල්ගත කර තිබෙනවා.
එම දියණියගේ ස්වාමිපුර්ෂයා වන බලවත් බණ්ඩාරලාගේ චාමර යශෝද බණ්ඩාර යන අය විසින් මෙම ඝාතනය සිදු කරන්නට ඇතැයි පොලිසිය සැකකරන අතර
හංවැල්ල පොලීසිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.