GMOA වැද්දන්ට නිට්ටාවට බෙහෙත් දෙයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,663
    13,407
    113
    GMOA වැද්දන්ට නිට්ටාවට බෙහෙත් දෙයි

    GMOA වැද්දන්ට නිට්ටාවට බෙහෙත් දෙයි

    රජයේ වෛද්‍ය සංගමයට එරෙහිව නව සංගමයක්
    රංජන් කස්තුරි

    ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය නමින් නව සංවිධානයක් පිහිටුවා තිබේ. එහි මහා සභා රැස්වීම හෙට (19) දහවල් කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වේ.

    ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමයේ මහා සභා රැස්වීමට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වීමට නියමිතය.

    මීට ඉහත දී බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමින් ක්‍රියාත්මක වූ සංගමය ‘ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය‘ නමින් වෙනස් කොට වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා කීවේය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් වසර දෙකක පමණ කාලයේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිටි නිසා කලකිරීමට පත් වෛද්‍යවරුන් විශාල පිරිසක් තම සංගමය සමඟ එක්ව සිටින බව ද ඔහු පැවසීය.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් පසෙකලා වෙනත් න්‍යායපත්‍රයකට අනුව කටයුතු කරන හෙයින් නව සංගමයට වඩාත් පුළුල් ලෙස ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,767
    113
    හස්තිශෛලපුර
    දේශපාලනෙන් බෙදිලා ඉන්න සිංහල උන්ටික එක පැත්තක හිටගත්තොත්, ඔය දේශපාලු හරක් ටිකටත් ඔය ටිකමයි වෙන්නේ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමයේ මහා සභා රැස්වීමට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වීමට නියමිතය.
    ......හොරු සමග හෙලුවෙන්.........ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමයේ මහා සභා රැස්වීමට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වීමට නියමිතය.
    ......හොරු සමග හෙලුවෙන්.........ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමය
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එල එල ඔය වගේ වැඩ වලට අපි නම් කැමතියි..ඔහොම යන් මහතුනි ඔහොම යන්...:cool::cool:
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    ශ්‍රේණිගත වෛද්‍යවරුන්ගේ සංගමයේ මහා සභා රැස්වීමට සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද සහභාගී වීමට නියමිතය.

    දේශපාලුවෝ එනවනන් ඕක වෘත්තිය සමිතියක් වෙන්නැ බං....බලයට කදරකමෙන් සිදුකරන තවත් කඩේ යැමක්....
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,407
    113
    දේශපාලුවෝ එනවනන් ඕක වෘත්තිය සමිතියක් වෙන්නැ බං....බලයට කදරකමෙන් සිදුකරන තවත් කඩේ යැමක්....

    නව වෛද්‍ය සංගමයේ අද පැවැත්වෙන මහා සභා උත්සවයට ආරාධනා ලබා ඇති ඇමැති රාජිත පවසන්නේ නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් ආරම්භ වුවද ඊට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව යි. වෘත්තීය සමිති ව්‍යාපාරයක් නිර්මාණය කරනු ලබන්නේ වෛද්‍යවරුන් මිස සෞඛ්‍ය ඇමැතිවරයා නොවන බවත් මෙය ප්‍රථම වතාවට සිදු වන කර්තව්‍යයක් නොවන බවත් රාජිත කියයි. උදාහරණයක් ලෙස විශේෂඥ වෛද්‍යවරුන් ඒකාබද්ධව වි‍ශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයක් බිහි කර ගත් බව රාජිත කියයි. නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් බිහි කර එහි උත්සවයකට ආරාධනා කළ විට තමන් ඊට සහභාගී වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඕනෑම වෘත්තීය සමිති ව්‍යාපාරයක් තම සංගමයේ රැස්වීම් සඳහා ආරාධනා කළ විට තමන් ඊට සහභාගී වන බව පෙන්වා දෙන සෞඛ්‍ය ඇමැතිවරයා මීට මාස 02කට පෙර හෙද සංගම් 02 ක උත්සව එකම දිනයක දී යෙදී තිබුණ බවත් ඊටද තමන් සහභාගී වූ බවත් ප්‍රකාශ කර සිටී.

    කෙසේ වෙතත් දොස්තර සංවිධාන දෙකේ මරාගෙන මැරෙන ගල උඩ සටනක් නුදුරේ දී ජනතාවට බලා ගත හැකිවනු ඇත. අවංක පරමාර්ථ සඳහා සටන් කරන්නවුන් නිසැක වශයෙන්ම ජය ගනු ඇත. ඓතිහාසික සත්‍යය නම් එයයි.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,767
    113
    හස්තිශෛලපුර
    දැන් තරගකාරිත්වයක් තියෙන නිසා හොඳම දේ ලෙඩ්ඩුන්ටයි.....

    :P:P:P:P:P

    තරගකාරිත්වයෙන් හොද දේ හම්බෙනවා වගේම සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනේ යාළුවා...
    දේශපාලනෙන් උදාහරණ ගනින්... තරගකාරිත්වයෙන් අපිට හොද දෙයක් හම්බෙනවද?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තරගකාරිත්වයෙන් හොද දේ හම්බෙනවා වගේම සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනේ යාළුවා...
    දේශපාලනෙන් උදාහරණ ගනින්... තරගකාරිත්වයෙන් අපිට හොද දෙයක් හම්බෙනවද?

    ඇයි නැත්තේ ඊයේ දැක්කනේ උතුරු මැද පළාත් සභාව....
    තරගකාරිත්වය හොඳම දේ අපිටයි.... :P
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,407
    113
    තරගකාරිත්වයෙන් හොද දේ හම්බෙනවා වගේම සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනේ යාළුවා...
    දේශපාලනෙන් උදාහරණ ගනින්... තරගකාරිත්වයෙන් අපිට හොද දෙයක් හම්බෙනවද?

    තරගකාරිත්වයෙන් තමයි සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න
    නැත්නම් මුන්ගේ බමුණු කුලේට තමයි හැමදාම සුදුස්සාට සුදුසු තැන ලැබෙන්නේ
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    දේශපාලුවෝ එනවනන් ඕක වෘත්තිය සමිතියක් වෙන්නැ බං....බලයට කදරකමෙන් සිදුකරන තවත් කඩේ යැමක්....

    :lol: Baba,

    GMOA eka pitipasseth inne politicians la thamai. Oya dekala nethda Dr. Padeniya ekabadda wipakshaye stage uda innawa. :shocked::cool:
     
    SoapLK

    Well-known member
  • Sep 28, 2014
    1,511
    410
    113
    ගම්මානෙක
    :lol: Baba,

    GMOA eka pitipasseth inne politicians la thamai. Oya dekala nethda Dr. Padeniya ekabadda wipakshaye stage uda innawa. :shocked::cool:

    ඔව් බන් අනිවාරෙන්ම උන් ඔක්කොම එකයි:yes:....හැම වෘත්තීය සමිතියක්ම දැන් එහෙම...පක්ෂ පාට වලට බෙදිලා ඉන්නේ හැම එකාම:angry:...එකාට එකා තරගෙට කඩේ යනවා:sorry:... අන්තිමේට ඔක්කොම බෙදුනම දිනන්නේ කවුද....එත් දේශපාලුවොම තමා:(....අපේ රටේ හරක්ට ඕක තේරෙන්නේ නැ බන්....
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    නිරෝෂන් ප්‍රේමරත්න :lol::lol::lol::lol::lol:
    චතුරගේ ගම්පහ කැම්පේන් එකේ වැඩකරපු එකෙක් .
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    giphy.gif