මචං මගේ යාලුවක් ගාව තිබ්බ රනොමොටෝ cg125 එකක්. ඒ බයික් එක අරන් මාස 3ක් 4ක් එලකිරියටම තිබ්බ. ඊටපස්සේ කෑලි එක එක හැලුන. අන්තිමට මිනිහගේ ශොක් බැහැල, බ්රේක් ලයිට් එක පවා පාරේ හැලිලා ඒ මදිවට current leak එකක් ඇවිත් ignision coil එකේ currnent වැදිලා තමයි නැවතුනේ.
දන්නවනේ plug එකට එන current එක ඇඟට වැදුනාම තියෙන සැප

ඊට පස්සේ මිනිහට බයික් එක දැක්කහමත් බයක් ඇති වුන. අන්තිමට රුපියල් 5000ට විතර යකඩ බරට විකුණලා මිනිහ ගත්ත ඉන්දියන් බයික් එකක්.
බයික් ගන්නවනම් ජපන් එකක් හෝ ඉන්දියන් එකක් ගන්න. ඔය රණමොටෝ , අර මොටෝ මේ මොටෝ බයික් ගන්න එපා. ඔය ඔක්කොම හදන්නේ චීන මිනිස්සු නිකන් මේ පොඩි පොඩි factory වල. ඔයාට බයික් 100ක් විතර ඕඩර් කරන්න පුළුවන්නම් ඔයාගේ නම දාල hornet එකක වුනත් හදල දෙයි එක බයික් එකක 100000 ටත් අඩුවෙන්. හැබැයි අපහු ප්‍රශ්න එනකොට ඒ company කාරයෝ හොයාගන්නත් නැහැ.
වාහනයක් කියන්නේ ඉතාමත් බරපතල දෙයක්. ඒක නිසා ගොඩක් හිතන්න. ඉන්දියන් බයික් වලත් අවුල් තියෙනවා . ජපන් ඒව වලත් අවුල් තියෙනවා. එත් ඒවා හදපු සමාගමක් වත් අඩුගානේ නමටවත් තියෙනවා නේ. ඒගොල්ලෝ ගොඩක් පරීක්ෂණ කරලා තමයි එක model එකක් එලියට දාන්නේ. එක එක මොටෝ නම් ගන්න එපා පනට ආදරේ තියෙනවනම්. unreg ගන්න අමාරු නම් පාවිචි කරපු හොඳ එකක් ගන්න. තාමත් ඉලක්කම් number බයික් හිටන් තියෙනවා ඉතාමත් අඩු මිලට හොඳ තත්වයේ.