Good Bye SONY Mobile

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    FB_IMG_1553816824794.jpg

    Sony Mobile සමාගම එයාලගේ Xperia devices එක්ක සෑහෙන්න ලොකුවට පාඩු විදිමින් අසාර්ථක උනු හැටි. ඉතින් මේ හැමදේමත් එක්ක අවසානයේ Sony සමාගම අද විශේශ නිවේදනයක් දීලා තියෙනවා.

    ඒ තමයි 2001 දී ඒ කියන්නේ මීට අව්රුදු 18කට විතර කලින් පටන්ගනිපු කාලයක් දුරකථන ලෝකේ ඉහළින්ම වැජඹුනු සේවකයන් 7000කට අදික ප්‍රමානයක් ඉන්න Sony Mobile සමාගම ඉතිං ඔන්න මේ අප්‍රේල් මාසේ මුල අපි හැමෝටම සමුදෙනවා.

    ඉතින් Sony සමාගමේ තීරණය තමයි Sony Mobile කියන අනු සමාගම ඉවත්කර දැමීම. ඉතිං මේකත් එක්ක 2008 දී ඒ කියන්නේ දැනට අව්රුදු 11කට විතර කලින් පටන්ගනිපු Xperia brand එකත් බොහෝවිට මිය යන්න පුළුවන්. කොහොම උනත් අවසාන වශයෙන් ඔයාලට සතුටු වෙන්න පුළුවන් එකදෙයක් තියෙනවා ඒ තමයි Sony සමාගමේ ජංගම දුරකථන නිශ්පාදනය කිරීමේ කටයුත්ත නම් මෙතනදි නවතින්නේ නෑ. ඒ Sony සමාගම එයාලගේ Bravia TV's, Audio products සහ Alpha ඇතුළු Camera products නිශ්පාදන කටයුතු කරන කොටසටම Sony සමාගමේ ජංගම දුරකථන නිශ්පාදන කිරීමේ කටයුතුත් ඇතුලත් කරන නිසා. ඒ අනුව Sony සමාගම ඔවුන්ගේ මේ අළුත් Unit එක Electronic Products and Solutions විදියට හැදින්වෙනවා.

    ඒ අනුව ඉදිරියේදී ඔයාලට Sony සමාගමේ Bravia වගේ TV's වගේම Walkman ඇතුළු audio products, ඒවගේම Alpha ඇතුළු camera products වගේම Sony Smartphones නුත් එකට සම්බන්ද R&D devisions මගින් එකම ඉංජිනේරුවන් පිරිසක් අතින් නිර්මාණය වෙනවා බලාගන්න පුළුවන් වෙයි. හැබැයි අවසාන වශයෙන් මම ආයෙත් මතක් කරනවා Xperia brand එක ගැනනම් ලොකු බලාපොරොත්තු තියාගන්න එපා මොකද මේ Sony සමාගමේ සිද්දවෙන ලොකු වෙනසත් එක්ක ඒ brand එකනම් බොහෝවිට මියයාවි.


    Source :android wadakarayo
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Sony phones. වල එන කැමරා එක නම් පට්ට.

    ගොඩක් ෆෝන් වල, ඇපල් සැම්සුන්ග් පවා ගොඩක් වෙලාවට සෝනි සෙන්සර්ස් තමයි යූස් කරේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    සෝනි ෆෝන් 3ක් තිබ්බ. මිඩ් රේන්ජ් දෙකනම් එච්ව්හරටම සුපිරි නෑ. හැබැයි කැමරානම් සුපිරි. ලෝ එන්ඩ් එකක් තිබ්බ xperia M එක 2014 ගත්තෙ. ඒක අම්ම පාවිච්ව්හි කරනව දැන් තාම එහෙමම තියෙනව බාණ්ඩෙ සුපිරියට.

    සෝනි උන් අන්‍තිමේදි කාගත්ත ගොඩක් ෆෝන් ගහන්ඩ අරන් කිසිම දියුනුවක් නැතිව අඩුම තරමෙ ෆින්ගර්ප්‍රින්ට් එකත් එන්ඩ හෙන කාලයක් ගියා. අන්තිනේට ගහපු xperia 1 එකත් නෝට් එක වගේ . ඉස්සර මාත් හෙන සෝනි ෆෑන් කෙනෙක😂
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Best fastest and smoothest Android software ever used. They were too honest in marketing. A Good product was destroyed by poor marketing.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,837
    2,841
    113
    රජරට
    මමත් ආසම

    මමත් ආසම දැනටත් පාවිච්චි කරන බ‍්‍රෑන්ඩ් එක. අලුතෙන් හොයන්නෙත් සෝනි තමයි. එත් හොයා ගන්න නෑ.