විනොදාංශයක් වශයෙන් අයි ටී සීන් එකෙ ඉන්නවා .
මටත් ඔය අද දැකීම තියනවා.
මම අයි ටී කලේ නම් නෑ.
මොකද මට අයිටී වල ගණං බෑ.

අපේ ඉස්කෝලෙත් කම්පුටර් ආපු කාලෙ 2003 / 2007 අතර කියලා මතකයි හරියටම කොයි කාලෙද කියලා මතක නෑ. අපි ලැබ් එකට යන්න ඕනෙ සපත්තු මේස් ගලෝලා. ඒත් ගියාම දෙන්නෙ චිත්‍ර අදින්න . එකෙක් එක එකෙක් අඳිනවා අනිත් උන් බලං ඉන්නවා මුල්ම දවසෙ. මට නං එපාම උනා. ආයිත් අයි ටී තියන දාට මම ඉස්කෝලෙ ගියේ නෑ

. කොහොම හරි අයි ටී උගන්නපු ඩයල් එක (සර්) එයා ගෙදරිං අරං ආපු මැෂින් වගේ කතා කලේ මට නං අප්පිරියා උනා. ආයි ලැබ් එකට දෙතුම් පාරක් යන්න ඇති ඊට වඩා ගියේ නෑ . මොකද කලින් දැන ගත්ත නම් දවස ගෙදර . නැත්තං පීරියඩ් එක කට් .
කොහොම හරි එයාගෙ ස්ටයිල් එකට ඉගෙන ගෙන අයි ටී ෆීල්ඩ් එකේ ඉන්නව ලමයි 300කින් විතර 10ක් අපේ ඉයර් එකේ .


කොහොම හරි හොඳ ටීචස්ලා හිටියා නම් ආපු කාලෙ මිට වඩා සෙට් එකක් ඉගෙන ගන්න නම් තිබුණා කියලා හිතෙනවා.
මම ගැන නෙමෙයි කිවුවෙ අනිත් අය ගැන .
කොහොමත් අයි ටී තියරි වලට මම ආසා නෑ. මට ඕනෙ ප්‍රැක්ටිකල්. එහෙම උගන්නනෙ නෑනෙ ඉතිං ඒක මම අත ඇරියා.

