Google Chrome එකේ මොකක් හරි search කරාම ChatGPT වලින් generate කරපු AI answer එකකුත් එතනම පෙන්නන extension එකක් / StackShare Top 100 Dev Tools 2022

Lupine Solus

Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මේ පාර The 2022 StackShare Awards වල Top 100 Developer Tools 2022 ටික දැන් announce කරලා තියෙන්නේ.
    https://stackshare.io/posts/top-developer-tools-2022

    ඒකෙ New Tool of the Year category එකේ first place ඇවිල්ලා තියෙන්නේ Astro කියලා Web Framework එකක්. අපි React , Vue , Angular වගේ Framework එකක් පාවිච්චි කරලා Web App එකක් හැදුවහම Build Time එකේදී ඒක Static HTML බවට render කරන එක තමා Astro වලින් කරන්නේ. එතකොට Web App එකේ පාවිච්චි වෙන JavaScript ප්‍රමාණය අඩු වෙන නිසා Web App එකේ loading speed එක වැඩි වෙලා performance වැඩිවෙනවා. දෙවෙනි place එකේ තියෙන්නේ SvelteKit කියලා Meta-Framework එකක්. ඒක Svelte කියන Front-End Framework එකට අදාළ Meta-Framework එකක්. ( Svelte ගැන පොඩ්ඩක් alert එකේ ඉන්න. සමහරවිට ඒක අනාගතේදී ලෝකේ වැඩිම පිරිසක් පාවිච්චි කරන Front-End Framework එක වෙන්නත් පුළුවන්. :D දැනටමත් 2022 Stack Overflow Developer Survey එකට අනුව ලෝකෙ Most Loved Web Framework කියන category එකේ second place තියෙන්නෙ Svelte තමා. )
    https://survey.stackoverflow.co/2022/#most-loved-dreaded-and-wanted-webframe-love-dread







    The 2022 StackShare Awards වල Top 100 Developer Tools 2022 එකේ New Tool of the Year category එකේ 3rd place එකට ඇවිල්ලා තියෙන්නේ මේ දවස්වල hit ම මාතෘකාවක් නිර්මාණය කරපු tool එකක්. ඒ තමා ChatGPT කියන AI Tool එක. හැබැයි ChatGPT වලින් code generate කරන්න පුළුවන් කියලා දැක්ක සමහර කට්ටිය මේක තමා Software Developers ලගෙ අවසානය කියලා හැම තැනම කියව කියව යන්න පටන්ගත්තා. හැබැයි සරලම කතාව කිව්වොත් කව්රුහරි හිතනවනම් ChatGPT වලින් generate වෙන code එකකට හෝ App එකකට Software Engineers ලව replace කරන්න පුළුවන් කියලා ඒකෙන් අදහස් වෙන්නේ එයාට Real World Company Software Project එකක් කොච්චර දුරට scale වෙලා complex වෙන්න පුළුවන් ද කියන එක ගැන කිසි idea එකක් නෑ කියන එක තමා. ඊලඟට සමහර Social Media වල content creators ලයි, AI Startups කියලා කියාගන්න සමහර companies වලිනුයි AI වලින් Sigle Task Apps හදන්න ඕනෙ කරන codes generate කරලා එව්වා පෙන්න පෙන්න Software Engineers ලගේ job එක underestimate කරන්න කරන්න පටන්ගත්තහම developer community එකෙත් ChatGPT එකටයි අනිත් AI tools වලටයි ලොකු hatred එකක් / වෛරයක් නිර්මාණය වෙන්න පටන්ගත්තා. ඒකෙන් අන්තිමට වුනේ ChatGPT සහ අනිකුත් useful AI tools නිර්මාණය කරන්න පාදක වුන සැබෑ අරමුණ ඉෂ්ට කරගන්න බැරිවෙච්ච එක. ChatGPT නිර්මානය වුනේ Software Engineers ල සහ අනෙකුත් industries වල professionals ලට එයාලගෙ tasks පහසුවෙන් සිදුකරගන්න නිර්මාණය වුණු AI Assistant කෙනෙක් විදිහටනේ. හැබැයි OpenAI company එකවත් expect නොකරපු අමුතුම toxic cult එකක් ChatGPT එක වටේ හැදුනා. ඒකෙන් අන්තිමට වුනේ industry professionals ල ChatGPT සහ අනෙකුත් AI Tools වලින් එයාලගේ Workflow එකේ productivity එකට ඇති කරන්න පුළුවන් positive බලපෑම ignore කරන්න පටන්ගත්ත එක. හැබැයි ඇත්තටම අපි toxic opinions නිසා ChatGPT එකේ true potential එක ignore කරන්න ඕනෙ ද? ඒකට හොඳ උත්තරයක් මේ පාර StackShare Top 100 Developer Tools 2022 list එකෙන් දීලා තියෙනවා. එකේ Top 100 Developer Tools 2022 වලින් Tools 4 ක් ම ChatGPT related products. ඒ කියන්නේ StackShare එකෙනුත් ChatGPT එක categorize කරලා තියෙන්නේ Developers ලගෙ Workflow එක පහසු කිරීම සඳහා නිර්මාණය වෙච්ච "tool එකක්" විදිහට. ChatGPT කියන්නේ Software Engineers ලගේ job එක විනාස කරන්න ආපු දුෂ්ටයෙක් විදිහට නෙමෙයිනේ StackShare එක ඒක categorize කරලා කියන්නේ. 😅 ඒ නිසා අපි ඇත්තටම කරන්න ඕනේ මේ AI Tools ignore කර කර ඉන්නෙ නැතුව එව්වත් අපේ Workflow එකට add කරගෙන අපේ productivity එක increase කරගන්න එක තමා. පල්ලෙහා තියෙන්නේ ඒ StackShare Top 100 Developer Tools 2022 list එකේ තියෙන ChatGPT related products හතර. මේ tools ඔක්කොම developers ලට සෑහෙන්න වටින tools.

    StackShare Top 100 Developer Tools 2022 වල New Tool of the Year (2022) Category එක

    03 rd place - ChatGPT
    https://openai.com/blog/chatgpt/

    12 th place - ChatGPT for VSCode
    https://github.com/mpociot/chatgpt-vscode

    30 th place - ChatGPT Desktop
    https://github.com/lencx/ChatGPT

    29 th place - ChatGPT for Google
    https://chatgpt4google.com/

    මේ අතරින් ChatGPT for Google කියන tool එක නම් පට්ටම පට්ට. ඒක ඇවිල්ලා Chrome Extension එකක්. ඒ extension එක install කරාම අපි chrome එකේ new tab එකක් open කරලා මොකක් හරි දෙයක් search කරාම වැටෙන Search results වල දකුණු පැත්තෙන් අපි ඒ search කරපු terms වලට අදාලව ChatGPT එකෙන් generate කරපු AI answer එකකුත් පෙන්නුම් කරනවා. දැන් මට මොකක්හරි පොඩි දෙයක් අමතක වෙලා මං ඒක google එකේ search කරාම සාමාන්‍ය විදිහට පෙන්නන search results වලට අමතරව ඒකට අදාළ ChatGPT answer එකක් එක්ක හොඳ explanation එකකුත් search results වලට දකුණෙන් වැටිලා තියෙනවා. ඒ නිසා බොහෝ දුරට මට ඒ වගේ පොඩි දේවල් search කරද්දී search results වල පෙන්නන Web Pages අස්සට ගිහිල්ලා ඒ ප්‍රශ්නෙට අදාළ උත්තරය හොයාගන්න දැන් අවශ්‍යතාවයක් නෑ. ඔයගොල්ලොත් මේ chrome extension එක install කරගෙන බලන්න.
    https://chrome.google.com/webstore/detail/chatgpt-for-google/jgjaeacdkonaoafenlfkkkmbaopkbilf

    how-to-create-a-toggle-state-in-react-Google-Search.png


    how-to-use-array-map-in-javascript-Google-Search.png


    මීට අමතරව තව මේකත් මෙතනම ලියලා දැම්මනම් හොඳයි කියලා හිතුනා. OpenAI එකෙන් openai කියලා Node.js Library එකකුත් release කරලා තියෙනවා.
    https://www.npmjs.com/package/openai
    මේක අපිට Open Source විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒක පාවිච්චි කිරීම සඳහා මුලින්ම අලුත් Node Project එකක් initialize කරගෙන පල්ලෙහා command එක terminal එකේ type කරලා openai npm package එක install කරගන්න.

    Bash:
    $ npm install openai

    දැන් ඔයගොල්ලොන්ට මේ package එක පාවිච්චි කරලා OpenAI එකෙන් offer කරන AI Features ඔයාලගේ Software Projects වලටත් implement කරන්න පටන්ගන්න පුළුවන්. මුලින්ම පල්ලෙහා තියෙන video එක බලලා ඉන්න. ඒකෙන් ඔයාලට openai package එකේ Basic AI Features ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන් වෙයි. ඒ video එකේ openai package එක පාවිච්චි කරලා Fully Functional AI Software project එකක් නිර්මාණය කරලා පෙන්නනවා.



    ඔයගොල්ලෝ මේ video එකෙන් තේරුම්ගන්න ඕනෙ දේ තමයි මේ වගේ AI software හදන්නෙත් ඔයාලා අපි වගේම normal Software Engineers ල / Machine Learning Experts ලම තමයි කියන එක. මොකද AI එකකට තනියෙන්ම හිතලා එයා වගේම තවත් AI ල නිර්මාණය කරලා තව තව වැඩියෙන් AI ල ප්‍රජනනය කරන්න තාම බෑනේ. එහෙම වෙන්න නම් AI කියන එකට විඤ්ඤාණය ( Consciousness ) පහල වෙලා තනියම හිතලා තීරණ ගන්න පුළුවන් වෙන මට්ටමටම ඒක දියුණු වෙන්න ඕනේ. හැබැයි බැරිවෙලාවත් AI කියන එක ඒ මට්ටමටම දියුණු වුනොත් එහෙම ඊටපස්සේ කෘතීම බුද්ධිය හා මිනිසුන් අතර යුද්ධයක් ඇති වෙනවා. එදාට තමා ලෝකේ ඊළඟ මහා නෂ්ට වීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ලෝකයේ ඊළග මහා නෂ්ට වීම සිද්ධ වෙලා ලෝකෙ විනාශ වෙන දවස වෙනකන්ම Software Engineers ලගෙ job එක සුරක්ෂිතයි. ඒ නිසා මේ openai package එකේ තියෙනවා වගේ AI Features හොඳට study කරලා, පුළුවන්නම් අලුතෙන් AI Models / Machine Learning Models නිර්මාණය කරන හැටි ගැන එහෙමත් study කරලා එව්වා භාවිතයෙන් අලුත් නිර්මාණ හදන්න උත්සාහ කරන එක තමා අපි දැන් කරන්න ඕනේ. ඒ වගේම මේ AI features පාවිච්චි කරලා IT නොවන වෙනත් fields වල common problems වලට AI solutions දෙන්න පුළුවන් ආකාරය ගැනත් හොයලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේ අලුත් AI trend එක නිසා ඇත්තටම වෙලා තියෙන්නේ Software Engineers ලගෙ demand එක අඩු වෙච්ච එක නෙමෙයි කියලා. මේ AI Trend එක නිසා ඇත්තටම වෙලා තියෙන්නේ companies වලට අලුතෙන් AI features implement කිරීම සඳහා Software Engineers ලව වැඩිපුර hire කිරීම නිසා එයාලගේ demand එක තව තවත් වැඩි වෙච්ච එක තමයි. කිරි සර්ලා මේ ගැන මොක ද හිතන්නේ කියලා පල්ලෙහායින් දාගෙනම යන්න. :D
     
    Last edited:

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    පල්ලෙහා video එකේ openai package එකයි, NodeJS and React Frameworks දෙකයි පාවිච්චි කරලා MERN Stack project එකක් හදලා පෙන්නනවා. ඒ හදන project එක ඇවිල්ලා Dall-E වගේ AI Image generate කරන්න පුළුවන් application එකක්.