Grade 5 scholarship - Share your old memories

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    අපි හැමෝම ලියල ඇතිනේ 5 වසර ශිෂ්‍යත්ව විභාගෙ.

    කියපල්ලා බලන්න උබලට විභාග දවසේ
    විභාගය ලියන වෙලාවේ
    ලියල ඉවරවුනාට පස්සේ


    :shocked: සිදුවුන විශේෂ සිදුවීම් :shocked:
    :baffled: අමතක නොවන සිදුවීම් :baffled:
    :P ආතල් මතකයන් එහෙම :P


    7_9e95e.jpg



    මං මුලින්ම කියන්නම් මං උඩ පැනගෙන ලියලා ඇවිල්ලා කිවුවා ඔක්කොම හරි කියලා. පස්සේ ඔය paper එක ගැන අම්මලා තාත්තලා යාලුවෝ කතා වෙන තැනකදි ඇහුන මං රචනාව ලියල තිබුනෙ දීල තිබුන මාතෘකාවට නෙවේ වෙනින් එහෙකට කියලා :rofl:

    තව දෙයක් පලවෙනි paper එක ලියලා හම්බෙන ඉන්ටවල් එකට කන්න හොද short eats ටිකකුයි milo එකකුයි අම්මා උදේ ගත්තා. ඉන්ටවල් එක වෙලාවට අම්මලට ඇතුලට එන්න දෙන්නේ නැති නිසා ගේට්ටුවෙන් බල බල හෙව්වා අම්මව හොයාගන්න බැරි වුනා කියපන්කෝ. දුකසේ බඩගින්නේ අනිත් එක ලියලා ආව :sorry::sorry:
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Rachanawa liwwe "amba yaaluwo" potha gena, hebey eeka liyala thiyenne T.B Ilangarathna kiyana nama amathaka una, eeta passe wena boru namak daala eya liwwe kiyala liwwa.
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mama pahedi love karapu kella mage peeliye hitiye enisa full fit eke leewa eki hena meter eka eeth result awahama mata 189 ekita 162 i ithin api eelaga awrudde wen una mokada mata Boys yanna una nisa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,153
    1
    57,191
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිස්සත්තෙ ගොඩදාගෙන අලුත් ඉස්කෝලෙට ගියාම පරණ ඉස්කෝලෙ සිස්සත්තෙ ෆේල් සෙට් එකකුත් ඇවිල්ල කියහන්කො.:shocked:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,745
    8,528
    113
    In Your Heart
    mama pahedi love karapu kella mage peeliye hitiye enisa full fit eke leewa eki hena meter eka eeth result awahama mata 189 ekita 162 i ithin api eelaga awrudde wen una mokada mata Boys yanna una nisa

    ammata siri awurudu 10 di :oo: api nam shape eke goda da gaththa . kiyanna tharam deyak na dan kale wage marigena padam kare na
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ammata siri awurudu 10 di :oo: api nam shape eke goda da gaththa . kiyanna tharam deyak na dan kale wage marigena padam kare na

    mama nam iskole arila awith welata gihin ihigedi alluwa dandi allada bothal wala demma. dan keduwa wewata gihin pansale diwl gahen dil keduwa owa thamai kale wibahgeta kalin dawase poddak ammata penenna padam kala
     

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    මටනම් එපා වුනා පලවෙනි පාර ලකුණු 125යි fail 135න් බැලුවේ. ඊට පස්සේ අම්ම re correction දැම්ම. එකෙන් ලකුනු 149කියල වෙනස් වෙලා ආව. ඒ කලේ 149න තමයි ගම්පහ බණ්ඩාරනායකෙට ගත්තේ 6 වසරේ එක term එකකට පස්සේ ඒකට ගියා. 5 වසර ශිෂ්‍යත්වෙ ගැනනම් මතක් කරද්දීත් එපා වෙනවා.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,723
    12,637
    113
    127.0.0.1:8080/Kandy
    Liyanna kalin nam patta baye thama giye. wediya mathaka na..

    liwwata passe results enakan baye hitiya.. results awa dawase primary eke principle results kiyanakota wewla wewla hitiye lol

    antimata 135 thama lakunu aran tibbe 105n da kohedo beluwe 150 ganakda manda wedima aran tibbe.

    kohoma hari eka goda dagatta gedarin foot bike ekak thama illuwe.. Rs10000ka savings ekak hambuna rekiya niyukthiyange bara kara aramudala da mokaddo ekakin
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    මම ලිව්වේ 1994. මම ශිෂ්‍යත්වෙ ලියන්න මාස 2 කට කලින් මට අනතුරක් වෙලා ඇඟිල්ලක් දරුණු විදියට තුවාල වෙලා ශල්‍යකර්මයකටත් යන්න වුනා, මම හිතුව මට ඒක බාධාවත් වෙයි කියල, ඒ වගේම ශිෂ්‍යත්වෙට කලින් තිබිච්ච පෙරහුරු ප්‍රශ්න පත්‍ර වලදි මට ගණන් වලට තිබුනෙ තිස් ගණන් ගොඩක් දුරට, සිහංල වලට පණස් ගණන් උපරිම. ඒ හින්ද මට ලොකු බලාපොරුතුවකුත් තිබුනෙ නෑ. කොහොම හරි මම මහන්සි වෙලා ලිව්වා. එදා අපේ ප්‍රින්සිපලුත් විභාග ශාලාවට ඇවිල්ල තිබුන මතකයි. මගේ අම්ම ගුරුවරියක්, එයත් වෙන විභාග මධ්‍යස්ථානයක වැඩ කරල තිබුන. එයා කොහොම හරි විභාගෙ ඉවර වෙනකොට ප්‍රශ්න පත්තරයක් අරගෙන හරි තිබිච්ච ප්‍රශ්න ටික ලියාගෙන ඇවිල්ල තිබුන මට හරියට මතක නෑ. පස්සෙ ගෙදර ඇවිත් ඒ ප්‍රශ්න වලට මම ගෙදරදි උත්තර දුන්නාම ශිෂ්‍යත්වෙ ෆේල් වෙන බවට ලකුණු තමයි තිබුනෙ (මට ලකුණු හරියට මතක නෑ) ඉතින් මම එදා ඇඬුව. පස්සෙ ඉස්කෝලෙට ලකුණු ආව. ඒකෙ එක කොලයක් මුලින් ගෙනාව ඒකෙ මගේ නම තිබුන් නෑ. තුන් හතර දෙනෙක්ගෙ නම් තිබුන. ඒ අය විතරයි ශිෂ්‍යත්වෙ පාස් කියල කියන කොට දුකක් දැනුන ඒත් ඇඬුවෙ නෑ මොකද මම පාස් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි කියල දැනුන නිසා. මෙන්න ඊලඟට තව ලිස්ට් එකක් ආව ඒකෙ තව කොල්ලො තුන් හතර දෙනෙක්ගෙ නම් තියෙනව. ඒකෙ මගේ නමත් තියෙනව ලකුණු 149, මට අදහගන්න බැරිවුනා. එදා අපේ පන්තියෙ හිටපු ෆේල් වෙච්ච කොල්ලො ගොඩක් ඇඬුව මට මතකයි, ඒ වැඩි හරියක් අයට පෙරහුරු ප්‍රශ්න වලට මටත් වඩා ලකුණු තිබුනා. ඒ දවසේ මට අම්මයි තාත්තයි පාවිච්චියට දීපු කාසි වලින් රුපියල් 10ක් වගේ ඉතිරි වෙලා තිබුන කියල මට මතකයි. මම සතුටටම ස්කූල් වෑන් එක එනකම් පහේ කිරි පැකට් එකයි, දෙකේ බීම පැකට් එකකුයි, රුපියලේ පැකට් එකකුයි බීල වෑන් එකේ ගෙදර ගිය හැටිනං තාම මතකයි.:D
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    1997 ලිව්වෙ රිසාල්ට් ආපු දවසෙ ඉස්කොලෙ රැස්වීමක් තියල පාස් උන්ගෙ නම් කිව්ව මගේ නම තිබ්බෙ නෑ. පස්සෙ නෝටිස් බෝඩ් එකෙන් බලද්දි ලකුනු 110යි 113න් තමා පාස් කලේ