Grade 5 scholarship - Share your old memories

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,636
    5,940
    113
    @ගෙදර
    Exam liyanna mese wadi wenna yanakota wenakota mage desk eke wena ekek.... :(
    mn hitagena indiya ppr bedana eka enakan wena karanna deyak na.
    ita passe ppr bedana kena awama name list eka check kara.Balinnam anith lamayge number eka thami mata dila tiyenne. :sorry:
    surname ekma nisa class teacherta waradila kiyala qwe.
    passe hari number eka hoyala mesyak dala mta ppr eka athata labenakota 15 min gihin.Liyala awa.139 pass kale a year eke.mata 138i..ahooo kedayaki...iraki....thithaki... :)
     
    :( :(
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම ලිව්වේ 1994. මම ශිෂ්‍යත්වෙ ලියන්න මාස 2 කට කලින් මට අනතුරක් වෙලා ඇඟිල්ලක් දරුණු විදියට තුවාල වෙලා ශල්‍යකර්මයකටත් යන්න වුනා, මම හිතුව මට ඒක බාධාවත් වෙයි කියල, ඒ වගේම ශිෂ්‍යත්වෙට කලින් තිබිච්ච පෙරහුරු ප්‍රශ්න පත්‍ර වලදි මට ගණන් වලට තිබුනෙ තිස් ගණන් ගොඩක් දුරට, සිහංල වලට පණස් ගණන් උපරිම. ඒ හින්ද මට ලොකු බලාපොරුතුවකුත් තිබුනෙ නෑ. කොහොම හරි මම මහන්සි වෙලා ලිව්වා. එදා අපේ ප්‍රින්සිපලුත් විභාග ශාලාවට ඇවිල්ල තිබුන මතකයි. මගේ අම්ම ගුරුවරියක්, එයත් වෙන විභාග මධ්‍යස්ථානයක වැඩ කරල තිබුන. එයා කොහොම හරි විභාගෙ ඉවර වෙනකොට ප්‍රශ්න පත්තරයක් අරගෙන හරි තිබිච්ච ප්‍රශ්න ටික ලියාගෙන ඇවිල්ල තිබුන මට හරියට මතක නෑ. පස්සෙ ගෙදර ඇවිත් ඒ ප්‍රශ්න වලට මම ගෙදරදි උත්තර දුන්නාම ශිෂ්‍යත්වෙ ෆේල් වෙන බවට ලකුණු තමයි තිබුනෙ (මට ලකුණු හරියට මතක නෑ) ඉතින් මම එදා ඇඬුව. පස්සෙ ඉස්කෝලෙට ලකුණු ආව. ඒකෙ එක කොලයක් මුලින් ගෙනාව ඒකෙ මගේ නම තිබුන් නෑ. තුන් හතර දෙනෙක්ගෙ නම් තිබුන. ඒ අය විතරයි ශිෂ්‍යත්වෙ පාස් කියල කියන කොට දුකක් දැනුන ඒත් ඇඬුවෙ නෑ මොකද මම පාස් වෙන්න තියෙන චාන්ස් එක අඩුයි කියල දැනුන නිසා. මෙන්න ඊලඟට තව ලිස්ට් එකක් ආව ඒකෙ තව කොල්ලො තුන් හතර දෙනෙක්ගෙ නම් තියෙනව. ඒකෙ මගේ නමත් තියෙනව ලකුණු 149, මට අදහගන්න බැරිවුනා. එදා අපේ පන්තියෙ හිටපු ෆේල් වෙච්ච කොල්ලො ගොඩක් ඇඬුව මට මතකයි, ඒ වැඩි හරියක් අයට පෙරහුරු ප්‍රශ්න වලට මටත් වඩා ලකුණු තිබුනා. ඒ දවසේ මට අම්මයි තාත්තයි පාවිච්චියට දීපු කාසි වලින් රුපියල් 10ක් වගේ ඉතිරි වෙලා තිබුන කියල මට මතකයි. මම සතුටටම ස්කූල් වෑන් එක එනකම් පහේ කිරි පැකට් එකයි, දෙකේ බීම පැකට් එකකුයි, රුපියලේ පැකට් එකකුයි බීල වෑන් එකේ ගෙදර ගිය හැටිනං තාම මතකයි.:D
    rupiyal 5ta kiri packet thibba kalekuth thibila ehenm
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    Exam එකට කලින් දවසෙ ටවුමට ගිහින් හොද පෑන් දෙකතුනකුයි (ලිව්වම සුවද එන පෑන් :rofl:), මකන අඩිරුල් අනංමනං ටිකක් ගත්ත.
    ඒ ටික ගෙදර එනකොට බස් එකේ අමතක වෙලා දාල ඇවිල්ල කියහන්කො. :sorry::sorry: අප්සට් මූඩ් එකේ Exam එක ලියන්න ගියෙ.
    ඒ උනාට Exam එක ඉහලින්ම පාස් උනා.
    ලකුණු 174.
    උදේ රැස්වීමෙදි ළමයින්ගෙ ලකුණු කියන්න කලින් අපේ හිටපු පන්තිබාර මිස් දුවගෙන ඇවිත් අපිට ලකුණු කිව්ව.
    ඉස්කෝලෙම Exam එකෙන් 1,2 (මම),3 තුන් දෙනාම මිස්ගෙ පන්තියෙ.
    එදා මිස් මාර හැපි එකේ හිටියෙ.
    :D:D
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    rupiyal 5ta kiri packet thibba kalekuth thibila ehenm

    ඔව් ඒක දැන් අපි 35 කිරි පැකට් එකට වඩා ටිකක් පොඩියි, හැබැයි ඒකට වඩා කිරි එක උකුයි, රසයි, පැකට් එකේ ගණකමත් වැඩියි ජාතිය මොකක්ද කියල නං දන්නෑ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :lol: සිස්සට්ඨ්වේ එක ප්‍රශ්නයක් තිබ්බා ලොජික් ප්‍රශ්නයක්..:P පැටර්න් එකක් දීල ඒ පැටර්න් එකට මැච් වෙන වචනය තෝරන්න...2008 සිස්සත්වේ අවුරුද්දේ :yes: එක මම කරේ නැහැ දන්නේ නැති නිසා :(

    විභාගේ ලකුණු එද්දී මම අසමත් :P පාස් මාක් එක තිබ්බේ 134, මට තිබ්බේ 133යි ලොල් :rofl:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඔව් ඒක දැන් අපි 35 කිරි පැකට් එකට වඩා ටිකක් පොඩියි, හැබැයි ඒකට වඩා කිරි එක උකුයි, රසයි, පැකට් එකේ ගණකමත් වැඩියි ජාතිය මොකක්ද කියල නං දන්නෑ.

    හෙහ් හේ කොත්මලේ කිරි පැකට් එක මතකද වැනිලා, චොක්ලට් ෆ්ලේවර් එක තිබ්බෙ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    :lol: සිස්සට්ඨ්වේ එක ප්‍රශ්නයක් තිබ්බා ලොජික් ප්‍රශ්නයක්..:P පැටර්න් එකක් දීල ඒ පැටර්න් එකට මැච් වෙන වචනය තෝරන්න...2008 සිස්සත්වේ අවුරුද්දේ :yes: එක මම කරේ නැහැ දන්නේ නැති නිසා :(

    විභාගේ ලකුණු එද්දී මම අසමත් :P පාස් මාක් එක තිබ්බේ 134, මට තිබ්බේ 133යි ලොල් :rofl:

    2008?? චූ කොල්ලෙක් නෙහ් :lol:
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    704
    113
    : ශ්‍රී ලංකා :
    මගෙ 148 යි බන්. 150 න් බැලුවේ.:baffled:
    ඉස්සර විභාගෙ ලියන්න කලින් 6,7 වස‍රවල් වල අයියල දිහා බලල හිතනවා,, කොහොමද යකෝ මුන් විභාගෙ පේල් වෙලා මෙච්චර සතුටෙන් හිනා වෙවී ඉන්නේ කියලා...:oo:
    6ට ගියාට පස්සේ තමා තේරුණේ මාසයයි දෙකයි හිතේ අමාරුව තියෙන්නේ කියල.:rolleyes:

    ශිෂ්්‍යත්වෙ පේල් උන නිසා ගැම්මට ඒ9 ක් ගත්තා ඕලෙවල් වල
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    mama pahedi love karapu kella mage peeliye hitiye enisa full fit eke leewa eki hena meter eka eeth result awahama mata 189 ekita 162 i ithin api eelaga awrudde wen una mokada mata Boys yanna una nisa

    ටහුකන්ඩ යකෝ 5දි ලවුත් කලාද ? :confused: අපි ඒ කාලෙ කෙල්ලො එක්ක එකට ඉඳගන්නෙත් නෑ :baffled: :sorry: :rolleyes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Oka nam pass 1999 exam kale 180 Colombo district 22 rank eka schoole highest mark habai term test wala man hamadama 2-3 1wennema teachers lage lamai ewunata unta lakunu awama wadima thibbe 164 class eke kollo mageth ekka fit arun ekka tharahai mawa kare thiyan building eka purama giya:cool:

    Habai ekale thibba pressure ekata mata igena ganilla epa wela thibune ita passe igena gattema na A/L wenakota nanantharai :baffled:aye hita gatta igena ganna ona kiyala technical college ekakin patan aran me dawasawala Colombo university eke msc ekak karanawa applied electronics
     
    Last edited:

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,318
    1,362
    113
    Colombo
    හොදට පාස් උනා. ඉස්කෝලෙන්ම සම වැඩිම ළකුණු 177. මගේ ළකුණු ගානම ගත්ත අනිත් එකා රෝයල් ගියා. මම ශිෂ්‍යාධාර ගන්න පෙරේත කමට ගමේ ඉස්කෝලෙම හිටියා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හොදට පාස් උනා. ඉස්කෝලෙන්ම සම වැඩිම ළකුණු 177. මගේ ළකුණු ගානම ගත්ත අනිත් එකා රෝයල් ගියා. මම ශිෂ්‍යාධාර ගන්න පෙරේත කමට ගමේ ඉස්කෝලෙම හිටියා

    ඇයි රෝයල් යන උන්ට ශිෂ්‍යාධාර දෙන්නෑ ? :eek: